local news

නිවසේ තනිව සිටි ඕමාරගොල්ලේ අම්මාට සිදු වූ දේ මෙන්න

ජීවිතේ කොයි වෙලාවෙද කොතැනද නතර වෙන්නෙ කියල අපි කවුරුත් දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ඉන්න කාලේ දරුවන් සමග සතුටින් ඉන්න ඕන. ඒ වගේම දරුවන්ගේ සරණක් නොමැතිව ගොඩක් දෙමාපියන් අද දුක් විදිනවා. මහළු මඩම්වල ඉන්න අම්මලා තාත්තලාගේ හිතේ කොයිතරම්නම් වේදනාවක් ඇතිද. ඒ මිනිස්සු කොච්චර පීඩනේකින් ජීවත් වෙන්නේ. කුඩා කාලයේ තම ඇකයේ තියන් හදා ගන්නා දරුවා මහලු වූ පසු මහළු මඩමට ගිහින් දාන එක කොයි තරම් නිගරු ක්‍රියාවක්ද. ඒ විතරක් නෙමෙයි තම දරුවන් සිටියද උපන් නිවස දමා යන්නට අකමැති දෙමාපියනුත් ඉන්නවා.

ගලේවෙල ඕමාරගොල්ල හතටුව ප්‍රදේශයේ නිවසක පිටුපස උදැල්ලක් මත සැකකටයුතු සිරුරක් සොයාගෙන තිබෙනවා. දීර්ඝ කාලයක් සැමියා නොමැතිව දරු තිදෙනෙකු සමග ජීවත් වූ මෙම කාන්තාව තම දරුවන් විවාහ වීමෙන් පසුව මෙලෙස නිවසේ තනිව ජීවත් වී තිබෙනවා. ඊයේ උදෑසන 8.30ට පමණ නිවසට පැමිණි හිතවතෙකු මෙම කාන්තාව නිවස පිටුපස වැටී ඇති ආකාරය දැක ප්‍රදේශවාසීන් හට දන්වා තිබෙනවා. මෙලෙස ජීවිතය අහිමි වී තිබුණේ ඒ.ජී ඇග්නස් වයස අවුරුදු 55ක තිදරු මවක්.

මෙම කාන්තාව පිලිබදව ස්ථාන පරීක්ෂාව අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සිදු කරනු ලැබුවා. ඉතින් තම දරුවන් ලග නොමැති මෙම මවට කුමක් වූවාද යන්න පිලිබදව ලොකු සැකයක් තිබෙනවා. ඒ කුමක් වූවාද කියා දැනගන්නට කිසිවෙකුත් නිවසේ නොමැති හෙයින්. ඉතින් වයස් ගත වන විට මහළු දෙමාපියන් දරුවන් ළග සිටියහොත් සතුටින් ජීවත් වෙයි යන අදහස අප කා තුලත් තිබෙන බව අපි කවුරුත් දන්නා දෙයක්.

Leave a Comment