local news

නිවසේ තනිව නිදා සිටි කාන්තාව කෙළසන්න වහලේ උළු ඉවත් කොට ගෙට පනින්න දැරූ තිරිසනාට අවසානයේ අත් වූ ඉරණම

සමාජයේ වැරදි කරන පුද්ගලයින් තමයි අද කාලයේ බෙහෙවින් දක්නට සිටින්නේ. ඔවුන් කරනා විවිධ අහිතකර දේ නිසා වන්දි ගෙවන්නට බොහෝ දෙනා සිටිනවා. අද කාලයේ තරුණ ප්‍රජාවට පාරක තොටක බැහැලා යන්න බැරි සමාජයක් තමයි බිහිවෙලා තියෙන්නෙ. ඇත්තටම එය සෝචනීය දෙයක්. මොකද එය සමාජය විසින් පිළිකුල් කරන ක්‍රියාවක්.

දූෂණ චෝදනා නම් දැන් මිනිස්සුන්ට සාමාන්‍ය දෙයක් වෙලා. එයට බෙහෙවින් ගොදුරු වන්නේ හයහතර නොදත් දරුවන්. ඉතින් ඒ තුළින් ඔවුන් මුළු ජීවිත කාලය පුරාවටම වන්දි ගෙවනවා. තරුණ පරපුරට අද සමාජය ලොකු බාධකයක් වෙලා තමයි තියෙන්නේ. ඒ විතරක්ම නෙවෙයි. වැඩිහිටි පුද්ගලයන්ට පවා මේ තිරිසන් සමාජය තුළින් කරදර පීඩා එල්ල වන්නේ ඉවරයක් නැතුවයි.

පසුගිය දිනක අපිට අහන්න ලැබුණා වැඩිහිටි කාන්තාවකට මෙම අසත්පුරුෂ මිනිසකු විසින් කරදරයක් සිදු වූ බව දැක්වෙන පුවතක්. යටකලාන ප්‍රදේශයේ තනිව නිවසක නිදා සිටි හැත්තෑ හැවිරිදි අවිවාහක කාන්තාවක් පසුගිය 26 වැනිදා රාත්‍රී වහලයේ උළු ඉවත්කර නිවසට ඇතුළු වූ පුද්ගලයෙකු විසින් දූෂණය කර ඇතැයි මාරවිල පොලීසිය පවසන්නේ.

අක්කර දෙකක පමණ ඉඩමක පිහිටි නිවසේ මෙම අවිවාහක කාන්තාව තනිව පදිංචිව සිටින කෙනෙකි. සහෝදරයින් අට දෙනෙකු සිටින අතර ඔවුන් වෙනත් ප්‍රදේශවල පදිංචිව සිට තිබේ.

සැකකරු පැමිණෙන අවස්ථාවේ මෙම කාන්තාව තද නින්දේ පසු ව ඇති බවත් මුහුණ රෙදි කඩකින් වසා තමාව දුෂණය කර ඇති බවත් පුද්ගලයා හඳුනා ගැනීමට නොහැකි වූ බවත් ඇය පොලීසියට පවසා තිබුණා.මෙම සැකකාර පුද්ගලයා නිවසට ඇතුළු වී තිබෙන්නේ වහලයේ උළු ඉවත්කර ඉවත් කර දමා. මෙලෙස දැඩි පරිශ්‍රමයක් යොදා නිවසට පැමිණෙන මෙම පුද්ගලයා කාන්තාව කෙරෙහි දැඩි ඇල්මක් දක්වන්නට ඇත්තේ ඇය නිවසේ තනිව සිටින නිසා බැව් දන්නා නිසයි.

මෙවන් වූ වයසින් මුහුකුරා ගිය කාන්තාවන්ට පවා මෙවැනි අසත් පුරුෂයන් ගෙන් කරදර පීඩා විඳින්නට සිදු වෙනවිට තරුණියන්ට කවර කතාද. ඇත්තටම මෙම සමාජයේ දියුණුව වගේම ප්‍රගමනයත් සමගම කාන්තාවට ඇති හිරිහැර පීඩා නම් නිමක් නැහැ. මෙහි වරදකරුවන් ඔවුන් ද නැත්නම් අපි ද. අද කාලයේ රූපවාහිනියක් පුවත්පතක් සමාජ ජාලය තුළින් ද අපිට බෙහෙවින් දක්නට ලැබෙන්නේ මේ යනාදි පුවත්මයි.

ඉතින් එය අනාගත දරු පරපුරට එල්ලවන ලොකු අභියෝගයක් බවත් එය මැඬලීමට තමාට පමණක් නොහැකි බවත් එය සමස්ත ජනතාවගේ ම කැපවීමෙන් යුක්තව සිදු කරන්නට ඕන දෙයක් නිසා අපි සියල්ලම නිවැරදි ආකාරයට ජීවත් වුවහොත් අනාගතයට පැහැදිලි දිශානතියක් සහිත රටක් බිහි වනවා නොඅනුමානයි.

Leave a Comment