local news

පෙම්වතිය නිරුවත් කර ඡායාරූප ගත් කොන්ද පන නැති පෙම්වතාගේ ඉරණම

දෙමාපිය අවසරය පවා නොමැතිව තරුණයින් ආදරය පටන් ගන්නේ මේ මුළු ලොවෙහි ඇති පිවිතුරුම ආදරය ඇත්තේ තමන්ගේ පෙම්වතා ගෙන් ලැබෙන බව සිතාය. නමුත් බොහෝ තරුණියන් අද කාලයේ විනාශ වන්නේ මේ ආදර සම්බන්ධයක් නිසා. එය බොහෝ තරුණ පිරිස් අතර සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙන්නෙ. ඉස්සර ආදර සම්බන්ධතා තිබුනත් මෙවන් විදියට සමාජය පිරිහිලා නම් තිබුණේ නැහැ. අද කාලයේ පොදු ප්‍රවාහන වල පවා දරුවන් සමඟ දෙමව්පියන්ට ගමන් කරන්නට බැරි තරම් මෙම තරුණ පෙම්වතුන් අනිසි විදිහට හැසිරෙනවා.

මෙය තමාට නොදැනීම තම ජීවිතය විනාශ වීමක් බව වැඩිහිටියෙකු දන්නා නමුත් එය තරුණ අවධියේදී තමන්ට දැනෙන්නේ සුන්දර දෙයක් කියා. ඉතින් ආදරය ගැන වරදක් දකින්නට තරුණ පිරිස හරි අකමැතියි. සැබෑ පෙම්වතුන් සිටින අතරම තම පෙම්වතිය රවටා ලැගුම් හල් වලට හල් වලට ගෙන යන කොන්ද පණ නැති පිරිමින් මේ සමාජයේ සිටිනවා.

ඔක්කම්පිටිය පොලිස් වසමේ පදිංචි තරුණියක් ලැගුම්හලකට කැඳවාගෙන ගොස් දූෂණය කර නිරුවත් ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි ඇයගේ සැකකාර පෙම්වතා මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු කොළඹ ප්‍රදේශයේ සැඟවී සිටියදී උපාය දූතයකු මගින් අදාළ තරුණිය ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුමක් ලබා දී ඔහු ඔක්කම්පිටිය ප්‍රදේශයට ගෙන්වාගෙන ඇති බවයි සඳහන් වන්නේ. එසේ පැමිණි අවස්ථාවේ දී මග රැක සිටි පොලිස් නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන්. මෙම සැකකරු ස්ත්‍රී දූෂණ ගණනාවකට සම්බන්ධ පොලිසියට අවශ්‍යව සිටි අයෙකු බව පරීක්ෂණවල දී අනාවරණය වුණා. ඔහු විසින් පෙම්වතියන් කිහිපදෙනෙකුගේ නිරුවත් ඡායාරූප, වීඩියෝ දර්ශන ලබාගෙන ඥාතීන්ට සහ අන්තර්ජාලයට මුදාහල බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසන්නේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බුත්තල පොලිසියට භාරදී තිබෙනවා.

මෙවන් වූ සතුරන්ගෙන් බේරී සිටීමට තරුණියන් බුද්ධිමත් විය යුතුයි. සමාජයේ ගැවසුනේ නැති වුවත් සමාජය පිලිබදව හොදින් අවබෝධයෙන් සිටිමින් ධෛර්ය සම්පන්න ලෙස නුවණැත්තෙකු විදියට ජීවත් වුවහොත් කාගේත් කරදරයට හිංසාවට භාජනය වන්නෙ නැහැ. ඉතින් අපි අද සිට අදිටන් කරගනිමු නිවැරදි ලෙස ජීවත් වී යහපත් පුරවැසියෙක් ලෙස සමාජයට දායද වීමට.

Leave a Comment