local news

පවුලෙම බර කරට ගත්ත ධෛර්යවන්ත පුතෙක්

සල්ලි වලින් කෙනෙකුගේ පොහොසත් කම මනිනවා නම් මොවුන්ද පොහොසතුන් ය. අවාසනාවකට කෙනෙකුගේ පොහොසත් කම මුදල් වලට වහල් වෙලා.
මේ කියන්න යන්නේ ලෝකයක් දිනවන්න රටක් රාජ්‍යයක් උනත් අල්ලන්න හපන්කම් කියන ධෛර්යවන්ත පුතෙක් ගැන. අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාතේ 316, තෙප්පන්කුලමග්‍ ග්‍රාමසේවා වසමේ පදිංචි වී සිටින තිස් හත් හැවිරිදි පී.වී නිලූකා හා හතළිස් පස් හැවිරිදි ඒ.එම්.චම්පික නිරෝෂණ යන දෙදෙනාගේ ආදරණීය කැදැල්ලේ දරුවන් පස් දෙනෙකුගෙන් යුක්තයි.

වයස අවුරුදු හය, අට, දහය හා දාහත් හැවිරිදි දරුවන් පස් දෙනෙකුගෙන් යුත් ආදරණීය පවුලක දෙමාපියන් වීමට මේ දෙදෙනා වාසනාවන්ත වී ඇත. ඔහු කුලී වැඩ කර ලැබෙන සොච්චම් පඩියෙන් මෙවැනි පවුලක් කොහොම ජීවත් වෙන්නද. පොල් කැඩීම, අතු කැපීම වැනි දේවල් කර දරුවන්ගේ කුස ගින්න නිවා දැමූ ඔහු වහලයකින් වැටී පාදයක් ආබාධ වී තිබුණි.

මෙවන් අවස්ථාවක දරු පැටවුන් පස් දෙනෙක් සමග එම මව කුමක් කර කියාගන්නද. දරුවන් බඩගිනි කියා කෑ ගසද්දී ඒ පියාට මොනවා හිතෙන්න ඇත්ද. නමුත් පවුලේ වැඩිමලා 17 හැවිරිදි නිශාද පසිදු ඉගනුම ලැබුවේ නිවත්තක චේතිය මහා විද්‍යාලයේ. අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී සම්මාන දෙකක් සහිතව විෂයන් හයක් සමත් විය. නමුත් වැඩි දුව අධ්‍යාපනය නවතා මල්ලිලා හතර දෙනා සමගින් අම්මා තාත්තා ජීවත් කරන්නට වැලි පැටවුවා, පොහොර පැකට් කරා. ඒ තම පවුලේ ආර්ථිකය ඉතා අඩු තත්වයේ සිටින නිසයි. තමන්ගේ හොඳම කාලේ පවුලේ බර කරට අරන් වැඩ කරන්න වුණු මේ දරුවාට කොයි තරම් නම් ශක්තියක් හිතේ ඇත්ද.

මුල් කාලයේ හරියට ඉන්න තැනක් වත් නැතිව බස් හෝල්ට් වල පවා ජීවත් වුණු මොවුන්ට මෙම මවගේ පියා ඔවුන් දැන් ඉන්න නිවසේ ඉන්න දුන් පසු කාලයාගේ ඇවෑමෙන් ඔහු ද මේ ලෝකය හැර යාමත් සමග ගෙවල් අයිතිකාරයන් ඔවුන් ව දැන් මේ නිවසින් එලියට දාන්න හදනවා.
කබලෙන් ලිපට වැටුණු මේ පවුලට ඉන්න තැනක් නොමැතිව කොහේ ඉන්නද. බඩට හරිහාමන් කෑමක් නැතිව ඉන්න බැරි තැන කුලී වැඩ කරන නිෂාද පසිදුට කරන වැඩයට සාධාරණ මුදලක් ගෙවන්නේ නෑ. වැඩක් අරන් කීයක් හරි දීලා යවන්නේ ඔවුන්ගේ නැති බැරි කමින් ප්‍රයෝජනය ගන්නද.
පසිදුගේ මව මල්ලිලා පාසලට දමා ඒ ගොස් පාසල පිරිසිදු කල විට සුලු මුදලක් ලබා දෙනවා. එයින් දරුවන්ට බෙහෙත් ටිකක් හරි අරන් දෙන්නේ. මොවුන්ගේ මේ අසරණකම් කියූ විට හැමෝම දරුවො ඉල්ලනවා හදා ගන්න. ඒත් අසරණ මිනිසුන්ටත් දරු දුක තියෙනවා. ඔවුන්ගේත් බලාපොරොත්තුව දරුවො ටික උස් මහත් කර ගන්න. දෙමාපියන්ට හිරිහැර කරන දරුවො ඉන්න මේ ලෝකේ ලෙඩින් ඉන්න තාත්තයි අසරණ අම්මයි මල්ලිලා හතරදෙනයි ජීවත් කරවන්න දඟලන මේ නිෂාද පසිදු මුලු මහත් සමාජයටම ආදර්ශයක්.

Leave a Comment