local news

බෑනත් එක්ක තරහට නැන්දම්මා දුව සාසනේට දීපු අමුතු කතාව

දෙදෙනෙක් විවාහ වෙන්නේ දරු පවුලකින් යුත් පුංචි කුටුම්භයක සතුට විදින්නයි. විවාහය කියන්නේ හැමෝම බලාපොරොත්තු වෙන ලස්සන ජීවිතයක ඇරඹුමයි. එසේත් නැතිනම් අලුත් පරිච්චේදයක නවමු ඇරඹුමක්.
එය සුන්දර කරගත යුත්තේ ආරම්භයේ සිටමයි. නැතහොත් එහි සුන්දරත්වය තාවකාලික වනු ඇතැයි ඇතැමුන් සිතන්නේ.
මේ විශ්මයජනක සිදිදිය සිදු වුනේ පොල්පිතිගම ප්‍රදේශයේ වයස අවුරුදු විසි නවයක් හා විසි දෙවැනි වියේ පසුවන තරුණයෙක් හා තරුණියක් පිලිබදවයි.
පෙම්වතුන් වී සිටි ඔවුන් දෙදෙනා පසුව දෙමාපිය අවසරයද නොමැතිව දෙදෙනාගේ තනි කැමැත්තට විවාහ වී තිබෙනවා. ඒ පසුගිය වසරේ අගෝස්තු මාසයේදීය. ඔවුන් ජීවත් වුනේ තරුණයාට කියා ඉදිකරගත් නිවසකයි.

ඉන් පසුව කාලය ගත වෙත්ම තරුණියගේ මව පවසන දේ සිදු කිරීමට ඔවුන්ට කියා සිටියත් ඊට දැඩි ලෙස විරුද්ධ වන තරුණයා ඒ සම්බන්දයෙන් කිසිම පියවරක් නොගනී. තමන් පවසන දේ සිදුකිරීමට බැරි බෑනාව දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකින නැන්දම්මා සිදු කලයුතු යමක් කල්පනා කරනවා.
බෑනාගේ මේ අකටයුතුකම් නිසාමත් තමා කියන දෑ සිදුකිරීමට සුදානම් නොවන බෑනා කෙරෙහි දැඩි කලකිරීමකින් යුතුව ඇය සිටි බව පොලිසිය කල මූලික පරීක්ෂණ වලින් හෙලි වෙනවා. මේ සම්බන්දව පොලිසියේ කරනලද පැමිණිල්ලකදී පොලිසිය සියලු දෙනා කැදවා සමතයකට පත් කර තිබෙනවා.

නමුත් බෑණාට උරන වූ තරුණියගේ මව ඔහුට පවා නොදන්වා දියණියව ආරාමයකට ගෙනගොස් එම මොහොතේම පැවිදි කර තිබෙනවා. ඇය මෙවන් වූ තීරණයක් ගන්නට ඇත්තේ තම දියණිය විදින් පීඩාවන් නිසා වෙන්න ඇති. එසේම මවක් නිතැතින්ම බලාපොරොත්තු වෙන්නෙ තමන්ගේ දියණිය සතුටින් ජීවත් වනවා දැකීම නිසා වෙන්නත් පුලුවන්.

ඒ කොහොම වුනත් එයට උරන වූ තරුණයා තම නීත්‍යානුකූල බිරිද තමාටත් හොරෙන්ම පැවිදි කරවීම සම්බන්දයෙන් නැවතත් පොලීසියෙහි පැමිනිලි සිදු කර තිබෙවා.
ඉන් අනතුරුව පැවිදි වී සිටින නවක මෙහෙණිය තමාගේ ගිහි ජීවිතයේ සිටි සැමියා ඇයට මෙහෙණි ආරාමයට පැමිණ බැන වැදුන බව පවසමින් පැමිණිල්ලක් කර තිබෙන්නේ තරුණයාගේ පැමිණිල්ල විභාග කරන්න ගිය අතර වාරයේදීය.
මේ සම්බන්ද සිද්දියට අදාල සියලු පාර්ශව කරුවන් කැදවා පරීක්ෂණයක් පැවැත්වීමට සූදානම් වූ පොලිසියට එය සිදු කරගන්නට නොහැකි වුනේ පැවිදි සිල් මතාව නොපැමිණි නිසයි.

මෙම සිද්දිය පිලිබදව ස්වාමීන් වහන්සේ නමක් ප්‍රාකාශ කර සිටියේ මේ ස්තානායේ අනවසරයෙන් ආගමික ස්තානයක් ඉදිකිරීමට සිදුකල බවය. එසේම සැමියාගේ අවසරයක් නැතිව විවාහක කාන්තාවක් මහණ කිරිමට නොහැකි බවත් දෙමාපිය අවසරයක් නොමැතිව දරුවන් මහණ කිරීමට බැරි බවත්ය. අනෙක් කාරණය තමයි අපරාදකරයෙක් ණයකාරයෙක් වගේම විවාහකයෙක් දික්කසාදය ලැබෙන තෙක් මහණ කිරීමට අවසර නැති බවයි.

ඒ අයුරින් මෙම සිදු කල නීතී විරෝදී සිද්දිය උත්තරීතර සංඝ සභාවම පිලිකුලෙන් යුතුව හෙලා දකින බවද උන් වහන්සේ වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා. මෙවන් වූ ක්‍රියාවන් සිදු නොවන ලෙස ජීවත් වීමට අපි සියලු දෙනා වග බලා ගනිමු.

Leave a Comment