local news

ඉඩම ලියා නොදුන්නැයි කියා තමා හැදූ වැඩූ නැන්දාට කල අරුම පුදුම දේ

වැඩිහිටියන්ට සැලකීම උතුම් ක්‍රියාවක්. ඉතින් අද සමාජයේ බොහෝ විට දක්නට ඇත්තේ වැඩිහිටියන්ට ගෞරව නොකරන සමාජයක්. එය එක සේ නො කරනවාමයි කියන්නත් බැහැ. ඒ මොකද වැඩිහිටියන්ට සලකන ගෞරව කරන පින්වත් දරුවනුත් මේ මිහිපිට ඉන්න නිසා. නමුත් අද කාලයේ බෙහෙවින් ම දක්නට ලැබෙන සිද්ධීන් සමග අපිට හිතන්නට පුළුවන් වැඩිහිටියන්ට නොසලකන පිරිහුණු සමාජයත් අද වෙනකොට බිහිවෙලා තියෙනවා කියලා.

මේ කියන්නේ එවැනි සිද්ධියක්. දෙමව්පියන් නොමැති දරුවෙකුට තම ඥාති නැන්දණියක් කිසිම අඩුවක් නොකර මේ පුතාට සලකනවා. මේ කතාව අහන්න තියෙන්නෙ මුල්ලේරියාව මීගහවත්ත ප්‍රදේශයේ. මුල්ලේරියාව මීගහවත්තේ පදිංචි තිස් හැවිරිදි තරුණ පුද්ගලයෙක් වන ඔහු මත්කුඩු ලෝලියෙකි. ඔහු අයිස් මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වී සිටින පුද්ගලයෙක්. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින කෙනෙක් වගේම කුඩා කාලයේ දෙමව්පියන්ගේ ආදරය නො ලැබුණු කෙනෙක්. ඔහුගේ මව මෙලොවින් සමු අරන්.

ඉතින් මවගේ වියෝවෙන් පසුව මව මෙන් ඔහු ඇති දැඩි කර ගෙන ඇත්තේ පියාගේ නැගණිය වන ඔහුගේ 72 හැවිරිදි නැන්දනිය විසින්. ඇය වයෝවෘද්ධ කාන්තාවක් සේම අවිවාහක කෙනෙකි. මෙම තිස් හැවිරිදි පුද්ගලයා ඇති දැඩි කළ මෙම වයෝවෘද්ධ කාන්තාව ට අයත් ඉඩමේ කොටසක් ඔහු මෙම කාන්තාව බිය කර මීට මාස කිහිපයකට පෙර විකුණා එම මුදලින් මත්කුඩු පානය කර තිබුණා.

තමා කුඩා කල සිටම මව මෙන් රැක බලා ගත් මෙම නැන්දනියට මොහු මෙලෙස හිංසා පීඩා කරන්නේ මොහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින පුද්ගලයෙක් නිසාම නොව. සමාජයේ ගුණධර්ම හැසිරීම මනාව නොදත් පුද්ගලයෙක් හෙයිනි. ඉතින් ඉඩමේ කොටස විකුණා ලබාගත් මුදල් අවසන් වීමෙන් පසුව නිවස විකිණීමට උත්සාහ ගත්තත් නිවස තම නැන්දනියගේ ප්‍රාණභුක්තිය යටතේ පවතින බැවින් ඔහුට එය සිදු කිරීමට නොහැකි විය.

එයට උරණ වූ මෙකී තිස් හැවිරිදි සැකකරු තම නැන්දණියට නිතර පහර දෙමින් ප්‍රාණභුක්තිය නොමැතිව ඔහුට මෙම නිවස සහිත ඉඩම ලියා දෙන ලෙසට තර්ජනය කර ඇත. කුඩා කල සිටම කවුරුත් නොසිටි මෙම පුත්‍රයාට මව මෙන් සැළකුව නැන්දනියට මේ කරන දේ සදාරණද. ඉකුත් දා දාහත් වැනි දින ඔහු තම නැන්දා සමග ආරවුලක් ඇතිකරගෙන ඇයට පහර දී නිවසටද ගිනි තබා තිබෙනවා. මෙය දුටු අසල්වාසීන් පොලිස් හදිසි ඇමතුම් අංශයට සිද්ධිය දැනුම් දීමෙන් පසුව මුල්ලේරියාව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිමල් සුසන්ත මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ගිනි නිවන හමුදාව ගෙන්වා නිවසේ ගිනි නිවා දමා තිබෙනවා.

අසල්වාසීන් මෙලෙස වහා ක්‍රියාත්මක වීම නිසා ගින්නෙන් පිලිස්සී ඇත්තේ නිවසේ තිබූ පුටු කිහිපයක් පමණක් ය. මෙම තිස් හැවිරිදි සැකකාර පුද්ගලයා තම නැන්දාට පමණක් නොව අසල්වාසීන්ට ද මත්කුඩු පානය කර හිරිහැර කරන බවට පොලිසියට පැමිණිලි ලැබී තිබුණා. මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිමල් සුසන්ත මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මායාදුන්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි. මෙම සැකකාර පුද්ගලයා මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව ද පොලිසිය පවසයි.
මවක් නොමැතිව මවගේ රැකවරණය නොඅඩුව ලබා දෙන තම ආදරණීය නැන්දාට මෙලෙස හිංසා පීඩා සිදු කිරීමෙන් මොහු කොයි ලොවක යන්නද. මෙම සිද්ධීන් දැක අපි ඒවායින් මිදී ලෝකයාට හිත සුව පිණිස ජීවත් වෙමු. එවිට සුන්දර සමාජයක් ගොඩ නැගෙනු ඇත.

Leave a Comment