local news

ඉතාලියේ දී තම දරුවන් අවසන් ගමන් යැවූ මව ගඟට පැන දිවි අහිමි කර ගනියි

අප රටෙහි සිටින මිනිසුන් දේශ දේශාන්තරවල ජීවත් වන්නේ නොයෙක් අවශ්‍යතාවන් නිසයි. සමහරක් රැකී රක්ශා සදහාද තවත් සමහරක් ඔවුනොවුන්ගේ විවිදාකාර ඕනෑ එපාකම් නිසා විදෙස් රටවල් වල ජීවත් වේ. තනි තනිවම වගේම දෙමව්පියන් දූ දරුවන් සමගම විදෙස් සංචාරයේ යෙදෙයි.
දෙමාපිය දූ දරු සම්බන්දය කියන්නේ වචනයෙන් කියන්න බැරි හරි අපූරු ආදර කතාන්දරයක්. ඒක හරි අපූරු බැදීමක්. උනහපුලු පැටියට තමන්ගේ දරුව මැනිකක් වගේ තමයි හැම අම්මෙක්ටම තමන්ගෙ දරුව මැනිකක්. ඉතින් ඒක ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න යන්න ඕන නෑ.
අද මේ කියන්න යන්නේ වෙනස්ම විදියේ කතාවක්. ඇත්තටම මේ වගේ දෙයක් අහන්න ලැබීම ගැන අපි කනගාටු වෙන්න ඕන. අද සමාජය ගොඩක් පිරිහිලා තියෙන්නෙ. ඒ නිසා තමයි මේ වගේ දේවල් අහන්න දකින්න ලැබෙන්නේ.

සචිත්‍රා නිසංසලා ප්‍රනාන්දු දේවේන්ද්‍ර කියලා කියන්නේ ලංකාවේ ඉපදුන තිස්තුන් හැවිරිදි කාන්තාවක්. පහුගිය ජනවාරි මාසයේ සිට ඇය තම එකොලොස් හැවිරිදි දියණිය හා තුන් හැවිරිදි දියණිය සමග ඉතාලියේ වෙරෝනා ප්‍රාන්තයේ පෝර්ටෝ සැන් ෆැන්ක්‍රාසියෙන් දිස්ත්‍රික්කයේ ජීවත් වුණා. සබැදි හා සදනි යනු ඒ හිරුබුහුටි දියනියන් දෙදෙනාය. ඒ දෙන්නා ඉපදෙන්නෙත් වෙරෝනාවෙමයි. පසුගිය ජනවාරියේ සිට ඔවුන් මීට කලින් සිටි ස්ථානය පිළිබඳව කිසිම පැහැදිලි කමක් නෑ.

පසුගිය විසි හය වැනි දින කවුරුත් නොසිතූ සිද්දියක් සිද්ද වුනා. මෙය ඇසූ මුලු වෙරෝනාවෙම හදවත් කම්පා වුනේ එය අනපේක්ශිත සිදුවීමක් නිසයි. ඒ තමාගේ දරුවන්ගේ අවසන් ගමන තමන් විසින්ම සිදු කෙරූ දරුණු මවක් පිලිබදවයි.

එදා හිරු පෑයුවේ වෙනදා වගේම මුලු ලෝකයටම එලිය දෙමිනි. නමුත් මේ වගේ අවාසනාවන්ත සිදුවීමක් අහන්නට ලැබෙයි කියා කවුරුත් හිතන්න නැතුව ඇති.
මෙම මවත් දියනියන් දෙදෙනාත් ජීවත් වුනේ නගර සභාවකට අයත් ප්‍රසිද්ද ස්තනයකයි. එහි වෙනදා වගේම දරුවන් පාසල් යාමට නිවසින් පිටතට එන තෙක් බලා සිටින නිවාස භාර සමූපකාර සමිතියේ නිවාස භාර ක්‍රියා කරු ඔවුන් පරක්කු මොකද කියලා බලල තියෙනවා. ටික වෙලාවක් බලල බැරි තැන මේ නිවාසභාර ක්‍රියාකරු ගේ ඇතුලට ගිහින් බලනකොට සදනියි සබැදියි රෑ ඇදගෙන හිටපු ඇදුම් පිටින්ම ඇද උඩ වැතිරිල ඉන්නවා.

බාහිරින් බලපුවහම වෙනසක් පේන්න තිබුනෙ නැතත් ඒ දෙන්නා හුස්ම ගන්නේ නැති බව මේ නිවාසභාර ක්‍රියාකරු දැකලා තියෙනවා. එයා ඒ විගස ම අසල්වැසියන්ටත් පොලිසියටත් දැනුම් දීල තියෙන්නේ.
ඉන්පසු එතනට පැමිණි හදිසි මරණ පරීක්ශකවරයාට ඔහූගේ විමර්ශනය තුලදී දියනින් දෙදෙනාගේ හුස්ම හිරකර මෙය සිදු කරැයි සොයා ගැනීමට හැකි වුණා. එහි පලමු සැකකරු ඒ අම්මා වුවත් ඇය එ වන විට නිවසේ ඇති ජනේලයකින් පලා ගොස් ඇති බව සැකකරනවා.

මෙහි සදහන් වන සැකකාර මව තම සැමියා සමග විරසක වී වෙනම ජීවත් වී ඇති අතර එම පුදගලයාද එය දැනගෙන් තිබෙන්නේ සමාජ මාද්‍ය තුලිනි. මේ සිදුවීම රට පුරා පැතිරීමට ඒ තරම් කාලයක් ගියේ නැත. එම සැකකාර මව සොයා ගැනීමට පොලිසිය, ගිනි නිවන භටයින්, සිවිල් ආරක්ශක සේවකයින්, පුහුණු සුනකයින්, ඩ්‍රෝන යානා වගේම කිමිදුම්කරුවන් ද ඉතාලි රජය යොදා තියෙනවා.
නමුත් බොහෝ දෙනෙක් අතර කතා බහට ලක්වී තිබෙන්නේ එම සැකකාර කාන්තාව ගගට පැන ඇගේ ජීවිතයද අහිමි කරගත් බවයි.

.

දරු සම්පත කියන්නේ මේ ලෝකේ සුවහසක් දෙමාපියන්ගේ එකම අපේක්ශාව වෙනකොට තවත් කෙනෙක් එය විනාස කරන්නේ එහි අගය නොදන්නවා වගෙයි. ඉතින් මේ වගේ දේවල් මින් ඉදිරියට අපිට අහන්න දකින්න ලැබෙන්න එපා කියලා අපි සියලු දෙනා ප්‍රාර්ථනා කරමු. දරු සම්පත සුරැකීමට අපි සැවොම වග බලා ගනිමු.

Leave a Comment