local news

මිතුරියගේ ඉල්ලීමට ඇයව මුදලට විකුණා වැඩ වරද්දාගත් යෙහෙළිය

කාන්තාවන් මුදලට අලෙවි කරන ස්ථාන අද කාලයේ බොහෝ සෙයින් දැකගන්නට හැකි වේ. එය නීති විරෝධී ක්‍රියාවක් නිසා හොර රහසේ එය සිදු කරගෙන යනු ලබයි. එබැවින් මෙවැනි ස්ථාන අද සමාජයේ කොපමණක් තිබුනද එය කිසිවෙකුත් නොදැන සිදු කර ගෙන යනු ලබන්නේ නීතියට පටහැනි ක්‍රියාවක් නිසයි.

මත්තේගොඩ නිවාස සංකීර්ණයේ පිහිටි නිවසක කලක පටන් පවත්වාගෙන ගිය කාන්තාවන් මුදලට අලෙවි කරන ස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් දෙදෙනෙකු මත්තේගොඩ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

එ අතර එම නිවස හිමි කාන්තාව සහ මුදලට අලෙවි වන කාන්තාවද සිටින බවයි පොලිසිය පැවසූවේ. මොවුන් දෙදෙනා ඉතා සමීප හා කුළුපග මිතුරියන් වන අතර මුදලට අලෙවි වන කාන්තාවගේ ඉල්ලීම මත මත්තේගොඩ නිවාස සංකීර්ණයේ පිහිටි මෙම නිවස ලබාගෙන කලක පටන් මෙම ජාවාරම කරගෙන ගොස් තිබේ.

පැමිණෙන එක් පුද්ගලයෙකුගෙන් පැයකට රුපියල් 3000ක මුදලක් ලබාගෙන තිබෙන අතර නිවස හිමි කාන්තාවට ඉන් රුපියක් 500ක මුදලක් ලබා දී ඇතැයි පැවසේ. මත්තේගොඩ පොලිසියට මේ පිලිබදව ලද තොරතුරක් මත වැටලීමකදී මෙම කාන්තාවන් අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවත් එම අවස්ථාවේ දී ද ඔවුන් පුද්ගලයෙකුගේ පැමිණීම අපේක්ෂාවෙන් සිට ඇති බවත් වාර්තා වේ.

මෙම ස්ථානය කුඩා නිවසක් වන අතර එහි ඉඩකඩ ඇති පරිද්දෙන් තවත් කාන්තාවන් ගෙන්වා පුද්ගලයන්ට අලෙවිකර ඇතැයි පොලිසිය සදහන් කරයි. අත් අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Comment