local news

මාතර රෝහලේ මිනී කාමරයට එන විෂඝෝර සර්පයින් කරන දේ

මාතර රෝහල එම ප්‍රදේශයේ රෝගීන් ඖෂධ ලබා ගැනීම සඳහා යන ප්‍රසිද්ධ රෝහලක්. එම රෝහලේ මෘත ශරීරාගාරය තුළට රිංගා සිටින නයි, ගැරඬි, මීයන්, කැරපොත්තන් , තලගොයි හා කබරුන් ආදී සතුන්ගෙන් බොහෝ කරදර විදින්නට සිදු වේ. ඒ මළසිරුරු කා දැමීම නිසා. ඒ සම්බන්ධයෙන් මල්ශාලා සේවකයන් හා මියගිය පුද්ගලයන්ගේ ඥාතීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටිති.

එයට හේතුව මෘත ශරීරාගාරයේ යකඩ දොර කැඩී අබලන් වීම නිසා මෙකී ඉහතින් සඳහන් කළ සත්ත්වයන් මෘත ශරීරාගාරය තුළට රිංගනවා.
මළ සිරුරු වල කන් නාසය ඇතුළු අවයව මීයන් හා කබරුන් ඇතුළු සතුන් සපා කා තිබූ බවද මල් ශාලා සේවකයින් පවසනවා. මේ පිළිබඳව මාතර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ ඉහළ නිලධාරියෙක් ගෙන් විමසූ විට කියා සිටියේ යකඩ දුර අබලන් වීම ඊට හේතු වී තිබෙන බවත් රෝහල් බලධාරීන් අවස්ථා කිහිපයකදීම ඒ පිළිබඳව දැනුවත් කර තිබෙන බවත් ය.

Leave a Comment