local news

අනියම් පෙමක් නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ මාතලේ යුවළ

අද කාලයේ තරුණ පිරිස අතර වැඩියෙන් ආකර්ෂණය වන මාතෘකාවක් තමයි ප්‍රේම සබඳතා කියලා කියන්නේ. ඉතින් මේ සමාජයේ ලොකු කුඩා කොයි කවුරුත් දන්න ප්‍රේම සබඳතාවයක් නිසා සමහරක් වෙලාවට අධ්‍යාපනය ලබන සිසුන්ගේ අධ්‍යාපනය පවා කඩාකප්පල් වන හේතු සාධකයක් වනවා. බොහෝ විට වැඩිහිටියන් අතරද මෙම ප්‍රේම සබඳතාවයන් බහුලව දැකගත හැකියි. ප්‍රේම සබඳතාවය සාමාන්‍ය දෙයක් විදියට ගත්තත් වැඩිහිටියන් තුළ බෙහෙවින් දක්නට දෙන්නේ අනියම් ප්‍රේම සබදතායි.

අසරණ දරුවන්ගේ ජීවිත පවා අකාලයේ විනාශ වන්නේ වැඩිහිටියන් තුල ඇතිවන මෙවැනි අනියම් ප්‍රේම සබදතා නිසයි. එවැනි ප්‍රේම සබඳතාවයක් නිසා අකාලයේ ජීවිතයෙන් සමුගත්ත යුවළක් ගැනයි මේ කියන්න යන්නේ.

මාතලේ ඇල්කඩුව ප්‍රදේශයේ ලදු කැලෑවක තිබී කාන්තාවකගේ සහ පිරිමි පුද්ගලයෙකුගේ සිරුරු දෙකක් ලද තොරතුරක් අනුව ඊයේ දිනයේදී සොයා ගත් බව පොලිසිය පවසයි.

ප්‍රදේශයේ දර කැඩීමට ගිය අයකු විසින් මෙම සිරුරු දෙක දැක පොලිසියට දන්වා ඇති අතර දින කිහිපයකට පෙර දෙදෙනා විසින් වස පානය කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වුණා. මෙලෙස ජීවිතයෙන් සමුගත්තේ ඇල්කඩුව හුණුගල පාර පදිංචි අජිත් කුමාර නැමති 40 හැවිරිදි විවාහක එක් දරු අයෙකු බවත් අනෙක් කාන්තාව ඇල්කඩුව වත්ත හපුවිද කොටසේ පදිංචි ජේ. විජයකුමාරි 31 හැවිරිදි විවාහක කාන්තාවක් බවද මේ වන විට හදුනාගෙන ඇති බවද පොලිසිය පවසයි.

අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් මත මෙය සිදු ව ඇති බව පරීක්ෂණවලදී හෙළිවී ඇති බවද පොලිසිය පැවසුවා. මෙම සිරුරු පිලිබදව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර මාතලේ මුලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. අනියම් ප්‍රේම සබඳතාවයක් නිසා අකාලයේ ජීවිතයෙන් වන්දි ගෙවන්නට මේ දෙදෙනාට සිදු වූවා. නිවැරදිව ජීවත් වූවානම් මෙවැනි දේ සිදු නොවෙන්නට තිබුනා.

Leave a Comment