local news

මන්නාරම් කලපුවේ තිබී හමුවූ කාන්තා මල සිරුරේ ඇත්ත කතාව

ආදරේ කියන්නේ වචනයකට පමණක් සීමා නොවුණු උත්තරීතර හැඟීමක්. දෙදෙනෙක් ආදරය කරනවා කියන්නේ අනිත් කෙනා අයිතිකර ගැනීම නොවේ. දුර ඉඳන් වුවත් ආදරය කළ හැක්කේ ඇත්තටම ආදරය කරන අයටයි.
ආදරය කරන පෙම්වතුන් අතර විවිධ රණ්ඩුසරුවල් ඇතවේ. ඒ වගේම හිත් අමනාපකම් ඇති වේ. අනෙකා වැඩියෙන් ම හොයා බැලුවත් සැකයක් ඇති වුවත් පුංචි දේකට පවා රණ්ඩු ඇති කර ගන්නේ ආදරේ නිසයි. පෙම්වතුන්ව සිට පසුව එක වහලයක් යටට යන දෙදෙනෙක් ඉවසීම අතිශයින් ම ප්‍රගුණ කළ යුතුයි. එසේත් නැතිනම් ඔවුන්ට තම ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවේ. තම පවුල් ජීවිතය අසාර්ථක වේ.
යාපනයේ පදිංචි 23 හැවිරිදි තරුණියක් තම පෙම්වතා සමගින් පසුගිය බ්‍රහස්පතින්දා මන්නාරම නගරයට පැමිණ තිබෙනවා. එහි දී ඔහු සමඟ ඇතිකරගත් ආරවුලකින් පසු ඇය පාලමෙන් පහළට පැන දිවි හානි කර ගෙන තිබෙනවා. පොඩි වචනයකින් වුණත් දෙන්නෙක් දෙපැත්තකට කරන්නට හැකියාවක් තිබෙනවා. එම නිසා වචනයක් කතා කරන්නට පෙර දෙ තුන් වතාවක් සිතා බැලිය යුතුයි.

මෙලෙස දිවි හානි කර ගත් බවට සැලකෙන මෙම තරුණියගේ සිරුර මන්නාරම නගරයට පිවිසෙන ප්‍රධාන පාලම අසල කලපුවේ තිබිය දී සොයා ගැනුණා. ඇයගේ සිරුර මේ වන විට මන්නාරම රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි.
ප්‍රශ්න වලදී එම ප්‍රශ්න වලින් පැන ගොස් සිය දිවි නසා ගැනීම ඉතා අනුවණ ක්‍රියාවක්. කාන්තාවක් වශයෙන් තම පවුල තුළින් දී ද යම්කිසි යම් කිසි ගැටලුවක් ඇති වුවහොත් එයින් පැන නො ගොස් අභියෝගාත්මක ලෙස එයට මුහුණ දීමයි සැබෑ කාන්තාවකගේ වීරත්වය. ඉතින් ජීවිතය කියන්නේ ප්‍රශ්න ගැටලු බොහෝමයක් හමුවන තැනක්. ජිවත් වෙනවා කියන්නේ එම ප්‍රශ්න ගැටලුවලට අභියෝග ව මුහුණ දීමයි. ප්‍රශ්න නැති මිනිසුන් මේ ලෝකේ නැහැ. සල්ලි තිබුණත් ප්‍රශ්න නැතත් ප්‍රශ්න ආදරය නැතත් ප්‍රශ්න තිබුණත් ප්‍රශ්න මේ සියලු දේ තුළින් ම පෙනෙන්නේ මේ මුළු සමාජයේ ම ජීවත් වෙනවා කියන්නේ ප්‍රශ්නයක් ම තමයි. එබැවින් ප්‍රශ්න පැන නැගුණු විට ඒවා ගෙන් පළා ගොස් ජීවිතය අහිමි කර ගන්නවා වෙනුවට ඒවට මුහුණ දී දිරිමත් කාන්තාවක් ලෙස ජීවත් වෙමු.

Leave a Comment