local news

පාරෙන් පැන මහවැලි ගඟට වැටුණු මෝටර් රියේ තිබුණු දේ අඩි 30ක් ගැඹුරු මඩේ තිබී හමුවූණා

මේ දිනවල රිය අනතුරු බොහෝමයක් දැකගන්නට හැකි වනවා. ඒ රියදුරන්ගේ නොසැලකිල්ල වගේම රියදුරුට නින්ද යාම වැනි අහඹු සිදුවීම් තුළිනුත් මෙවැනි විපත්තීන් සිදු වනවා. එක් අතකට රියැදුරුගේ නොසැලකිල්ල හේතුවෙන් තවත් පවුලක සතුටයි අහිමි වෙන්නේ. එය ඉතා කනගාටුදායක් සිදුවීමක්. ඒ වගේම එක් අයෙක් කරනා වැරදි වැඩ නිසා දහසක් දෙනා දුක් විදිනවා.

මේ දිනවල රිය අනතුරු බහුලයි. ඒ තුලින් මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් විනාශ වෙනව. වැලිසර මහබාගේ රිය අනතුරත් එවැනි බිහිසුණු අනතුරකි. ඒ වගේම ඊයේ දිනයේදී අහන්න ලැබුණු අනතුරත් කාගේත් සිත් දුකට පත්කරවන අනතුරකි.
මහනුවර ගුරුදෙනිය මාර්ගයේ ඉළුක්මෝදර ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන මහවැලි ගඟට වැටුණු මෝටර් රථයේ සිටි පුද්ගලයාගේ සිරුර නාවික හමුදා කිමිදුම් අංශයේ භට කණ්ඩායමක් විසින් ඊයේ දිනයේ දී පස්වරු 3.00 ට පමණ සොයා ගැනුණා.

ගඟට වැටී තිබූ මෝටර් රථය දැඩි පරිශ්‍රමයක් දරා පැය දාහතරක පමණ මෙහෙයුමකින් පසුව ගොඩගත් අතර රථයෙහි සිටි පුද්ගලයාගේ සිරුර රථය තුළ නොතිබීම නිසා නාවික හමුදා කිමිදුම් කණ්ඩායම නැවත එම සිරුර සොයා මෙහෙයුමක් ආරම්භ කළා. වාහනේ පසුපස අසුනේ සිටි බව කියන එම තැනැත්තාගේ සිරුර අඩි තිහක් පමණ ගැඹුරේ මඩ අතර සිර වී තිබී පසුව සොයා ගැනීමට හැකි වූ බව ද නාවික හමුදාව පැවසුවා.

මහවැලි ගඟේ තැන්නෙකුඹුර වික්ටෝරියා ජලාශය ආශ්‍රිත ප්‍රදේශයට ඇද වැටුණු මෙම මෝටර් රථය අඩි 40ක පමණ ගැඹුරේ තිබී සොයා ගැනීමෙන් පසුව ගොඩගනු ලැබුණා. මෝටර් රථයේ රියදුරු සහ තවත් අයෙකු මෙම අනතුරින් දිවි ගලවා ගත් අතර ඔහු ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටියා.

පසුව පොලිසිය විසින් රියදුරු සැකපිට අත්අඩංගුවට ගනු ලැබුණා. කුණ්ඩසාලය ප්‍රදේශයට ගොස් ආපසු ගුරුදෙනිය බලා ගමන් ගනිමින් සිටියදී 26 වෙනිදා වෙනි දා රාත්‍රී ඉලුක්මෝදර ප්‍රදේශයේ දී පාරෙන් ඉවතට පැන මහවැලි ගඟට පෙරළුණු මෝටර් රථයේ සිටි තිදෙනාගෙන් දෙදෙනෙක් දිවි බේරාගෙන ගොඩට පැමිණ සිටියා. ගුරුදෙනිය ප්‍රදේශයේ පදිංචි අමිල ඒකනායක නමැති අයෙකු අනතුරින් දිවි අහිමි වී තිබුණා. දියේ ගිලී අතුරුදන්ව සිටි පුද්ගලයා සහ මෝටර් රථය පසුව මෙසේ ගොඩගනු ලැබුණා. අනතුර පිළිබඳව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක මහතාගේ උපදෙස් පරිදි පරීක්ෂණ පැවැත්වෙනවා.

රිය අනතුරු නිසා අහිමි වන මිනිස් ජීවිත ප්‍රමාණය දැන්නම් දිනෙන් දින ඉහළ යනු ඇතැයි ඇස්පනාපිටම සාක්ෂි දරනවා. එය සැබැවින්ම ඛේදවාචකයක් සේයි. මෙය උග්‍ර වුවහොත් මුළු ලංකාවක් විනාශ වනවා. එම නිසා ඉවසිලිවන්ත වී වැඩ කටයුතු කළහොත් තමාට මෙන්ම අනුන්ටත් ජීවත්වීමේ වරම ලැබෙනු ඇත.

Leave a Comment