local news

පුංචි තිරයේ දුෂ්ටයා වගේම සටන්කාමීයා කුමාර රණේපුර මහතා අද ජීවිත ගමනෙන් සදහටම සමුගනී

දශක ගණනාවක් පුරාවට සිය රංගන දායකත්වය දායකත්වයෙන් කලා කෙත පෝෂණය කෙරූ අග්‍රගන්‍ය රංගන ශිල්පියෙක් තමයි කුමාර රණේපුර කියන්නේ. සටන් නළුවෙකු විදිහට එතුමන් කා අතරත් අතිශයින් ප්‍රසිද්ධයි. කාගෙත් ආදරයට වගේම කතාබහට ලක්වුණු එතුමා මීට සුලු මොහොතකට කලින් අප අතරින් සදහටම සමු අරන් තිබෙනවා. ඒ ගැන සඳහන් කරමින් ප්‍රවීණ ඡායාරූප ශිල්පී, ගී පද රචක, ගායන ශිල්පියෙක් වන දයාන් විතාරණයන් එතුමන්ගේ මුහුණු පොතේ කුමාර රණේපුර මහතා වෙනුවෙන් සිය ශෝකය පළ කළා.

“ආදරේ දිනූ රණකාමියා කුමාර රණේපුර ජීවන සටන අත්හරී
ප්‍රවීණ චිත්‍රපට ටෙලිනාට්‍ය චරිතාංග රංගන ශිල්පියෙකු වන කුමාර රණේපුර අද දින සිය ජීවන ගමන නිමා කළා. සටන් නළුවෙකු හා දුෂ්ටයෙකු ලෙස තිරයේ බහුලව රැඟුම් පෑවද ඔහු සැබෑ ජීවිතයේ ඉතා යහපත් තැනැත්තෙක්. කලු සුදු මල් චිත්‍රපටයෙන් සිනමාවට අවතීර්ණ වූ ඔහු ජොලි හලෝ, තුෂාරා , ධවල පවුර, රජ හොරු, උලත් එකයි පිලත් එකයි, ප්‍රවේගය සහ ගෝරි වැනි චිත්‍රපට රැසක රංගනය සිදු කළා.

පසුගිය කාලයේ සිදුවුනු අනතුරකින් පස්සේ සුසුම්නාව සම්බන්ධව ඇතිවුණු ආබාධයකින් ඔහු ඔත්පලව ගිලන් වූ ඇති අතර අප සැමගේ සිත් ප්‍රාර්ථනා හමුවේ ඔහුට පූර්ණ සුවය ලබන්නට අපි සැවොම එක්ව පැතූ වාර ගණන බොහෝමයි. එහෙත් වටිනා මිනිසුන් රැසක් එක පෙළට සමුගෙන යන නිමේෂයක ඔහු තම ජීවිත සටන අදින් අතරමඟ නවතා දමා මෙලෙසින් නික්මයාම ශෝකයකි.
ඔහුගේ පවුලේ ඥාතීන් හට මාගේ සාතිශය සංවේගය පතන අතරම නිවනේ දොරටු වැඩි ඈතක නොවන්නට ඔහු වෙනුවෙන් පිංපෙත් පමුණුවමි” යනුවෙන් දයාන් විතරණයන් තම මුහුණු පොතේ සටහනක් පළ කලේ.

ඉතින් දශක ගණනාවක් තිස්සේ රංගන දායකත්වයෙන් කලා කෙත පෝෂණය කරපු ප්‍රවීණ රංගධර කුමාර රණේපුර මහතාට අපි නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමු.

Leave a Comment