local news

කොත්තු රොටියට රණ්ඩු කල තරුණයා මෝල්ගස් පහරින් දිවි අහිමි කර ගනියි

සමාජය පිරිහිලා තියෙන්නෙ මිනිසුන්ට මිනිසුන් ව පේන්න බැරි වෙන ගානටයි. සියල්ලෝ ම එක් වූ විට රටක් ගොඩ නැගෙනවා නොව රටක් විනාශ වෙනවා. මෙලෙස මිනිසුන් සමාජය තුළ හැසිරෙන ආකාරය ඉතාම ඛේදනීය තත්ත්වයක්. මිනිසුන් තුළ ඇති වන හදිසි කෝපය ඔවුන්ගේ ම ජීවිතය ඔවුන්ට අහිමි වනවා නොවේ ද. ඉතින් සමාජයේ මිනිසුන් සමග ගනුදෙනු කිරීමේ දී ඉතා ඉවසිලිවන්ත ලෙසත් බුද්ධියෙන් සිතා බලා කටයුතු කිරීම තමන්ගේ මෙන්ම අනුන්ගේ ද අභිවෘද්ධිය සඳහා උපකාර වෙනවා.

අද මේ කියන්න යන්නේ හදිසි කෝපය නිසා තරුණ ජීවිතයක් අහිමි වූ කෙනෙක් පිළිබඳවයි. මේ සිද්ධිය සිදු වන්නේ බද්දේගම ප්‍රදේශයේ. එකී තරුණයා බද්දේගම නගරයේ පිහිටි අවන්හලකට පැමිණ එන්නේ තමාට සහ තම පවුලට රාත්‍රි ආහාරය සඳහා කොත්තුවක් මිල දී ගැනීමටයි.

එහි දී අවන්හල් හිමියා කොත්තුව සකස් කරන තුරු සිටීම හෝ අවසානයේ අවන්හල් හිමියා විසින් කොත්තුව ලබා දෙන අවස්ථාවේ දී එහි ප්‍රමාණය කුඩා යැයි පවසා තිබෙනවා. ඔවුන්ට රාත්‍රි ආහාරය සඳහා දෙ තුන් දෙනෙකුට සෑහෙන ප්‍රමාණයක කොත්තුවක් සකස් කර දෙන ලෙසත් එය වෙනදාට වඩා කුඩා වී ඇති බැවින් තරුණයා කෝපයට පත්ව තිබෙනවා. ඊයෙ ඔහුට ලැබුණු කොත්තුව එක් කෙනෙකුටත් මදි තරම් බවත් තමන් ගෙවන මුදලට සාධාරණ ලෙස ප්‍රමාණයෙන් යුතු කොත්තුවක් ලබා දෙන ලෙසත් තරුණයා අවන්හල් හිමියාට පවසා තිබෙනවා.

එයට උරණ වූ අවන්හල් හිමියා තරුණයා ට පවසා ඇත්තේ මේ දිනවල පවතින ගෑස්, පිටි ඇතුළු අනෙක් කළ මනා වල මිල ඉහළ යාම නිසා කොත්තුවේ ප්‍රමාණය අඩු කර ඇති බවත් නමුත් එය සාධාරණ මිලකට අලෙවි කරන බවත් ය.

මෙලෙස තරුණයා හා අවන්හල් හිමියා අතර දිගින් දිගටම බහින්බස් වීමක් ඇතිවිය. නිවසේ සිටින මිනිසුන් ප්‍රමාණයට මේ කොත්තුව මදි බව පැවසූ අවස්ථාවේ අවන්හල් හිමියා පවසා ඇත්තේ එපා නම් කොත්තුව තියලා යන්න ලෙසයි. එහිදි තරුණයා කෝපයෙන් ම කොත්තුව රැගෙන ගොස් නැවත අවන්හල වෙත ආවේ අවන්හල් හිමියා සමඟ ඇති දැඩි කෝපය ඉහවහා ගිය නිසයි.

මෙලෙස නිවසට ගොස් නැවත අවන්හලට පැමිණි තරුණයා අත දරුණු ආයුධයක් තිබී ඇත. බයිසිකලයෙන් බැස හෙල්මට්ටුව හිසේ තිබිය දීම ආයුධය රැගෙන අවන්හලට ගිය තරුණයා ආයුධයෙන් අවන්හල් හිමියා ට පහර දෙන්නට විය. එම පහර දීම තුළින් අවන්හල් හිමියාට තුවාල සිදු වී තිබේ.

එම අවස්ථාවේ කඩේ සිටි කිහිප දෙනෙකු මෙම රණ්ඩුව බේරීමට මැදිහත් වූ අතර තරුණයා ව කඩයෙන් පන්නා දැමූ විට නැවත පහර දීමට සූදානම් වූ තරුණයාට ප්‍රතිප්‍රහාර දෙදෙනෙකුගෙන් එල්ල විය. එක් අයෙක් මෝල් ගසින්ඳ අනිත් කෙනා පුටුවකින් ද ප්‍රහාර එල්ල කළ අවස්ථාවේ තරුණයාගේ ජීවිතය අහිමි වී තිබේ. එලෙස මෝල් ගසක් රැගෙන එම තරුණයාට පහර දී තිබෙන්නේ අවන්හල් හිමියාගේ පුතා බවත් ඔහු තම පියාට පහර දුන් කේන්තිය නිසා දිගින් දිගටම කේන්තිය යන තුරු මෙම තරුණයා ට මෝල් ගහෙන් පහර දෙන අයුරු සීසීටීවී දර්ශන වල තිබුණා.

මෙවන් වූ දෙයකට තම ජීවිතය අහිමි කරව ගන්නවා කියන්නේ බුද්ධිමතෙක් විසින් සිදු කරන ක්‍රියාවක් නම් නොවෙයි. එවැනි අවස්ථාවක කෝපයට පත් වුවත් මෙවැනි තීරණ ගැනීම අතිශය ලෙස සමාජය පිළිකුල් කරනවා.

කොත්තුවකට තම ජීවිතය අහිමිකරගත් මෙම තරුණයා වැනි දැඩි කෝපයට පවත්වන තරුණයන් මේ රටෙහි කෙතරම් ඇත්ද. දැඩි කෝපයක් ආ විට මෙලෙසින් ක්‍රියා නොකර සිහි නුවණින් කටයුතු කිරීමයි වැදගත් වන්නේ.

Leave a Comment