local news

ඔයා ඔයාගේ පුතාවයි අනිත් කට්ටියවයි බේරගත්ත නේද එහෙනම් ඇයි මේ අඩන්නේ

මුළු රටක් හැඬවූ ඛේදවාචකයක් ඊයේ දිනයේ දී සිදුවුණා. කවුරුත් කතාබහට ලක් කළ ඒ සිදුවීම තුළින් පුද්ගලයන් 6 දෙනකුගේ ජීවිත අහිමිවුණා. පුංචි මල් කැකුළු පිපෙන්නට පෙර උන ඒ ත්‍රිකුණාමලය කින්නියා කුරිඤ්ඤංකේනි කලපුවේ පාලම් පුවරුවක් පෙරළීමෙන්. මේ සිද්ධිය හේතුවෙන් ත්‍රිකුණාමල නගරය තුළ දැඩි නොසන්සුන්කාරී තත්වයක් පැවතුණා. හැත්තෑ හැවිරිදි පුද්ගලයකු සහ තිස් හැවිරිදි මවක් වගේම තවත් පොඩිත්තන් ගේ වියෝවක් තමයි අපිට දැක ගන්න ලැබුනේ.

මහාමාර්ග හදන මේ රටේ මිනිසුන්ගේ එදිනෙදා දෛනික කටයුතු සිදුකරගැනීමට සුදුසු වාතාවරණයක් අද මේ සමාජය තුළ නැහැ. ඇත්තටම බාහිරින් කෙනෙක් දකින දෙයට වඩා මෙහි ඇතුළත කතාව ගොඩක් සංවේදී. උදෑසන පාසල් ළමයි නිවසින් පිටව ආවේ ඉස්කෝලෙට ගිහින් අකුරු කරන්නට. නමුත් ඔවුන්ට යන්න උනේ ඔවුන් කිසිදාක බලාපොරොත්තු නොවූ ආකාරයට.

මේ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් සංවේදි පුවත් සංසරණය වීමත් එක්කම අපි දැක්කා මේක ඇතුලේ හරි සංවේදී කතාවක් සිදුවුණා. මෙය එම ඛේදවාචකය තුළ දැකපු ඉතාම සංවේදී සිදුවීමක්.

පාරු අනතුරට ලක් වන විට සියල්ලෝම කෑගසමින් කවුරුත් තමන්ගේ ජීවිත බේරා ගැනීමට පොරකමින් සිටියා. නමුත් පාරුව සෙමෙන් සෙමෙන් දිය පතුලට ඇදීගෙන යන බව වැටහුණු පියෙක් තම පුතාව තදින් අල්ලාගෙන දිය රකුසාගෙන් පොර බැද වෙරළට පිහිනා ගොස් ඔහුගේ හා ඔහුගේ පුත්‍රයාගේ දිවි බේරාගෙන තිබුණා.
ඉන් අනතුරුව තම පුතාට එම ස්ථානයේ සිටින ලෙස අවවාද කරමින් නැවතත් වතුරට පැන පාරුවේ සිර වී සිටි අනිත් පුද්ගලයන්ව ද බේරා ගැනීමට උදව් කළා. අවසානයේ සියල්ලෝම මුදා ගත් පසු පියා තම පුතා වෙත ළඟා වුණා. ඔහු මහා හයියෙන් විලාප දී හඬන්නට වුණා. එවිට ඔහු අසල සිටි අයෙකු ඔහුට මෙසේ කීවා.


අයියා ඔයා ඔයාගේ පුතාවයි අනිත් කට්ටියවත් බේරගත්තා නේද එහෙනම් ඇයි මේ අඩන්නේ. නිර්භීත වන්න යනුවෙන් ඔහුව සනසන්නට වුණා. එවිට ඔහු මෙසේ කීවා.
මල්ලි ඒ පාරුවේ මමයි මගේ බිරිඳයි දරුවො දෙන්නයි ආවේ. නමුත් මම වතුර හැමතැනම හෙව්වා. මට මගේ බිරිඳ සහ අනිත් ගැහැණු දරුවා හොයාගන්න බැරි වුණා.
මිනිත්තු කිහිපයකට පසු ඔහුගේ බිරිඳ සහ දරුවාගේ නිසල දේහය ගොඩගැනීමට ප්‍රදේශවාසීන් සමත් වී ඇති අතර අවසානයේ ඔහුට දැක ගන්නට හැකි වුණේ තම දියණිය ද තුරුල් කරමින් ජීවිත ගමනෙන් සමු දුන් ආදරණීය බිරිඳගේ හා තම ගැහැනු දරුවාගේ නිසල දේහයයි.

මෙවැනි අතිශය සංවේදී මොහොතක කදුලින් ඇස් තෙමන්නට මිනිසුන් හරි සංවේදී. ආත්මාර්ථකාමී ලෝකයක් තිබෙන මේ සමාජයේ අපේ මිනිස්සු හරි එකතුයි. කවුරුත් තම පවුලට පණ මෙන් ආදරෙයි. ඉතින් එහෙම මිනිසුන්ට කිසිදාක මෙවන් දුකක් දැනෙන්න නම් එපා. අනතුරින් දිවි අහිමි වුණ සියලු දෙනාටම නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

Leave a Comment