local news

ඒ අපේ ළමයි තමයි නැතුව වෙන කාගෙද රටම කම්පාකළ කින්නියා ඛේදවාචකයෙන් සියලු දෙනාම සංවේදී වූ හැටි

පුංචි මල් කැකුළු වලට තම ජීවිතවලින් වන්දි ගෙවන්නට සිදු වන්නේ වැඩිහිටියන් සිදු කරනා දේවල් වලින්. පුංචි කැකුලු පිපෙන්නට පෙර පරවෙන ලෝකයක් මේක. මීට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය පුරා වේගයෙන් සංසරණය වුණු පුවතක් අපි දුටුවා. ඒ ත්‍රිකුණාමලය කින්නියා කුරිඤ්ඤංකේනි කලපුවේ පාලම් පුවරුවක් පෙරළීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් පිරිසකගේ දිවි අහිමි වීමත් සමග ඊට විරෝධය පළ කරමින් කින්නියා නගරයේ විරෝධතාවයක් පැවැත්වුණා.

සිද්ධියෙන් දිවි අහිමි වුණ සංඛ්‍යාව හය දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් 20 දෙනෙක් පමණ රෝහල් ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මිය ගිය පුද්ගලයින් අතර කුඩා ළමයින් හතර දෙනෙක් සිටිනවා.

ඔවුන් අවුරුදු 3 හමාර, 6 සහ 8 යන වයස්වල පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ. මීට අමතරව පාරුවේ ගමන් කළ 70 හැවිරිදි පුද්ගලයෙකු සහ 30 හැවිරිදි මවක්ද ජීවිතක්ෂයට පත් වුණා. ඇගේ දරුවන් දෙදෙනාගේද දිවි අහිමි වූ බවයි වැඩිදුරටත් පොලිසිය සදහන් කලේ.

පාරුව පෙරලීමෙන් රෝහල් ගත කළ 20 දෙනාගෙන් 4 දෙනෙක්ගේ තත්වය බරපතළ අතර ඉන් එක් අයෙක් කින්නියා රෝහලේ සිට ත්‍රිකුණාමලය මහරෝහල වෙත මාරුකර යැවුණා. පැරණි පාලම වෙනුවට කලපුව හරහා නව පාලමක් ඉදිකෙරෙමින් පවතින අතර ඒ හේතුවෙනුයි බැරල් සහ ලී යොදා ගනිමින් පාලම් පාරුව සකස් කර ඇත්තේ.
මේ ඛේදජනක සිදුවීම සම්බන්ධයෙන් මුහුණු පොතේ ද අතිශය සංවේදී සටහන් බොහොමයක් හුවමාරු වුණා. මේ හේතුව නිසා මුලු රටක් සංවේදී කරන්නට සමත් වුණා. මෙම අනතුරින් දිවි අහිමි වුණ සියලු දෙනාටම නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

Leave a Comment