local news

කඳ සුරිඳුන්ට පූජා කළ පවුම් තිස් අටේ රන් තැටිය ඉස්සුවේ කවුද

රී ලංකාවේ කතරගම පිහිටි කතරගම දේවාලය යනු කතරගම දෙවියෝ ලෙසින් ද හැඳින්වෙන ස්කන්ධ මුරුගන් වෙනුවෙන් පූජා කෙරුණු හින්දු සහ බෞද්ධ සිද්ධස්ථාන සංකීර්ණයකි. ශ්‍රී ලංකාවේ පවතින පූජා නගර කීපයක් අතරින් එකක් වන එයට ශ්‍රී ලාංකීය බෞද්ධයන් බහුතරයක් දෙමළ හින්දු සහ මුස්ලිම් භක්තිකයන් සුළු ප්‍රමාණයක් සහ ස්වදේශීය වැදි ජනතාව පුද පූජා පවත්වනු ලබනවා.

එම ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට දේශියව මෙන්ම විදේශිකයන්ගේ ද ආකර්ෂණය නො අඩුව ලැබෙනවා. ඒ සඳහා දානපතියන් ගෙන් උපකාරද ලැබෙනවා.

2019 වසරේ බැතිමතකු විසින් පූජා කරන ලද පවුල් 38 ක රන් තැටියක් මෙම රුහුණු මහා කතරගම දේවාලයේ තැන්පත් කර තිබුණි. නමුත් මෙය දින කීපයකට පෙර සිට එහි නො තිබුණු බව කතරගම දේවාල කාර්‍යමණ්ඩලය පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීම සඳහා අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් කතරගම පුද බිමට ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා. එසේ සිදු කළේ මේ පිළිබඳ ව වැඩිදුරටත් සොයා බැලීමටයි.

දෙවියන් වැඩ සිටිනා මෙවන් ස්ථානවල මෙවැනි අපරාධ ක්‍රියාවන් සිදුවීම අදහා ගත හැකිද. එසේම එවැනි ක්‍රියාවන් සිදු කරන්නේ ආගමක් භක්තියක් නැති සමාජ ආචාර ධර්ම කොහෙත්ම නො දන්නා කෙනෙක් විය හැකියි. යම් කිසි ආර්ථික ගැට‍ළුවක් සඳහා මෙවැනි ක්‍රියා සිදු කරන්නේ නම් ඒ වෙනුවට කල හැකි දේ බොහෝමයි. එබැවින් මෙවැනි ක්‍රියා තරයේ හෙලා දැකිය යුතුයි යනු අපේ අදහසයි.

Leave a Comment