local news

පණ පිටින් පිළිස්සුණු ඒ සේවකයාට අවසානයේ අත් වූ ඉරණම මෙන්න

කෙනෙක්ට දෙයක් සිදුවන්නට යන්නේ ක්ෂණයකිනි. විදුලිය, ගින්දර, ජලය සමගින් ගනුදෙනු කරන මිනිසා ඉතා ඉවසිල්ලෙන් සහ අවධානයෙන් කටයුතු කළ යුතුයි. බොහෝ මිනිසුන් තම රැකියාව ලෙස මේ ආශ්‍රිතව රැකියාවන් සිදුකරන්නේ නම් එය ඉතාමත්ම සැලකිලිමත්ව කළ යුතුයි. ජීවිතේ ගෙනියන්න කුසට අහරක් සොයා ගන්නට රැකියා කරන්නේ ජීවිත අවදානමද සහිතවයි.
මිනිස්සුන්ට හානි සිදුවනවා වගේම ජීවිත හානි වන්නේද ජළය, ගින්දර හා විදුලිය මගිනි. ඉතින් ඊයේ දිනයේ විදුලිය නිසා පුද්ගලයෙක් අනතුරට ලක් වුණා.


මෙය ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක සිදු වූවක් බව වාර්ථා වෙනවා. පුද්ගලයෙකු අධි බලැති විදුලි රැහැනක ගැටීමෙන් අනතුරට ලක්වන්නේ. ඒ අවස්ථාවේ සිදු වූ සියලු දර්ශනයන් මේ වන විට සමාජ ජාල වල හුවමාරු වෙනවා.

බරපතළ පිලිස්සුම් තුවාල ලැබූ අනතුරට ලක්වූ පුද්ගලයා රෝහල් ගත කිරීමට එහි වැඩ කල අනෙකුත් සේවකයින් පියවර ගත්තා. ගොඩනැගිල්ලේ තුන්වන මහල වෙත කම්බියක් රැගෙන යාමට උත්සාහ ගැනීමේදී ඔහු මෙලෙස විදුලි සැර වැදීමෙන් අනතුරට ලක් ව ඇති බව සදහන් වනවා. සිද්ධිය සම්බන්ධයෙන් කරන්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් එම අහිංසක පුද්ගලයාගේ පවුලේ හිතවතුන් සුපුරුදු පරිදි ඔහු රැකියාව කර නිවසට එනකම් බලන් ඉන්න ඇති. නමුත් අද එම පුද්ගලයා රෝහලේ සිටින්නේ බරපතළ පිලිස්සුම් තුවාල සහිතයි. ඉතින් ඔහුට ඉක්මන් සුවය අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු.

Leave a Comment