local news

වයසක මුදලාලිලා ඉන්න කඩවලින් චුන්පාන් වෙළෙන්දා හොර සල්ලි මාරු කරලා

මිනිසුන් ආර්ථිකය හිඟ වෙන කොට හොරකමට යොමු වනවා. එය වැරදි වුනත් එයට පෙලඹෙන්නේ මුදල් ලේසියෙන් හොයාගන්න පුලුවන් නිසයි. නමුත් එවැනි දේවල් කර සොයාගන්නා මුදලින් කා බී ජීවත් වෙන්න පුලුවන්ද. සොරකමින් ලබා ගන්නා මුදලින් දරු පවුල් රැක ගන්න මිනිසුනුත් ඉන්නවා. අත පය හතර හොදින් පිහිටලා තිබෙනවනම් මොකටද හොරකම් කරන්නේ.
මේ කියන්න යන්නේ එවැනි සොරකමේ ගිය විවාහක අඹු සැමි යුවලක් පිළිබඳව. මෙම යුවල මොරවක ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 හා 30 පසුවන විවාහක අඹුසැමියන් ය. ඔවුන් දැනට කඩුවෙල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි වී සිටී.

මෙම ස්වාමියා නමැති පුද්ගලයා කඩුවෙල ප්‍රදේශයේ බේකරියක ත්‍රීරෝද රථයෙන් චූන් පාන් අලෙවි කරන පුද්ගලයෙක්. ඔහු අවට කඩවල් පිලිබදව හොදින් අවබෝධ ඇති කෙනෙක්. මොවුන් දෙදෙනා යතුරු පැදියෙන් වයස් ගත පිරිමින් හා කාන්තාවන් පමණක් සිටින වෙළඳසැල් තෝරාගෙන එම වෙළඳසැල්වලින් රුපියල් 150කට පමණ අඩු මුදලකට තිබෙන භාණ්ඩයක් මිළදීගෙන එම රුපියල් දාහේ ව්‍යාජ මුදල් නෝට්ටු මෙසේ මාරු කරන බවට හෙළිදරව් විය.

එම යුවළ ළග තිබී රුපියල් දාහේ ව්‍යාජ මුදල් නෝට්ටු 14ක් පොලිස් භාරයට ගත් අතර එම ව්‍යාජ මුදල් නෝට්ටුවල එකම අංකයක් සදහන් වී තිබුණා. ඉන් ව්‍යාජ මුදල් නෝට්ටු 5ක් කාන්තාව ළග තිබූ අතර අනෙක් නෝට්ටු 9 පිරිමි පුද්ගලයා ළග තිබුණා.
මෙම යුවල 15වෙනිදා බියගම පොලිසිය විසින් පස්වරුවේ යබරලුව ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇත. මෙවැනි අපරාදී ක්‍රියාවන් සිදු කල මෙම තරුණ යුවල දෑතේ රැකියාවක් කලානම් කොයිතරම් දෙයක්ද. අනුන්ගේ දේ ගරා නොගෙන තමන්ගේ මහන්සියෙන් රැකියාවක් කර ජීවත් වෙමු.

Leave a Comment