local news

මුළු ගමක් කම්පාකරමින් ට්‍රැක්ටරයක් සිදු කල මහා විපතක්

සැලකිලිමත් වීම කියන්නේ ලොකු කුඩා කොයි කවුරුත් පිළිපැදිය යුතු දෙයක්. පොඩි කාලයකින් කෙනෙකුගේ ජීවිතයක් පවා විනාශ වීමට පුළුවන. අපි යමක් කිරීමට පෙර සිතා බලා කටයුතු කළහොත් පසු කාලීනව පසුතැවීමට සිදු වන්නේ නැහැ. දරුවන් මෙම ක්‍රියාව අනුගමනය නොකළත් වැඩිහිටියන් ලෙස අපි ඒ දේ අනිවාර්යයෙන්ම සිදුකළ යුතු කරුණක්. එවැනි නොසැලකිලිමත්කම නිසා හෝ කෙසේ හෝ පුංචි මල් කැකුළක් මිලින වී ගිය බවක් අපිට අසන්නට ලැබුණා. ඒ විසි එක්වන දිනය.

වව්නියාව ඕමන්ත පාලමොට්ටෙයි ප්‍රදේශයේ පදිංචි පස් හැවිරිදි කේ. කදීසන් යනු දගකාර හුරතල් වියේ පසුවන කුඩා දරුවෙකි. තම මාමා ඉඩමේ වගාවක් සඳහා සීසාන අවස්ථාවේදී කදීසන් සහ තම මිතුරෙකු සමගින් සෙල්ලම් කරමින් සිටියේ ඒ අසලයි. සීසාන අවස්ථාවේ ට්‍රැක්ටරයේ උපාංග ක්‍රියා කරවන ආකාරය පිළිබඳව මහත් ඕනෑකමින් හා ආශාවෙන් බලා සිටි කදීසන් ට්‍රැක්ටරය තුළට රිංගීමෙන් නගුලට හසුවී බරපතළ තුවාල ලැබුවා. අවාසනාවන්ත වුණු කුඩා කදීසන්ට තම ජීවිතය අහිමි වන්නට ගියෙ සුලු මොහොතයි. නමුත් ඔහු ඒ ආකාරයට තම ජීවිතය අහිමි වෙන බව දැනන් හිටියානම් කිසි විටෙකත් එය සිදු නොකරන්නට තිබුණා. දරුවො කියන්නේ දෙයක් නොතෙරෙන අයවලුන් නිසා තමයි ඔවුන්ට දරුවන් ලෙස හදුන්වන්නේ. දෙමාපියන් හෝ වැඩිහිටියන් දරුවන් පිලිබදව මීට වඩා සැලකිලිමත් විය යුතුමයි.

ඒ දරුවා එම අවස්ථාවේම වව්නියාව මහ රෝහලට රැගෙන ගිය ද ඒ වන විටත් දරුවා ජීවිතයෙන් සමු දී තිබුණු බවට රෝහලේ වෛද්‍යවරුන් පැවසුවා. අනතුර සිදු වූ ස්ථානයට පැමිණි පොලිසිය විසින් ලද සිදු කරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ දරුවා යම් විටක ට්‍රැක්ටරයේ කැරකෙන නගුල බැලීමට එකවරම රිංගීමට ගත් උත්සාහයකදී නගුලට පසුවී මෙලෙස මියගොස් ඇති බවට සැක පළ කරන බවයි.

තම මාමා සිදු කරන ක්‍රියාව දෙස බලාසිටිමින් සෙල්ලම් කරමින් සිටි ඒ දගකාර දරුවා මෙහි බරපතල කමක් දන්නවානම් මේ ආකාරයට සිදු කරන්නේ නැති බව කවුරුත් දන්නා කරුණකි.
කෙසේ වෙතත් අකාලයේ ජීවිතයෙන් සමුගන්නට සිදු වූයේ අහිංසක මල් කැකුලකටයි. මෙවන් වූ විපත් නැවතත් සිදු වීම වලක්වා ගැනීමටනම් දෙමාපියන් ලෙස තම දරුවන් පිලිබදව මීට වඩා සැලකිලිමත් විය යුතුයි.

Leave a Comment