local news

වැසිකිළි වලක් නිසා පොලිස් නිලධාරියා ඔහුගේ බිරිඳ සමගින් එකතු වී කළ ඒ පුදුම හිතෙන දේ

රැකියාව හා තනතුරු හමුවේ උද්දච්ච වන නිලධාරීන් මේ සමාජයේ නැතුවාම නොවේ. තනතුරු බලය හමුවේ මහජනතාවට සේවය කරනවා වෙනුවට ඔවුන් සිදු කරන්නේ එහි ප්‍රතිවිරුද්ධ දෙයයි. කෙනෙක්ට බලය හම්බ වන විට ඒ පුද්ගලයා නිහතමානි වනවා කියන්නේ එම බලය තුලින් රටක් රාජ්‍යක් වුවත් අල්ලන්නට පුලුවන් බවයි.

රටක රජු දැහැමි වන විට රට වැසියෝ ද දැහැමෙන් ජීවත් වෙනවා. එම නිසා කුමන තනතුරක් ලැබුණත් මේ සමාජය තුළ නිහතමානීව සාධාරණව ජීවත් වුවහොත් කිසිවෙකුගේත් දෝෂාරෝපණයට ලක් වන්නේ නැහැ. නමුත් අද සමාජයේ දකින්න තිබෙන්නේ තනතුරු බලය හමුවේ උද්දාමයට පත්වන මිනිසුන්. ජනප්‍රියත්වය හමුවේ වුවත් ගෞරවය ලැබෙනවා කියලත් තමන් කිසිදාක උඩගු විය යුතු කාරණයක් වෙන්නේ නැහැ.

මේ කියන්න යන්නේ වැසිකිළි වලක් සම්බන්ධව ඉඩම් ආරවුලක් හේතුවෙන් මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකු සහ ඔහුගේ බිරිඳ තවත් කාන්තාවකට සහ ඇගේ දරුවාට අමානුෂික ලෙස පහර දී තිබෙන පුවතක් පිලිබදවයි.

මෙම පහරදීමෙන් කාන්තාවගේ හිසට සහ ඇස් වලට තුවාල සිදුවී ඇති අතර මේ වන විට ඇය කඹුරුපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇයව අද මාතර මහ රෝහල වෙත මාරු කිරීමට නියමිතයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 38ක් වන දෙදරු මවක් සහ දාහතර හැවිරිදි ඇගේ පුත්‍රයායි. කඹුරුපිටිය පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පැවසුවත් පහරකෑමට ලක්වූ කාන්තාවගේ ඥාතීන් චෝදනා කරන්නේ තම පැමිණිල්ල භාර ගැනීමට කම්බුරුපිටිය පොලිස් නිලධාරීන් කටයුතු නොකළ බවයි.

එය එසේ සිදු කරන්නේ අහිංසක මහජනතාවට මෙ සමාජයේ කතා කිරීමට ඉඩක් නොමැති නිසයි. සාධාරණය උදෙසා තම හඬ දියත් කිරීමට මෙම සමාජ රටාව ගොඩනැගිලා නැහැ.

Leave a Comment