local news

පාසල් සිසුවියකට දිවි අහිමිකල බිහිසුණු රිය අනතුරේ CCTV දර්ශන මෙන්න

අද කාලයේ ප්‍රවෘත්තියක් ඇහුවොත් වැඩිපුරම අහන්න දකින්න ලැබෙන්නේ රිය අනතුරු. රියදුරන්ගේ නොසැලකිල්ලෙන් සිදුවන මෙම රිය අනතුරු පදිකයන්ගේ නොසැලකිලිමත්කම නිසාත් සිදු වේ. එම නිසා අපිට එක පාර්ශවයකට ඇගිල්ල දිගු කල නොහැකිය. කෙසේ වෙතත් මෙම රිය අනතුරු සිදු වීම තුලින් අහිංසක මිනිසෙකුගේ ජීවිතයක් අකාලයේ විනාශ වේ. එබැවින් එය වලක්වා ගත් විට අපිට පමණක් නොව සියලු දෙනාගේම ජීවිත සුරක්ෂිත වෙනු ඇත.

රිය අනතුරු තුලින් මිනිසුන්ගේ ජීවිත විනාශ වනවා වගේම මිනිසුන්ව එක්තැන් කිර්‍රීමටත් හැකියාව තිබෙනවා. එවිට සදාකල්ම මිනිසුන් දුක් විදිමින් ජීවත් වෙනවා. තම සහෘදයන් අහිමි වේදනාවෙන් සදාකල්ම ජීවත් වෙන්න සිදු වෙනවා.
ඊයේ දිනයේ සිදි වූ ඛේදවාචකයක් ගැනයි මේ කියන්න යන්නේ. යාපනය නුවර ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලය ආසන්නයේ රිය අනතුරක් සිදු විය. ඒ පදික මාරුව හරහා ගමන්කරමින් සිටි සිසුවියකගේ දිවි අහිමි වී තිබෙනවා.
අධික වේගයෙන් පැමිණි ලංකා ගමනාගමන මණ්ඩලයට අදාල බස් රථයක් ලොරි රථයක ගැටී එම ලොරි රථය ඉදිරියෙන් තිබූ අනෙක් ලොරි රථයක ගැටී ඉදිරියට ඇදී යාමෙන් අනතුර සිදුවී තිබෙනවා.

මෙම අනතුර තුලින් දිවි අහිමි වුණේ තිරුවාසගම් මධුසාලිනී නැමති 17 හැවිරිදි කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ අංශයේ සිසුවියක්. එම අනතුරින් තවත් සිසුවියක් හා සිසුවෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඔවුන්ගේ තත්වය ටිකක් බරපතලයි.

පාසල් දරුවන් පදික මාරුව හරහා ගමන් කරනවාත් සමගම ලොරි රථ දෙකක් ඔවුන්ට ඉඩ දී සිටි. ලංගම බස් රථය වවුනියාවේ සිට යාපනය දක්වා අධික වේගයෙන් ගමන් කර ඇති බවත් රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බවත් පොලිසිය සඳහන් කරනවා. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙවන් වූ අනතුරු වලින් වැලකීමටනම් ඉවසිල්ලෙන් රිය ධාවනය කළ යුතුයි. එවිට තමාගේ මෙන්ම අන් අයගේ ද අයගේද ජීවිත සුරැකෙනු ඇත.

death body under white cloth

Leave a Comment