local news

චාවකච්චේරියේ අම්මා තම ලෙයින් උපන් බිලිදාට සිදුකල මහා විපත

දරුවන් මේ ලෝකෙට ඉපදෙන්නේ දෙමාපියන්ගේ ඕනෑ කමටයි යනුවෙන් කතාවක් අප කවුරුත් අසා තිබෙනවා. ඉතින් එහිදී දරුවන් නොමැති මව්වරුන් දරුවන් අපේක්ෂාවෙන් විවිධ පුද පූජා පවත්වනවා. එවගේම භාරහාර සිදු කරනවා. දරුවන්ට ආදරයෙන් මෙවැනි අම්මලා සිටින ලෝකයක දරුවන් තම මුළු ලෝකයම බවට කරගත් මව්වරුන් සිටින ලෝකයක තම ලෙයින් උපන් දරුවාට හිංසා කරන මවුවරුන්ද මේ ලෝකයෙහි නම් සොයා ගන්නට පුළුවන්.

හිංසා පීඩා කරනවා සේම උපන් බිලිඳා ගඟට විසි කරන්නත්, කුණු කූඩයට දමන්නත්, වැසිකිලි වලට දමන්නත් මේ ලෝකය කුරිරු වෙලා තියෙන්නේ. ඉතින් එවැනි අම්මා කෙනෙක් පිළිබඳවයි මේ කියන්න යන්නේ. උත්තරීතර නාමයක් වන අම්මා යන නාමයටත් අගෞරවයක් වන පරිදි මෙවැනි අම්මාවරුන් මේ සමාජයේ නැතුවාම නොවේ.

යාපනය චාවකච්චේරි පොලිස් වසමේ මට්ටු විල් උතුර ප්‍රදේශයේ මවක් විසින් ඊයේ එනම් විසි තුන් වෙනිදා අළුයම දරු ප්‍රසූතියක් සිදුකර එම දරුවා නිවස පිටුපස පණ පිටින් වලලා ඇති බව සඳහන් වුණා. එම ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරිට දැනගන්න ලැබුණා. මෙම කුරිරු ක්‍රියාව චාවකච්චේරි පොලිසියට පැමිණිලි කිරිමට ග්‍රාම නිලධාරී කටයුතු කළා.

ඉන් පසුව පොලීසිය එම ස්ථානය පරීක්ෂා කිරීමේදී වල දමා සිටි බිළිඳිය සොයාගෙන තිබුණා. වාසනාවන්ත බිලින්දාගේ මේ වන විටත් දිවි අහිමි වී තිබුණේ නැහැ. ඇය මේ වන විට යාපනය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන චාවකච්චේරි පොලිසිය මගින් සිදුකරනු ලබනවා.

මෙවන් වූ අපරාධකාරී ක්‍රියාවන් සිදු කරන මව්වරුන් අතලොස්සක් මේ මිහිපිට සිටිනවා. එවැනි මව්වරුන් ලබන දරුවන් හරිම අවාසනාවන්තයි. මුළු ලෝකය ම ජීවිතයම තම දරුවා කරගත් වාසනාවන්ත දෙමව්පියන් රත්තරන් වගේ. ඉතින් අපි ඒ රත්තරන් මවක් වීමට වගබලා ගනිමු. මෙවැනි දේවල් මේ මිහිපිට නැවත අහන්න නොලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු.

Leave a Comment