local news

පානදුර රූමතියගේ ප්‍රේමයේ උණුසුම වැඩි වී මෝටර් රථයක් තුළ අවසන් ගමන් යන්නට සිදු වූ ඉන්ද්‍රජිත්ගේ සත්‍ය කතාව

අනියම් පෙමට වහ වැටී ම අවසානයේ ජීවිත කිහිපයක් බිළිගැනීමෙන් අවසන් වන බව කොතරම් සිද්ධි තුළින් වාර්තා වුණත් එවැනි අනියම් සම්බන්ධතා නිසා ජීවිත විනාස කර ගන්නා පුද්ගලයින් ප්‍රමාණයේ අඩුවක් නොමැත. සැමියා දුරස් වීමෙන් පසු විවාහ පිරිමියෙකු සමඟ අනියම් සම්බන්ධයක් පවත්වා අවසානයේ ජීවිතයක් අහිමි කර ගෙන සිරගෙට වැටුණු කාන්තාවකගේ සංවේදී කතාවයි මේ.

ඇය ජීවත් වූයේ පානදුර ප්‍රදේශයේ ය. ඇය මේ ලොව බොහෝ ගැහැනුන් සේම විවාහ දිවියට ඇතුළත් ව එහි රසය විඳිමින් ජීවිතයට මුහුණ දුන්නේ කිසිදු වෙනසක් නොමැතිවයි. ඇගේ සැමියා නුගේගොඩ ප්‍රදේශයේ ඔරලෝසු අලුත්වැඩියා කරන ස්ථානය ස්ථානයක ඒ වන විට සේවය කරමින් සිටියේය. පානදුර සිටි ඇය බොහෝ වෙලාවට තම සැමියාගේ රැකියා ස්ථානයට ආවා ගියාය. එවකට ඇයට නව යෞවන වියේ දියණියක් ද වූවාය. දියණිය ඒ වන විට දාසය හැවිරිදි විය ගෙවමින් සිටියා. දියණිය සමඟ ජීවිතය බෙදා හදා ගනිමින් ඇය ජීවිතයට පියමනින විට තම විවාහක සැමියා ඇයගෙන් දුරස් වෙමින් සිටියේ අවාසනාවන්ත ලෙසයි.

ඒ නිසා දෙදරා ගිය ඇගේ සිත අයාලයේ පාවෙමින් තිබියදී තවත් හදවතක් ඇගේ ජීවිතයට එබී බලමින් සිටියා. විවාහක සැමියා ඒ වන විට ඇගෙන් දුරස්ව ඇඹිලිපිටිය ප්‍රදේශයට සංක්‍රමණය වී සිටියා. ඒ අතර ඇගේ හදවතට ළං වන්නට ඔහු සමත් වුණා. නමින් ඔහු ඉන්ද්‍රජිත්. සැමියා හමු වන්නට විජේරාම ප්‍රදේශයට ආ ගිය ගමන් වලදී ඇයට ඉන්ද්‍රජිත් දැන හඳුනා ගන්නට හැකි වුණේ.

ඒ හැඳුනුම්කම යළිත් අලුත් වූයේ සැමියා ඇය අතහැර යන්නට ගිය දා සිටයි. හුදකලා වූ ඇගේ සිතට ඉන්ද්‍රජිත්ගේ හමුවීම මහත් අස්වැසිල්ලක් ගෙන දුන්නාට සැක නැත. ඇයටත් දැන් විරෝධතාවක් නැත ඒ සැමියාද ඇගෙන් වෙන්ව ගොස් ඇති නිසයි.

ඇය සැමියාගෙන් දික්කසාදය ලබා ගැනීමට සිතා ඒ සඳහා නීත්‍යානුකූලව කටයුතු කිරීමට සිතුවා. ඔහුගෙන් දික්කසාදය ලබා ඉන්ද්‍රජිත් හා විවාහ වීමට ඇය සිහින මාළිගා මවමින් සිටියේ කිසිවෙකුත් නොදැනය. එහෙත් ඉන්ද්‍රජිත් ඇය ඉදිරියේ මවා තිබුණේ අවිවාහක අයකුගේ ප්‍රතිරූපයක්. ඔහු විවාහකයෙකු වුවද ඔහුගේ බිරිය ඒවනවිටත් ජීවත් වූයේ විදෙස්ගතව යි. විවාහය එතරම් බැඳීම් දක්නට නො වූයේ ඉන්ද්‍රජිත් යුවළට දරුවන් නොමැති නිසයි.

කාලය ඉතා වේගයෙන් ගත වුණා. ඇය ඉන්ද්‍රජිත් හා විවාහයට එළැඹියේ දික්කසාදයට නඩුවක් ගොනු කොට තබා. එහෙත් ඒ වන විටත් දික්කසාදය නීත්‍යානුකූලව ඇයට ලැබී තිබුණේ නෑ. තවත් අතෙකින් ඒ විවාහය වලංගු නොවීමට හේතුවක් වූයේ ඉන්ද්‍රජිත් ද ඒ වන විට විවාහකයෙකු වීම නිසයි.

නිකම්ම නිකං ලියවිල්ලක්ම පමණක් වලංගු වූ කඩදාසියකට අත්සන් තබා දෙදෙනා එක වහලක් යටට ගියා. නව යුවල අලුබෝමුල්ල ප්‍රදේශයේ නිවසක පදිංචියට ගිය අතර ඉන්ද්‍රජිත්ට ද මේ වන විට සැලකිය යුතු නිදහසක් හිමිව තිබුණේ බිරිය විදෙස් ගතවී සිටි නිසයි. දැන් ඉතින් සියල්ල හරි යැයි ඇය සැනසුම් සුසුම් හෙළු ව ද තමා රැවටිල්ලට මුලාවී සිටින බව ඇය දැන සිටියේ නැත.

කැඩී බිඳීගිය යුගදිවියට යළිත් පැලැස්තරයක් දමා සරි කළ ඇය ජීවිතයට ආයෙමත් පියවර තැබුවේ රටක් රාජ්‍යක් දිනූ ලෙසයි. ඇගේ දුප්පත් මව ද පියා නැති දියණිය ද මේ වහල යට ඇගේ දුක සැප බෙදාගෙන දිවි ගෙව්වා. ඉන්ද්‍රජිත් කලකදී විදෙස් ගත වුණා. ආයෙමත් කලක දී මෙරටට පැමිණි අවස්ථාවලදී ඔහු ඇය හා එකට කල් ගත කළා.
උණුසුම් සුවයෙන් බැඳී ගිය ඇයගේ දෙවැනි කුරුලු කූඩුව මහා සුළං කුණාටුවකට හසු වන්නේ එවැනි අවස්ථාවක ය. ඒ ඔහු විවාහකයෙකු බව ඇයට දැනගන්නට ලැබීමත් සමඟයි. ඇය හැපින්නක් සේ කිපුනත් ඔහුගේ ඇසුරින් වෙන්ව ගියේ ද නැත. එහෙත් තමා රවටනු ලැබූ අලුත් පෙම්වතා ගැන ඇය කේන්තියෙන් බැලුවා.

මාව රැවැට්ටුවා බොරුකාරයා ඇය ඔහුට බැණ වැදුණේ දෙනෙත්වලින් කඳුළු තුරා යද්දී. ලෝකයේ ඕනෑම ගැහැනියක මෙවන් මොහොතක හැසිරෙන අන්දමින් ඇය ද එවන් වේදනාවට පත්වුණා. බොහෝ ගැහැනුන් මෙන්ම ඇයද ආදරය වෙනුවෙන් දබරයක පැටලුනා. එහෙත් බැඳුණු ආදරයෙන් ඉවත් වීමට ඇයට සිතුණේ නෑ. ආදරයේ හැටි පුදුමයි. ඇය මුළු හදවතින් ම ඔහුට ආදරය කළ බව සිහි වන විට ඇය යළිත් ප්‍රකෘතියට පත්වුණා.

දෙදෙනා අතර නොහොද නෝක්කාඩු සණ්ඩු සරුවල් වල නිමක් නැති වූයේ බොරුවට ආයුෂ නැති බව පසක් කරමින්. මෙලෙස නොනිමි ගැටුම් මැද සිත රිදවා ගත් නීත්‍යානුකූල නොවන විවාහයක පහස ලබමින් ජීවිතය තවදුරටත් ඉදිරියට ගලා ගියේ එලෙසයි.

මෙලෙස උත්සන්න වූ ගැටුම් තුළ කිහිප වතාවකදීම ඉන්ද්‍රජිත් ඇයගේ ජීවිතය විනාශ කිරීමට තැත් කිරීම පවා සිදු කළා. අවසානයේ එවැනි පැමිණිල්ලක් මිරිහාන පොලිසියේ පොලිස් පොතට ද ඇතුළත් වී තිබුණා. සියලු හැලහැප්පීම් මැද ජීවිත ගෙවී යමින් තිබියදී තවත් පිළිතුරු නැති ප්‍රශ්නයකට ඉන්ද්‍රජිත්ට මුහුණ දීමට සිදු වන්නේ අනපේක්ෂිත ලෙසයි.

ඒ විදෙස්ගතව සිටි ඉන්ද්‍රජිත්ගේ විවාහක බිරිය ලංකාවට පැමිණීමේ සූදානමක් සමඟයි. මෙයින් ඉන්ද්‍රජිත් මහත් වියවුලට පත්ව සිටියා. තමා වෙනත් කාන්තාවක් සමග පවුල් කමින් සිටින බව කසාද බිරිඳගෙන් සැඟවීමට ඔහුට ඕනෑ කර තිබුණා. එයට කළ යුත්තේ කුමක්දැයි ඔහු නිතර දෙවේලේ කල්පනා කරමින් සිටියා.

දිනක් ගංගොඩවිල පිහිටි මහ ගෙදරට පැමිණෙන ඔහු ඉන් පිටව යන්නේ එහි තනිව වෙසෙන ඔහුගේ මවගේ රාත්‍රී ආහාරය ද රැගෙන ඒමේ පොරොන්දුව පිටයි. ඒ අතරතුර සිය අනියම් බිරිඳට දුරකථන ඇමතුමක් දෙන්නෙ ඇය හමු වීමේ බලාපොරොත්තුවක් ඇතිව. ඇමතුමට අනුව ඇය බොරලැස්ගමුව ට ආවා. බොරලැස්ගමුවෙ න් ඔහුගේ මෝටර් රථයට ගොඩ වුණු ඇය ඔහු සමඟ පානදුර නගරයට ගියේ කෑම ගන්නට අවශ්‍ය බව ඉන්ද්‍රජිත් කී නිසා. ශ්‍රී මහා විහාර පාරේ මෝටර් රථය නවතා තබා ගෙන සල්ලාපයේ යෙදී සිටි මොවුන් දෙදෙනා අතර බහින් බස් වීම් ඇති වුණා.

මධුවිතෙන් මදක් සසලව සිටි ඉන්ද්‍රජිත්ගේ මතකය ඇවිස්සී ගියේ ඔය අතරයි. අද හෙට දීම ලංකාවට පැමිණෙන සිය විවාහක බිරියට මේ සියල්ල රහසක් කොට තැබිය යුතු බව ඔහුට වැටහුනේ ඔහුගේ මත් ගතිය නිසා වන්නට ඇත. ඒත් තමන් සමග සිටි අනියම් බිරිය ඔහුට පෙනුනේ සැතිරියක ලෙසින්. ලෝකයට රහසින් තවත් බොහෝ දේ එතැන සිදු වුණා. ඒ බව දන්නේ ඒ දෙදෙනා පමණයි. රාත්‍රිය ගෙවී පසුදිනට පහන් වන විට ඉන්ද්‍රජිත්ගේ පණ සුන් සිරුර සිය මෝටර් රථය තුළ වැතිර තිබියදී පොලිසියට හමු වන්නේ අසල්වාසීන්ගේ දැනුම්දීමකිනි.

පොලිසිය කළ සෝදිසි කිරීමේදී ඔහු කාගේ කවුදැයි දැනගන්නට ලැබුණි. ඉන්පසුව මොහු ගංගොඩවිල ප්‍රදේශයේ පදිංචි ඉන්ද්‍රජිත්ගේ ඉන්ද්‍රජිත් දේවනාරායන නමැති හතළිස් හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය අනාවරණය කර ගත්තා. ඉන්ද්‍රජිත් දේවනාරායන මියගොස් තිබුණේ ගෙල සිර කිරීමෙන් බව අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ නිගමනය වුණා. මෝටර් රථය තුළ මුනින් අතට වැටී සිටි ඔහුගේ නාසයෙන් රුධිරය ගලා ගොස් තිබුණා.

වැඩිදුර විමර්ශනය කළ පොලිසියට දැනගන්නට ලැබුණේ ඔහු කිසියම් කාන්තාවක් සමඟ ඇසුරක් පවත්වමින් සිටි බවයි. පානදුර එම පදිංචි එම කාන්තාව පිළිබඳව තොරතුරු ලැබී තිබියදී ඇය ඒ වන විට නිවසෙන් අතුරුදන්ව සිටියා. ඇගේ මව පමණක් නිවසේ සිටිය විට මව ගෙන් දියණිය පිළිබඳව යම් තොරතුරක් පොලිසිය විසින් ලබා ගත්තා.

දින දෙකකට පසු පොලිසියට සැකකාරිය බාර වෙන්නේ නීතිඥවරයෙකුගේ මාර්ගයෙනුයි. ඉන්ද්‍රජිත් ගේ ජීවිතය විනාශ කළේ ඇය බවත් තමා ඔහුගේ අනියම් බිරිය බවත් ඇය ප්‍රකාශ කළා.

ඇය එසේ පැවසුවත් මියගිය ඉන්ද්‍රජිත් ගේ මව හා ඥාතීන් කියන්නේ වෙනම කතාවක්. පානදුර පැත්තේ කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක් තමාට ලැබෙන්නට තිබූ බවත් ඇය එය නොදී මග හරින බවත් ඉන්ද්‍රජිත් පවසා තිබූ බවයි. ව්‍යාපාරිකයකු ලෙස ඔහු මුදල් පොලියට දීමට සිදු කර තිබූ බවද හෙළිවිය. මෙම සිද්ධියේ සැකකාරිය මෙය සිදු කර නිවසට ගොස් පිටව ගොස් තිබුණේ තමා හැඳ සිටි ඇඳ සිටි ඇඳුම පිටින් ම ය. ඉන්පසු ඇය අධිකරණයට ඉදිරිපත් වූයේ ද එය ඇඳුම සමඟයි.

අද ඉන්ද්‍රජිත්ගේ ගේ දිවි අහිමි වී තිබේ. අනියම් බිරිය නීතියේ රැහැනට කොටුවී ඇත. එකිනෙකාට වංක වෙමින් ආදරය යයි සිතා අනුරාගයේ මංපෙත් අතර සැරිසැරූ එවන් මිනිසුන් ගේ ශෝකාලාපය එතෙකින් නිමා විය.

Leave a Comment