local news

අපි ලොකු මහත් වෙනකම්ම වැඩිම දවසක් ගේ ඇතුළේ නිදා ගෙන නැහැ කැලේ තමයි ඉන්නේ

මතට ලොල් වූ සැමියන් සිටින පවුලක අවසාන ඉරණම නම් රණ්ඩු සරු වල් වලින් පිරුණු නිවසක්. දරුවන්ගේ අනාගතයට කිසිම හව්හරණක් නැති මේ ජීවිතය කුමටද කියා සමහරක් වෙලාවකට සිතෙනවා. මතට ලොල් වූ සැමියෙකුගේ බිරිඳකට මෙලෙස සිතීම අසාමාන්‍ය දෙයක් නොව.

වේලක් කා වේලක් නොකා බඩගින්නෙ වුවද සිටින්නට හැකි සිතේ සතුට තිබෙනවා නම්. නමුත් සතුට නැතිව රස මසවුළු තිබුනත් එහි කිසිදු රසයක් නෑ. දරුවන් තම මවගේ මෙන්ම පියාගේ ද ආදරය කරුණාව අපේක්ෂාවෙන් තමයි ඉන්නේ. ඉතින් මේ මතට ලොල් වූ පියවරුන් සිටින ලෝකයක එම ආදරය කරුණාව කාගෙන් අපේක්ෂා කරන්නද. පවුලක වටිනාකම නො දන්න පියවරුන් මේ මිහිපිට සිටිනවා. ඔවුන් ඒ උතුම් පීතෘත්වය යන වචනයටත් අසාධාරණයක්.

මේ කියන්න යන්නේ ආදරය කරුණාව බලාපොරොත්තුවෙන් සිටින දරුවන්ගේ කඳුළු කතාවක්. මේ කතාව අපට අසන්නට ලැබෙන්නේ සීගිරිය මයිලැත්තාව ප්‍රදේශයේ ය. ඇය ඒ. ඉන්දිකා දමයන්ති. හතළිස් එක් හැවිරිදි ඉන්දිකා දමයන්ති ට දරුවන් සිවු දෙනෙක් සිටිති. වයස අවුරුදු පහළොවක් වූ චමෝදි උපමාලි දියණියත් නිසංසලා වයස අවුරුදු 12 ක් වූ දියණියත් චානුක ලක්ෂාන් 19 හැවිරිදි පුතාත් 10 හැවිරිදි ශලිනි නිසංසලා දියණියත් දියණියත් මෙම ඉන්දිකා ගේ දරුවන්ය. එසේම මොවුන් සමගින් ඉන්දිකා ගේ මව වන 60 හැවිරිදි බිසෝ මැණිකේ ජීවත් වනවා.

අධික ලෙස බීමට ඇබ්බැහි වූ මෙම දරුවන්ගේ පියා දැනට වෙනත් ප්‍රදේශයකට ගොස් තනිවම ජීවත් වෙනවා. ඒ මක්නිසා ද ප්‍රදේශවාසීන් සහ පොලිසියේ බලපෑම් නිසා බව පවුලේ අය පවසනවා. තම සැමියා අධික ලෙස මතට ලොල් වූ නිසා දරුවන්ට මෙන්ම බිරිඳට ද නිතර නිතර පහර දීම් අනේක දුක් හිරිහැර සිදු කරන නිසා මෙම පවුල දිනපතා ම කැලෑවල තමයි ඔවුන්ගේ රැය පහන් කරන්නේ. එසේම මොවුන් පහර කෑමට ලක් වූ ඇතැම් අවස්ථාවල දී ඇඳි වත පමණක් ඉතිරි වන සිද්ධීන් ද රැසකට මුහුණ දීම මෙම දරුවන්ට සාමාන්‍ය දෙයක් බවට මේ වන විට පත්වී තිබෙනවා.

තමන් අප්පච්චිගෙන් විඳි අමිහිරි අත්දැකීම් පවුලේ දරුවන් ලෙස ඔවුන් ඉතා සංවේදී වන්නේ එය අනේකවිධ පීඩාකාරී තත්වයන්ගෙන් දිනපතා බැට කන නිසයි.
මොවුන්ගේ අප්පච්චි හැම දාම මත්පැන් බොනවා වගේම හවසට ඇවිල්ලා බිරිඳටත් දරුවන්ටත් හොඳටම පහර දෙනවා. මොවුන් ලොකු මහත් වෙන කම් වැඩි දවසක් ගේ අතුලේ නිදා ගෙන නෑ. කැලේ තමයි ඉන්නේ. ළමයි හතර දෙනාටත් බිරිඳටත් ඒ වගේම වයසක මවටත් මෙම බීමට ලොල් වූ නිසා පහර දෙනවා. ගෙදර ඉන්න බැරි ම නිසා මේ පවුලේ ලොකු පුතා එනම් 19 හැවිරිදි චනුක ලක්ෂාන් මහණ වෙලා පවා සිටියා. ඉවසා ගත නොහැකිව දරුවන් කරන්නෙ කුමක්ද කියා සිතා ගත නොහැකිව සිටින්න ඇති. පසුව මහණකම අතහැර මේසන් අත් වැඩ දීමට කොළඹ පළාතට ගොස් තිබේ. ඒ මේ නිවසේ ඇති කටුවක්වය දරා ගැනීමට නොහැකිම තැනයි.

මෙම මව අතු පතු ගාලා හම්බ කරගන්න දේකින් තමයි වේලක් ඇර වේලක් කාල හරි ජීවත් වෙන්නේ. මෙම සුරාවට ලොල් වූ පියා 12 හැවිරිදි දියණියගේ බෙල්ල මිරිකා තිබෙනවා. ඉන් පසු එය පවුලේ අයගේ සහ අසල්වාසීන්ගේ උදවි ඇතිව බේරි තිබෙනවා. මොහුගේ දරුණු ක්‍රියාවන් ඉතා අමානූෂීයයි. අලවංගුවකින් ගහනවා, පිහියෙන් මෙම මවගේ අම්මට හිංසා කර තිබෙනවා. ඒ වගේම බිරිඳගේ කකුල් වලට හිංසා කරනවා.. මෙවන් වූ හිංසා පීඩා කරන මොහු මෙලෙසින් හැසිරෙන්නේ මත්ලෝලියෙක් නිසා ද.
මේ වද හිංසා වගේම මොවුන්ගේ නිවසත් ඉතාම දුබල තත්වයේ තිබෙන්නේ. එසේම සනීපාරක්ෂක ක්‍රියාවන් සිදු කර ගැනීමටත් වැසිකිළියක් මොවුන් සතුව නෑ. ගැහැණු දරුවන් සිටින මෙම නිවසේ මෙවැනි සනීපාරක්ෂක ක්‍රියාවන් සිදු කරගැනීමට සුදුසු වාතාවරණයක් නෑ.

එසේම අදින්න ඇදුම් නැති, කන්න හරිහාමන් කෑමක් නැති මෙම පවුලට කාගෙ සරණක්ද. ඔවුන් බලාපොරොත්තු වන්නේ කාගේ හෝ පිහිටක්. සැමියාගෙන් අනේක දුක් පීඩා වද හිංසා විදින මෙම බිරිදගේ එකම ප්‍රාර්ථනය ඔවුන්ට නො තෙමී ඉන්න කාමරයක් සාදා ගැනීම වගේම දරුවන්ගේ අධ්‍යාපනය සදහා කවුරුන් හෝ උදව් කලහොත් එය මහත් රුකුලක් වෙනු ඇත. මෙවන් වූ මිනිසුන්ට පිහිට වී ඔවුන්ගේ මුවගට සිනහවක් ගෙන ඒමයි සිදු කල යුත්තේ.

Leave a Comment