local news

තහනම් ගහේ ගෙඩි කෑමට ගිය දෙදරු පියාට වෙච්ච දෙයක්

විවාහ ජීවිතය සාර්ථක වෙන්නට නම් සැමියා හා බිරිඳ යන දෙදෙනාගේම සහයෝගය හා කැපවීම තිබිය යුතුයි. ඒ වගේම ආදරය සෙනෙහසත් අනිවාරෙන්ම තිබිය යුතුයි. සමහරෙක් කිවුවොත් මුදල් වලට කරන්න බැරි දෙයක් නෑ කියල නමුත් පවුලක සතුට සල්ලිවලට ගන්න බැහැ. ඒ නිසාම ඒ තරමට පවුලක අත්‍යවශ්‍ය දෙයක් තමයි සතුට කියන්නේ. දෙන්න දෙමහල්ලෝ අනෙකා කෙරෙහි විශ්වාසයත් තිබිය යුතුයි. නැතිනම් දිනපතාම රණ්ඩු සරුවල් සමගින් තමයි පවුල් ජීවිතය පවත්වාගෙන යන්නට සිදු වෙන්නේ.

දෙදෙනා කෙරෙහි අන්‍යෝන්‍ය ආදරය සෙනෙහස නොමැති වූ කල වෙනත් සෙනෙහසක් ආදරයක් සොයා යන්නට පෙලඹෙනවා. එය අද සමාජයේ දකින්න තියෙන සාමාන්‍ය සිද්ධියක් බවට පත් වෙලා. මේ තුලින් දරුවන්ගේ ජීවිතයි විනාශ වන්නේ. මේ කියන්න යන්නේ එවැනි සිදුවීමකි.

17 හැවිරිදි තරුණයෙක් අධ්‍යාපනයට ඉතා දක්ෂ වුවත් ජංගම දුරකතනයට ඇබ්බැහි වී සිටින නිසා ඔහු ඉගෙනීමට නැඹුරුතාවයක් දක්වන්නේ නෑ. ඉතින් කාලයාගේ ඇවෑමෙන් මෙම දක්ෂ සිසුවා අවසානයේදී නරක මිතුරන් ඇසුර තුලින් මතට පවා ලොල් වුණා. ඕනම හොද දරුවෙක් නරක මිතුරන් ආශ්‍රය කලවිට මෙසේ දුගතියටම ඇදී යාම ස්වභාවික සංසිද්ධියකි.

ඉතින් මෙම 17 හැවිරිදි තරුණයාද පාප මිත්‍රයන් ඇසුරු කිරීම තුලින් මතට ලොල්වී ජීවිතය විනාශ කරගත්තේ තම අහිංසක දෙමාපියන්ගේද බලාපොරොත්තු සුන් කරමිනි. කුසට අහරක් නැතිව තම දරුවන්ව පෝෂණය කරන දෙමාපියන් මේ ලොවෙහි කොතරම් ඇතිද. මෙම තරුණයා තම මවටත් පියාටත් ඇවිටිලි කරන්නේ මත්ද්‍රව්‍ය ලබා ගැනීමට මුදල් ඉල්ලමිනි. දුක් මහන්සි වී දරුවන් උස් මහත් කලේ මෙවැනි ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් නම් නොවේ.

මුදල් හිඟ වීම නිසා මෙම තරුණයා කොලඹට නුදුරු හෝටලයක සුලු සුලු වැඩ කරන්නට ක්‍රමයක් සාදා ගත්තා. ඔහු එහිදී රැකියාව ලෙස කලේ හෝටල් කාමරත් අවට පරිසරයත් පිරිසිදු කිරීමයි. මෙලෙස වැඩ කටයුතු කරගෙන යනවිට ඔහුට කදිම අදහසක් පහල වුණා. ඒ අදහස ඔහුට කදිම යැයි වැටහුනේ මුදල් උපයාගැනීමට ලෙහෙසි පහසු වන ක්‍රමයක් නිසාවෙන්.

ඔහු කුඩා කැමරාවක් ගෙන එය හෝටල් කාමරයේ සවි කලා. ජංගම දුරකතනයට එහි දර්ශන සම්බන්ධ කරගත් ඔහු බලා සිටියේ උගුලට යමෙකු හසුවන තුරුයි. එක් දිනක් කාමරයට ආවේ විවාහක මැදි වයසේ අයෙක්. ඔහුගේ අත ගෙන තිබුණේ තරුණියක්. මෝටර් රථයකින් හෝටලයට පැමිණ ආපසු යනතුරු සිදු වූ සියල්ල වීඩියෝ කළ මෙම තරුණයා ඊලග පියවර තැබුවා.

මහත්තයා
ඔයාගේ සියලු තොරතුරු මම දන්නවා. නෝනා දරුවො දෙන්නා හොදින්ද. අර අනෙක් ලස්සන ගෑනු ලමයා හොදින්ද. ඒත් නරක දේ තමයි අර හෝටලයට ගිය එක. ඔන්න ඒ විඩියෝ එකේ කොටසක් වට්ස්ඇප් කලා.
තරුණයා කී දේ අසා මෙම පුද්ගලයාට සිහිසුන් නැති වුණා. ඉන් පසු ඔහු තරුණයාගෙන් මොනවද ඕනි යැයි පැවසූ විට රුපියල් 25.000ක් අවශ්‍ය බව කීවිට එය ලබා දුන්නා. දින කිහිපයක් ගත වුණා. නැවතත් ඇමතුමක් ලබා දී රුපියල් 10.000ක මුදලක් ඉල්ලුවා. අවසානයේදී මේ පුද්ගලයාට මොහුගෙන් බේරිමක් නැතිවූ අවස්ථාවේ පොලිසියේ පිහිට පැතුවා. දෙදෙනාම පොලිසියට කැදවූයේ ඉන්පසුවයි. වීඩියෝ පටය මකා දමා වැඩේ ගොඩින් බේරගන්නට දෙදරු පියාට සිදු වූයේ නිවසේ සිටින බිරිදගේත් දරු දෙදෙනාගේත් චරිතවලට හානියක් සිදු වේ යැයි සිතා.

තම බිරිඳට තම පවුලට වංචා කරන මිනිසුන් මේ මිහිපිට ඉන්නවා. ඉතින් එවැනි පුද්ගලයන්ට මෙලොව දීම විපාක ලැබෙනවා. එම නිසා පවුලේ සතුට අභිවෘද්ධිය ගැන සිතා ඉදිරියට වැඩ කටයුතු කරමු.

Leave a Comment