local news

තම හිසකෙස් පිලිකා රෝගියෙකුට දන් දුන් සිරස වොයිස් වේදිකාවේ එරන්දි

සිරස වොයිස් ටීන් හි ‘එගොඩහ යන්නෝ’ ගීතය ගායනා කර යූ ටියුබ් නාලිකාවේ නැරඹුම් වාර මිලියනයක් පසු කරන්නට සමත් වුණු හේෂානි එරන්දි දාසය හැවිරිදි දියණියකි. ඇය වාද්දුව ප්‍රදේශයේ ජීවත් වන අතර වාද්දුව මධ්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දැරියක්. අක්කෙකුගේ හා අයියෙකුගේ සෙවනෙහි හැදෙන වැඩෙන මේ හේශානි 2023 අවුරුද්දේ කලා විෂය ධාරාව යටතේ තමයි ඇය උසස් පෙළ කරන්නට සුදානම් වී සිටින්නේ. ඇයගේ මව ගුවන් විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ ගායිකාවක් වගේම නැටුම් ගුරුවරියක්. ගෙදරින් ලැබෙන පන්නරය තුලින් තමයි ඇය මේ තරම් සංගීතයට දක්ශ අයෙක් බවට පත් වෙලා තියෙන්නේ.

මේ දිනවල අපිට ඇය ගැන හරි පුදුම දෙයක් දැන ගන්නට ලැබුණා. ඒ ඇය ඇගේ ලස්සන වරලස පිලිකා රෝගියෙකුට පරිත්‍යාග කිරීමේ පුවතක්.

පිළිකා රෝගියෙක් තමන්ට පිලිකාවක් වැලදුණු බව දැනගත් විට මානසිකව කඩා වැටෙනවා. ඒ ඔවුන් තමන්ගේ ජීවිතයේ සමු ගැනීම අකමැත්තෙන් වුවද බලාපොරොත්තු වෙන්නට සිදු වන නිසායි. එහෙම කෙනෙක්ට ඔහුගේ හෝ ඇයගේ මනස දිරිමත් කිරීමට වචනෙකින් හෝ උදව් උපකාර කිරීමට ඇත්නම් කොයි තරම් දෙයක් ද.

ඉතින් මේ ලස්සන හදවතක් ඇති හේශානි ඇගේ හරි අපූරු කොණ්ඩය පිලිකා රෝගියෙකුට පරිත්‍යාග කරන්නේ කොයි කවුරුත් නො සිතන කාරණයක් නිසායි. ඒ අවස්ථාවේ ඇය ගැන මාධ්‍ය තුල දැඩි කතාබහට ලක් වුනා.

ඇය කුඩා කාලයේ සිටම කොන්ඩය දන් දීමට කැමැත්තෙන් සිටියා. දෙමාපියන්ගේ ද අවසරය අරන් තමයි හේශානි මෙවන් වූ දෙයක් කලේ. ඇගේ මව රෝගාතුර වී ගිලන්රතයෙන් අරන් යන අතරතුරේ දී ඇය සිතුවා අම්මා සුව වෙලා ආ විගස ම ඇගේ හිස කෙස් පරිත්‍යාග කරන බව.

ඇය කුඩා කල සිතා සිටි බලාපොරොත්තුව ඉටු කරගැනීමට හැකි වූ හේශානි ගොඩක් සතුටින් තමයි සිටියේ. තරුණ වයසේ පසු වන මෙවන් දියණියන් මුලු සමාජයට ම ආඩම්බරයක් වගේම ආදර්ශයක්.

ඇයගේ සංගීත ගමන ගැන හැරී බැලූ විට එය ආරම්භ කලේ පුෂ්පා ගුරුතුමිය ළගට ගොස් සංගීතය හැදෑරීමෙනි. ඇයට සංගීතය හැදෑරීමට පවුලෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. අම්ම තමයි ඇයට මෙන්ම අනිත් සහෝදරයාටත් සහෝදරියටත් සිංදු කියන්න ඉගැන්නුවේ.
මොවුන්ගේ පවුලේ සියලු දෙනා එකතු වී විවිධ පිංකම් සිදු කරනවා. ඒ වගේම ඇය ජීවිතය පිලිබදව ගැඹුරු දර්ශනයකින් බලනවා. ජීවිතයට එන සෑම අභියෝගයකට ම නොබියව මුහුණ දිය යුතු බව ඇය පවසන්නේ.

ඉතින් සංගීත ක්ශේෂ්ත්‍රය තුලින් රටට අභිමානයක් ගෙන එන්නටත් , අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් මෙවන් වූ ආදර්ශමත් ක්‍රියාවන් සිදු කිරීමට තව තවත් කිරීමට ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු.

Leave a Comment