local news

සැමියාගේ පොලු පහරින් බිරිඳ ට දිවි අහිමි වෙයි නැන්දම්මාට බරපතළයි

අද සමාජයේ ගෘහස්ථ හිංසනය බහුලව දකින්න ලැබෙන දෙයක්. නමුත් විවාහ දිවියට එළඹෙන කිසිවකුත් මෙවන් වූ ගැටලුකාරී පවුල් ජීවිතයක් අපේක්ෂා කරන්නේ නැත. නමුත් තම තමන්ගේ ඉරණම ලියැවී ඇති ආකාරයට මෙවන් වූ අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවීම සාමාන්‍ය දෙයකි. ඇතමෙක් සතුටින් පවුල් ජීවිතයක් ගත කරන විට තවත් කෙනෙක්ට ඒ අමිහිරි අත්දැකීමකි. ඒ කෙසේ නමුත් සියලු තරුණියන් දෙමව්පියන්ගේ අනවසරයෙන් පෙම්වතුන් සමග විවාහ වන්නේ සතුටින් පවුලක් ගත කිරීමට අපේක්ෂා සහගතවයි. ඒ වගේම ඔවුන් ආදරයෙන් අන්ධ වී ඇති නිසයි. නමුත් එහි යථාර්ථය කිසිවෙකුත් නො දනී. ගඟේ ගැඹුර දැනගන්නට අවශ්‍ය නම් දියට බහින්න ඕන කියනවා නේ. ඒ වගේම තමයි විවාහ ජීවිතයේ අත්දැකීම් දැන ගන්න නම් විවාහ වෙලා ම බැලිය යුතුයි.

ඉතින් ඇතමෙක් ආශා කරන තවත් සමහරෙක් දුක් විඳින මෙම පවුල් ජීවිතය තුළ මිනිසුන් ඉතා අමානුෂීය ව හැසිරෙන පවුල් ද තිබේ. සමහරක් පවුල්වල ස්වාමිපුරුෂයා මතට ඇබ්බැහිවීම තුළින් රණ්ඩු සරු වල් සිදුවේ. ඒ වගේම බිරිඳගෙ ඇති අයහපත් ක්‍රියාවන් නිසා පවුලක් විරසක වේ. මේ කුමන ක්‍රියාව සිදු කළත් අවසානයේ සිදු වන්නේ අහිංසක පවුලක ගේ විසිරීමයි. එවිට දරුවන් අසරණ වන්නේ තම මව්පියන්ගේ ඇති වැරදි නිසයි.
ආදරය රැඳුණු පවුලක ජීවත් වීමට කවුරුත් ප්‍රිය කරන්නේ කාටත් මෙම පවුල් රස විද ගැනීමට අවශ්‍ය නිසයි. අපිත් ආසයි අපිට සතුටින් ජීවත් වෙන්න පුළුවන් විදියට අපේ පවුල ගොඩනැගිලා තියෙන නම්.
ඉතින් මේ දැන් කියන්න යන්නේ පවුල් සංස්ථාවක තිබුණු අරගලයක් නිසා අහිංසක මවකගේ කඳුළු කතාවක්. මොවුන් ජීවත් වූයේ මාලිම්බඩ උතුරයි. ඇය හර්ෂා නිශානි කලුආරච්චි නමැති 33 හැවිරිදි තැනැත්තියක්. ආර්ථික අපහසුතාවයන් නිසා ඇය ඇඟලුම් කම්හලක සේවය කර තිබෙනවා.
ඇය මොරවක ප්‍රදේශයේ තිස්හත් හැවිරිදි පුද්ගලයෙක් සමග විවාහ වී ඇත. මොවුන් දෙදෙනාට වයස අවුරුදු 12ක දරුවෙක් තම පවුලට එකතු වී තිබෙනවා.


මේ අතර සැමියා බිරිඳ සමඟ ඇතිවූ බහින්බස් වීමක ට නැන්දම්මා ද එකතු වී තිබෙනවා. එහි දී කෝපය දරාගත නොහැකි ව උරණ වූ සැමියා දැඩි කෝපයෙන් බිරිඳට සහ නැන්දම්මාට පොල්ලකින් පහර දී තිබෙනවා. එම පොලු පහරින් තිස්තුන් හැවිරිදි හර්ෂා නිශානිට ඒ අවස්ථාවේ දී ම අවාසනාවන්ත ලෙස දිවි අහිමි වී තිබෙනවා.


සිය බෑණනුවන් ගේ පොලු පහරින් බැට කෑ නැන්දම්මාට දැඩි ලෙස තුවාල ලබා ඇති අතර ඇය මේ වන විට රෝහල් ගත කර තිබෙනවා. ඉන් පසු මෙම සැකකාර සැමියා තම දොළොස් හැවිරිදි දරුවා ද රැගෙන පළා පලාගොස් තිබෙනවා. දැන් එම සැකකාර සැමියා සොයා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වන විට යොදවා ඇති බව සඳහන් කරනවා.

පවුල් තුළ බහින්බස් වීම් සාමාන්‍ය දෙයක්. එය පාලනය කර ගත හැකි වන්නේ බිරිඳ හා සැමියාටමයි. එවන් වූ කෝප වූ අවස්ථාවක දී ඉවසීම ප්‍රගුණ කළ යුතු වන්නේ තමාට හා තම පවුලේ ආරක්ෂාව උදෙසායි. දෙදෙනා ම කෝප වූ විට ඉන් එහාට සිදු වන්නේ කුමක් දැයි කිසිවකුටත් සිතා ගත නො හැකියි. මෙම අවස්ථාවේ හර්ෂා නිශානිගේ ජීවිතය අකාලයේ විනාශ වූයේ ගෘහස්ථ ගැට‍ළු නිසා බැව් අප තරයේ සිහි තබා ගත යුතුයි.
ඉතින් මෙය ආදර්ශයට රැගෙන අද සිට නිවැරදිව ජීවත් වුවහොත් අපේ පවුල් සංස්ථාවත් ම සුරැකෙනු ඇත. එම නිසා කවුරුත් වග බලා ගත යුත්තේ අනෙකාට ගෞරව කරමින් දරුවන්ගේ අනාගතය උදෙසා සතුටින් ජීවත් වීමයි.

Leave a Comment