local news

සීයා 15 හැවිරිදි මිනිබිරිය ව අඹුකමට අරගෙන

පවුලක් කියන්නේ වටිනා සම්පතක්. කෙනෙකුට පවුලක් තියෙන විට එය කරදරයක් වගේම නමුත් කාත් කවුරුත් නැති කෙනෙකුට පවුලක් කියන්නේ මහමෙරක් තරම්. පවුලක් තුළ ආදරය කරුණාව රැකවරණය මේ හැමදේම ගැබ් වෙලා තමයි තියෙන්නේ.
අම්මා, තාත්තා, අයියා, අක්කා, නංගී, මල්ලී, ආච්චි, සීයා මේ වගේ පවුලක සාමාජිකයින් වැඩි වන තරමට තමයි ඒ පවුලේ සුන්දරත්වය තියෙන්නෙ.

අද මේ කියන්න යන්නේ සමාජය තුළ හරි අඩුවෙන් අහන්න තියෙන දෙයක්. මේ වගේ දේවල් අහන තරමට ම මේ සමාජය පිරිහිලා තියෙන්නෙ. සීයා කෙනෙක් කරන නො හොබිනා ක්‍රියාවක් වගේම සමස්ත සීයලාට ම කළු පැල්ලමක් එක් කරන කතාවක් තමයි මේ.

පහළොස් හැවිරිදි දැරියකට සිදු වූ ඛේදනීය සිදුවීමක්. ඇය 18 හැවිරිදි තරුණයෙක් සමඟ ආදර සම්බන්ධයක් පටන් ගන්නවා. ඒ දැරියගේ මවට රහස් තමයි කර ගෙන යන්නේ. ඔවුන්ට දුරකථනයෙන් කථා කරන්න නිවසේ දී අවස්ථාව නොමැති අතර දුරකථනයක් ද ඇය සතු නොවේ.
මෙම දෙදෙනාගේ මේ සම්බන්ධයට අසූ හතර හැවිරිදි සීයා දැන ගෙන උදව් කර තිබෙනවා. එහි දී මෙම දැරිය තම සීයා ගේ නිවසට ගොස් තමයි පෙම්වතා සමග දුරකථනයෙන් කතා කරන්නේ. ඉතින් එවනි දෙයකට සීයාගේ උදව් ලැබීම ඇය මහත් සේ සීයාට ළැදියාවක් දක්වනවා.

තම පෙම්වතාට කතා කිරීමට දුරකතනය ලබා දෙන සීයා එයට හිලව් වන සේ දැරියට එම නිවස තුළ දී අතවර කිරීම පුරුද්දක් ලෙස දීර්ඝ කාලයක් තිස්සේ සිදු කර ඇති බව පොලිසිය විසින් අනාවරණය කර තිබුණා. එසේම මේ දැරිය තම පෙම්වතා සමග කතා බස් කරන්න දුරකතනය ලබාගන්නා බැවින් සීයගෙ ඉල්ලීමට එකඟ වනවා.

එය ඇසූ සැණින් ඉතාමත් පිළිකුල් සේ දැනෙන ක්‍රියාවක් වන අතර මෙම පෙම්වතා මගින් ද මේ දැරිය අතවරයට පත් වී තිබෙනවා. අසූ හතර හැවිරිදි සීයගෙන් මෙන්ම 18 හැවිරිදි තම පෙම්වතාගෙන් ද අතවරයට පත් මේ දැරිය නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි නාවලපිටිය පොලිසිය පවසනවා.

මෙහි සඳහන් වන සීයා මේ සිදු කරන්නේ දැරියගේ පියා නොමැති අතර මව භාරයේ සිටිය දී. මෙය ටික දිනක සිදුවීමක් නොවන අතර කාලයක් තිස්සේ සිදු වෙමින් පැවති දෙයක්.
මේ වන විට මොවුන් දෙදෙනාගෙන් එක් අයෙක් වන 18 හැවිරිදි පෙම්වතා නාවල නාවලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ලබන එකොළොස් වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නාවලපිටිය මහේස්ත්‍රාත් නිලන්ත විමලවීර මහතා නියෝග කර තිබෙනවා.

මෙලෙස දීර්ඝ කාලයක් තිස්සේ සිදු වූ මෙම ක්‍රියාව දැරියගේ මව විසින් නො දැන සිටීම දැරියගේ ජීවිතයට සිදුවූ හානියකි.. තම දියණියට මෙවන් වූ විපතක් සිදු වන තුරු ඇය නිදා සිටියා ද. මෙවැනි ක්‍රියා නිසා පුද්ගලයෙකු වැඩිහිටියෙකුට දෙන ගෞරවය අහිමි වීමයි සිදු වන්නේ. දෙමව්පියන් සෑම විටම තම දරුවන් දෙස විමසිල්ලෙන් බලා සිටිය යුතු අතර ඔවුන් ගැන මීට වඩා සොයා බලා කටයුතු කල යුතුයි. එසේ කලහොත් තම දරුවන් මල් මෙන් පරිස්සම් කරගත හැකියි.

Leave a Comment