local news

පාසල ඇරඹුනුදාම නිල ඇදුම පිටින් ශිෂ්‍යාවක් ගිය අපූරු ගමන

පාසල් නිවාඩු කාලයට සෙල්ලම් කරන්නට බලන් සිටින දරුවෝ නිවාඩු කාලය ආරම්භ වෙත්ම පාසල් වැඩකටයුතු මගහැර සෙල්ලමට හිත යොමු කරයි. විශේෂයෙන් කුඩා දරුවන් පාසල් යන්නේ දෙමාපියන්ගේ බල කිරීමට මිස ඔවුන්ගේ ඇති උවමනාවට හෝ ආශාවට නොවන බව අප කවුරුත් දන්නා කරුණක්. නමුත් වැඩිහිටි සිසු සිසුවියන් පාසල් යාමට නම් කැමැත්තක් දක්වනවා. ඒ ඔවුන්ගේ විවිධ කැමැත්තන් නිසා.

වසංගත කාලසීමාව තුලදී නිවසටම වී සිටි දරුවන් පාසල් ආරම්භ කිරීමෙන් අනතුරුව ඔවුන් පියාපත් ආවා සේ ඉමහත් සතුටක් ප්‍රීතියක් දැනෙන්නට නම් ඇති. ඒ නිසාම වැඩිහිටි සිසු දරුවන්ට මෙය මහත් සතුටක් ගෙනෙන්නට ඇති යනු අපේ විශ්වාසයයි. එවැනි සතුටට පත් 15 හැවිරිදි සිසුවියක් ගැනයි අපි මේ කියන්න යන්නේ. දිවයිනේ සියලු පාසල් වල සියලුම පන්ති ආරම්භ කළ පළමු දිනයේ ගම්පහ වතුරුගම ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසල් සිසුවියක් පාසල් නිල ඇඳුමෙන් ම රාගම ප්‍රදේශයේ පදිංචි සිය පෙම්වතාගේ නිවසට පැමිණ සිටියදී රාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාසල් නිල ඇඳුමින් ත්‍රිරෝද රථයකින් පැමිණ සිසුවියක් නිවසක සිටින බවද පොලිසියට ලද තොරතුරක් මත රාගම වල්පොල ලේක්සයිඩ් වත්තේ නිවසක් සෝදිසි කළ පොලිසිය බාලවයස්කාර සිසුවිය සහ දහනව හැවිරිදි ඇගේ පෙම්වතා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන ඇති බවයි සඳහන් වන්නේ. එම නිවස සෝදිසි කිරීමට යන විට සිසුවිය නිල ඇඳුම් හා සපත්තු මාරු කර වෙනත් බෑගයක දමා තිබියදී පොලිසියට හසු වී තිබෙනවා. සිසුවිය ගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී එදින පාසල් යන බවට පවසා නිවසින් පැමිණි බවත් පාසල් නොගොස් ගම්පහ සිට ත්‍රිරෝද රථයකින් පෙම්වතා සමඟ රාගම ඔහුගේ නිවෙසට පැමිණි බවත් ඇය ප්‍රකාශ කර තිබෙනවා.

සිසුවියගේ මව්පියන් වද මේ පිළිබඳව දැනුවත් කර ඇති අතර බාල වයස්කාර දැරිය පරිවාස භාරයට පත් කිරීමට ඔවුන් ද එකඟතාව පළ කර ඇති බවයි සඳහන් වන්නේ. අත්අඩංගුවට ගත් බාල වයස්කාර පාසල් සිසුවිය විසි තුන් වෙනිදා රාගම රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර වෛද්‍ය වාර්තාවක් කැඳවා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව පරිවාස භාරයට යොමුකරන බවත් සැකකාර තරුණයා බාලවයස්කාර පාසල් සිසුවියක් අයථා ලෙස නිවසට රැගෙන ඒම සම්බන්ධයෙන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අද සමාජයේ අහන්න දකින් දේවල්නම් හරිම පුදුමාකාරයි. දරුවන් අධ්‍යාපනයට නොව බොරු දේවල් සඳහා හඹා යන ලෝකයක් තමයි මේ බිහි වෙලා තියෙන්නේ. ඉතින් එවැනි ලෝකයක අධ්‍යාපනයට මුල් තැන ලබා දෙන සිසු පරපුරක් නිර්මාණය කරමු යන අදිටන තබාගනිමු.

Leave a Comment