local news

17 හැවිරිදි පෙම්වතිය ගැබ් කළ වරදට පෙම්වතාගේ මව හිරේ ගියේ ඇයි

තරුණ තරුණියන්ගේ ආදර සම්බන්දතා දුරදිග ගොස් ඔවුන්ට සමාජයට මුහුණ දීමට පවා නොහැකිවන අවස්ථාවන් කොතෙකුත් කියා ගැනිය නොහැක. මේ සමාජය පුරාවටම දකින්නට ලැබෙන්නේ එවැනි සිද්ධීන්මයි. තාක්ෂණය දියුණු වනවාත් සමගම සමාජයද පිරිහෙනවා. පිරිහුණු සමාජයක ජීවත් වන අපිට මෙවැනි දේ අරුමයක් නොවන වග කවුරුත් හොදින් දන්නා කරුණක්. දෙමාපියන්ට හොර රහසේ ආදරය කරන්නට පටන් ගන්නේ සුදුසු වයසකදී නම් නෙමෙයි. එවැනි අවස්ථාවලදී දෙමාපිය අවසරය සහිතව සිදු කරන ආදර සම්බන්දතා නැතුවාම නොවේ. මේ කියන්න යන්නේ එවැනි සිද්දියක්.

17 හැවිරිදි පාසල් සිසුවියක් සහ 20 හැවිරිදි තරුණයෙකු අතර පැවති ආදර සම්බන්දතාවක් ගාල්ල ප්‍රදේශයෙන් අහන්න ලැබුණා. එම සම්බන්ධය දුරදිග යාම නිසා මෙම 17 හැවිරිදි පාසල් සිසුවිය ගැබිණියක් වූ බව දැනගන්නට ලැබුණා. මෙම පෙම්වතාගේ මවගේ ආධාර උපකාරය සහිතව ඇය ගැබ් ගැනීමේ අවස්ථාව සිදු වීම විශේෂයක්.

කෙසේ නමුත් එම මව මීට අදාළව අත් අඩංගුවට ගෙන ඇති අතර ඇයගේ පුත්‍රයා නිවසින් පළාගොස් සැගවී සිටින බවයි වාර්ථා වෙන්නේ. මෙම සිසුවියගේද කැමැත්ත සහිතව මෙය සිදු වූ නමුත් ඇයගේ වයස් සීමාව හේතුවෙන් ඇයව පරිවාසභාරයට ගෙන තිබෙනවා.

මෙම තරුණයා අවස්ථා කීපයකදීම සිය පෙම්වතියව මෙලෙස ඔහුගේම නිවස වෙත ගෙනැවිත් අඹු සැමියන් වශයෙන් සිට තිබෙනවා. මෙලෙස ලිදේ සිටි මැඩියන් වගේ සමාජය ගැන නොදැන සිට සමාජයට ආවිට විවිධ පුද්ගලයන්ගේ රැහැනට ගොදුරු වෙනවා. මෙය ඔවුන්ගේ නොදැනුවත්කම නිසා පමණක් නොව තිබෙන මෝඩකම නිසා මෙවැනි සිදුවීම් වලට මුහුණ දෙන්නට සිදු වන්නේ. එවැනි ක්‍රියා සිදු නොකර බුද්ධිමත් ලෙස ජීවත් වීමට අද සිට අදිටන් කර ගනිමු.

Leave a Comment