local news

හොරෙන් පොල් කැඩූ තිදෙනාට පොල් ගෙඩි තුනක් සමගම ලැබුණු තෑග්ග

අද සමාජය ගොඩක් පිරිහිලා තියෙන්නේ. මිනිස්සු වැඩිපුරම යොමුවෙලා තියෙන්නේ වැරදි දේටයි. දුක් මහන්සියෙන් හරිහම්බ කර ගන්නා මිනිසුන් වගේම අනුන්ගේ දේ කඩා වඩා ගන්නට වෙර දරන මිනිසුන් නම් බොහොමයක් ම සිටිනවා. ලේසිය පහසුව නිසා මිනිසුන් පෙළඹෙන්නේ සොරකමට. අනුන්ගේ දෙයක් සොර සිතින් ලබා ගැනීම පස් පව් වලින් එකක් වන බව අප කවුරුත් දන්නා දෙයක්. එවන් වූ දෙයක් දැනගෙනත් සමාජය වැරදි දේට ම යොමු වෙන්නේ මේ සමාජ රටාවත් සමඟයි.

එවැනි සොරකමෙන් දඬුවම් ලැබූ පුද්ගලයන් පිළිබඳව අපට අසන්නට ලැබුණා. ගාල්ල වැකුණගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක හොරෙන් පොල් කඩමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු පොල්ගෙඩි තුනක් සමග අත්අඩංගුවට ගෙන තිබුණා.

අක්කර එකහමාරක් පමණ විශාල මෙම ඉඩමේ අයිතිකරු ගංගොඩවිල ප්‍රදේශයේ පදිංචිව සිටින අතර නිතරම සොරුන් විසින් ඉඩමේ පොල් කඩන නිසා අයිතිකරු සීසීටීවී කැමරා පද්ධතියක් ද සවි කර තිබුණා. එම සීසීටීවී දර්ශන අනුව තිදෙනෙකු හොරෙන් පොල් කඩන බවට අයිතිකරු විසින් කරන ලද පැමිණිල්ලක් මත ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සැකකරුවන් තිදෙනා සමඟ පොල් ගෙඩි 3ක් අත්අඩංගුවට ගැනුණා. ගාල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව කුමාර මහතාගේ මෙහෙයවීමෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව උප පොලිස් පරීක්ෂක ලියනගේ මහතා විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන බවද සඳහන් වුණා.

වැරදි කරන අයට මේ මිහිපිටම දඬුවම් ලැබෙනවා කියන්නේ බොරුවක් නම් නෙවෙයි. ඉතින් වැරදි කරන අය සඳහා දඬුවම් දීම සුදුසු ක්‍රියාවක් වුවත් එම මිනිසුන් එම වරදෙන් මිදෙන පුද්ගලයන් නොවෙයි. සොරකම මේ සමාජයෙන් තුරන් කළ විට යහපත් සමාජයක් බිහි වනවා නොඅනුමානයි.

Leave a Comment