local news

මුදල් සොරකමින් රිමාන්ඩ් කළ සංවර්ධන නිලධාරිණිය වස බීමට හේතුව මෙන්න

වංචාවට ගැහැණු පිරිමි බේදයක් නොමැතිව අද සමාජයේ දැකගන්න පුළුවන්. කවුරුත් උත්සහ කරන්නේ කෙසේ හෝ මුදල් ලබා ගැනීමටයි. ඉතින් එවැනි අවස්ථාවකදී කාන්තා පිරිමි බේදයක් නොමැතිව මුදල් සොයා ගැනීමට වෙහෙසෙන මිනිසුන් ඇඟේ පතේ මහන්සියෙන් තොරව මුදල් උපයන්නට වෙර දරයි.

එහිදී ඔවුන් හසුවී සිර ගෙදර කූරු ගණින්නට ද සිදු වන්නේ අවාසනාවන්ත වූ අයුරින්. ඒ කෙසේ වෙතත් ඇතැමෙක් වැරදි කලද ඔහුට හෝ ඇයට දඩුවම් විදීමට සිදු වෙනවා. එය සනාතන දහමකි. මේ කියන්න යන්නේ එවැනි සොරකමක් සිදු කොට දඬුවම් ලබමින් සිටි කාන්තාවකට සිදු වූ දෙයක්.

පාසලේ සංවර්ධන සමිතියේ ගිණුමෙන් කූඨ ලේඛන සකස් කොට චෙක්පත් වල අගය වැඩි කොට රුපියල් විසි එක් ලක්ෂ පනස් හය දහස් දෙසියක මුදලක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගනු ලැබුවා. ඇය ගාල්ල දිස්ත්‍රික්කයේ ජනප්‍රිය පාසලක අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ කළමනාකරණ සංවර්ධන නිලධාරිනියක් ලෙසයි කටයුතු කළේ.

මෙම රක්ෂිත බන්ධනාගාර ගත කළ කාන්තාව මදුරුවන් සඳහා යොදන දියර කුප්පියක් තම සාරිය තුළ සඟවා ගෙන පැමිණ පානය කොට ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. බන්ධනාගාර නිලධාරීන් විසින් දැඩි පරිශ්‍රමයක් දරා මෙය වළක්වා තිබෙන අතර බන්ධනාගාර බස් රථයකින් ඇයව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 58 වැනි වාට්ටුවට ඇතුළත් කොට තිබුණා.

මේ වන විට මෙකී කාන්තාව බන්ධනාගාර නිලධාරිනියන්ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන අතර වස පානය කිරීමට හේතුව බන්ධනාගාර නිලධාරිනියන්ට පවසා ඇතැයි ද ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග පවසයි. නිවසේ සිට මෙම වස බෝතලය රැගෙන ආ බව ඇය සඳහන් කොට ඇති අතර ඇයගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.
ඇය පසුගිය 23 වනදා පස්වරුවේ ගාල්ල බන්ධනාගාරය තුළදී වස පානය කොට තිබෙන අතර ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණා. මෙම කාන්තාව ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් මස 2 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

වැරදි සිදු කරන්නන්ට දඩුවම් මෙලොවදීම ලැබෙන අතර එම වැරදි වලින් බේරීම සඳහා තමන්ගේ ජීවිතය විනාශ කර ගැනීම ඉතා අනුවණ ක්‍රියාවක් බව අප කවුරුත් මතක තියාගත යුතුයි. එවිට සිදු කළ යුත්තේ සමාජයට මුහුණ දීමට නොහැකිව ජීවිතය විනාශ කර ගැනීම නොව වැරදි වලින් මිදී යහපත් දිවි පෙවෙතක් ගත කිරීමයි සැවොම අගය කරන්නේ.

Leave a Comment