local news

ඒ නෝනාගේ කකුල් දෙක සුදුයි ඔයාගේ කකුල් දෙක කලුයි කකුල් බලපු වෙළෙන්දාට අවසානයේ අත්වුණු ඉරණම මෙන්න

අද සමාජයේ මුලාවට ලක් වෙන්නේ බොහෝ සෙයින් කාන්තාවන්. විවිධාකාර හේතූන් නිසා කාන්තාවන් මුලා වෙනවා. සමහර ව්‍යාජ භාණ්ඩවලට කාන්තාවන් මුළා වීම සමාජයේ පොදු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ අය පිරිමි පුද්ගලයන් විසින් හාස්‍යයට ලක් කරන කරුණක්. කියමනට කියන්නේ ගෑණුන්ගේ මොලේ හැඳි මිටේ තරම් කියලා.
වර්තමාන සමාජය තුළ විවිධාකාර පුද්ගලයින් මිනිස්සුන්ව මුලා කොට ඔවුන්ගේ සල්ලි සූරා ගනී. සමහර පුද්ගලයන් මෙය ව්‍යාපාරයක් හැටියට ද සිදු කරයි. ආර්ථිකය හිඟවීමත් සමඟ ම මිනිසුන් මෙවැනි දේවලට ඇබ්බැහි වේ. ඒ මන්ද යත් මිනිසුන් සොයන්නේ කෙසේ හෝ මුදල් උපයා ගැනීමයි. මිනිස්සුන්ට සල්ලි වලට කරන්න බැරි දෙයක් නැහැ.


අද සමාජය සල්ලි පස්සේ හඹා යන සමාජයක් විදියට අපිට දකින්න පුළුවන්. එය කිව්වට වැරැද්දක් නොවේ. මොකද අද කාලේ හරියට හුස්මක් ගන්නත් සල්ලි ඕනෑ. එවන් කාලයක මෙලෙස මිනිසුන් අගාධයට යන්නේ මුදල් පසුපස හඹා යන නිසයි.
කාන්තාවන් පිරිමින්ගේ මුලා වලට හසු උනාට පිරිමි කාන්තාවන්ගේ මුලාවලට හසු වෙනවා ද. මේ කියන්න යන්නේ එවැනි සිද්ධියක්.

නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ ගසක් යට යතුරු පැදියක් නවතා තබා මාලු අලෙවිකරණ සංචාරක වෙළෙන්දෙකුට සිදු වූ අකරතැබ්බයක් පිළිබඳ පුවතක් මේ කියන්න යන්නේ. මෙම පුද්ගලයා නගරයට ඇතුල් වන ස්ථානයේ ප්‍රධාන මාර්ගයේ මාළු වෙළඳාම් කරන්න පුද්ගලයෙක්.
මෙම වෙළෙන්දාගෙන් මාළු මිල දී ගැනීමට එකම ස්වරූපයේ සිටින කාන්තාවන් දෙදෙනෙකු වරින් වර මෙම ස්ථානයට පැමිණේ. එම කාන්තාවන් දෙදෙනා ම බාහිරින් එක සමාන කාන්තාවන් ය. දෙදෙනා ම පැමිණෙන්නේ එකම වර්ගයේ කාන්තා යතුරුපැදිවලින්. ඒ වගේම ශරීරයේ උස මහත ද එක සමාන හැඩහුරුකම් කියයි. ඒ විතරක් නොව හැද පළඳින ඇඳුම් පවා එක හා සමාන කම් කියන්නේ මොවුන් දෙදෙනා හරියට නිමුන්නු වැනිය.

මුහුණු ආවරණ පළඳින මොවුන් නිවැරදිව හඳුනා ගත නො හැකියි. ඒ කෙසේ නමුත් බාහිරින් දකින පුද්ගලයෙකුට මොවුන් දෙදෙනා ම එක හා සමාන හැඩහුරුකම් කියන්නකි.
දිනක් මොහු මාළු වෙළඳාම් කරන අතරතුර දී එක් කාන්තාවක් මෙතැනට පැමිණියේ මාළු මිල දී ගැනීමටයි. මාළු මිල දී ගත් එකී කාන්තාව රුපියල් 5000ක නෝට්ටුවක් වෙළෙන්දා අතට දිගු කළා. එවැනි විශාල මුදලක් මාරු කිරීමට තමා ලඟ මුදල් නැති හෙයින් වෙළෙන්දා නැවතත් කාන්තාවගෙන් මාරු සල්ලි නැද්දැයි ඇසුවා.

තමා ළඟ මාරු සල්ලි නැති බව වෙළෙන්දාට ප්‍රකාශ කළ කාන්තාව පිළිබඳව දැඩි විශ්වාසයක් සහ ඇය දිනපතා මෙම ස්ථානයට මාළු මිල දී ගැනීමට එන බැවින් පසුව ගෙනත් දෙන්න යැයි එම කාන්තාවට කියා සිටියා.
ඒ ඇසූ කාන්තාව මාළු ටික රැගෙන තම යතුරු යතුරුපැදියේ නැඟ යන්න ගියා.
එයට දින කීපයකට පසුව එක හා සමාන කාන්තාවන් දෙදෙනා ගෙන් අනෙක් කෙනා මාළු මිල දී ගැනීමට වෙළෙන්දා අසලට පැමිණියා. ඇය පැමිණ මාළු මිල දී ගත් විට මාළු කිරණ අතරතුර මාළු වෙළෙන්දා එම කාන්තාවට මිල සඳහන් කලා.
එම මුදල මුදල් පසුම්බියෙන් එලියට ගන්න පසුම්බිය එළියට ගන්නා අතරතුරේ ඇය මාළු වෙළෙන්දා දෙස බැලුවා. ඒ වන විට මාළු වෙළෙන්දා ඇයගේ දණහිසෙන් පහත දෙපා දෙස ගෙල දිගු කරමින් ඉතා ඕනෑ කමින් බලන අයුරු කාන්තාව දුටුවා. එයට උරණ වූ කාන්තාව මොනවද බලන්නේ බලන්නෙ ඇයි ඇසූ විට වෙළෙන්දා මෙලෙස කියා සිටියා.

මේකනෙ ඒ නෝනාගේ කකුල් දෙක සුදුයි. සුදු ඔයාගේ කකුල් දෙක කලුයි. සුදු කකුල් තියෙන නෝනාගෙන් මට ගානක් එන්න තියෙනවා. ඒකයි ඔයාගේ කකුල් සුදුයි ද කියල බැලුවේ.

මාළු වෙළෙන්දාගේ පිළිතුරෙන් කෝප වූ කාන්තාව මාළු ටිකත් ප්‍රතික්ෂේප කර එය මාළු බක්කියට විසි කර යතුරුපැදියේ නැඟ යන්නට ගියා. මෙම සිද්ධිය තවත් මාළු විකුණන මොහුගේ මිතුරෙකුට පැවසූ වෙළෙන්දා තවත් සුදු කකුල් තිබෙන නෝනා නො පැමිණි බවද ඔහු සමග පැවසුවා.

මිනිසුන් මුලාවේ වැටෙන්නේ ඔවුන්ගේ අපරීක්ෂාකාරී අවස්ථාවන් නිසයි. එබැවින් දූරදර්ශීව නුවණින් සිතා බලා කටයුතු කළ හොත් කිසිවකුගේ රැවටීමකට ලක් නොවනු ඇත.

Leave a Comment