local news

ෆේස්බුක් පෙම්වතිය දුරකථනයෙන් හාදුවක් නොදුන්නැයි 17 හැවිරිදි පෙම්වතා දිවි අහිමි කරගෙන

තරුණ හිත හරි ලාමකයි. ඔවුන් සිතන්නේ ඔවුන් කරනා කියනා දෙය සියයට සීයක්ම නිවැරදි යැයි කියා. ඉතින් ඔවුන් ආදරේ ගැන හිතන්නෙ ද එලෙසින්ම. එමෙන්ම ඔවුන් ආදරය කරද්දි හරි බොළඳ පෙම්වතුන් පෙම්වතියන්. තරුණයින් අව්‍යාජ ආදරයකින් ලෝකය දෙස බලනවා. එලෙස ආදරය තුළින් ජීවිතය විනාශ කර ගත් බොළඳ පෙම්වතෙක් පිළිබඳවයි මේ කියන්න යන්නේ.

වැලිවේරිය ප්‍රදේශයේ 17 හැවිරිදි මෙම තරුණයා පසුගිය සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි කෙනෙකි. මොහු දරුවන් තිස් තිදෙනෙක් යුත් පවුලක වැඩිමහල් දරුවා ය. බාල සහෝදර සහෝදරියන්ට ආදර්ශයක් සේ ජීවත් වීමට අවශ්‍ය කරන මොහු කළුතර ප්‍රදේශයේ දාසය හැවිරිදි පාසල් සිසුවියක් සමග මුහුණු පොත තුලින් දැන හඳුනාගෙන ආදර සම්බන්ධයක් පටන් ගෙන තිබෙනවා.

කවදාවත් සැබැවින්ම දැක නැති මොවුන් දෙදෙනා දැන් පෙම්වතුන්. ඔවුන්ගේ මෙම ආදර කතාවට එතරම් නම් කාලයක් නෑ. මාස 7ක පමණ පොඩි කාලයක සිට තමයි ඔවුන්ගේ ආදර කතාව පටන් ගන්නේ.

ඉතින් ඔවුන් එළෙසින් ආදරයෙන් කාලය ගත කරන්න විට එක් දිනක් මෙම පෙම්වතා කවදාවත් නොදුටු මෙම පෙම්වතියගෙන් හාදුවක් ඉල්ලනවා. මෙය ඇසූ පෙම්වතිය එය ප්‍රතික්ශේපකර තිබුනා. එයට කනස්සල්ලට පත්වුණු මෙම තරුණ පෙම්වතා සිදුකර ගත්තේ කවුරුත් නොසිතූ දෙයකි. පෙම්වතියගෙන් මෙයට ප්‍රතිචාරයක් නොමැති හෙයින් 17 හැවිරිදි පෙම්වතා නිවස තුලදීම සිය දිවි අහිමිකරගෙන තිබෙනවා.


තරුණයාගේ දිවි අහිමි වීමෙන් පසුව කල පරීක්ෂණයකින් තරුණියගේ දුරකතන අංකය සොයා ඇයගෙන් ප්‍රශ්න කිරීමේදි අනාවරණය වී ඇත්තේ කිසිම දිනක දැක නැති මෙම තරුණයා මියගිය දින කතාබහ කරමින් සිටියදී හාදුවක් දෙන්නැයි පැවසූ බවත් එම අවස්තාවේ ඇගේ දුරකතනය බිම වැටීම නිසා ඔහුගේ ඉල්ලීඅ ඉතු කිරිමට නොහැකි වුණ බවත්ය. පොලිසිය සැක කරන අන්දමට හාදුවක් ඉල්ලූ නිසා තරුණිය උරණ වී ඇතැයි සිතා තරුණයා මෙලෙසින් ජීවිතය විනාශ කරගන්න ඇතැයි ලෙස.

තරුණ හිත හරි ලාමකයි. එවගේම ආදරය කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නැති මේ දරුවන් මෙලෙසින් ආදරය කලොත් ඔවුන් නිතැතින්ම විනාශ වී යනවා. ඉතින් මෙවැනි වයසක දරුවන් ආදරය හරි හැටි අවබෝධ කරගෙන ආදරය කලොත් ඔවුන්ට දිගු ගමනක් යා හැකියි. කිසි දිනෙක දැක නැති පෙම්වතියගෙන් ඉල්ලීමක් කර එය ප්‍රතික්ශේප කිරීම සම්බන්දයෙන් මෙවැනි දෙයක් සිදු කරගැනීම විහිලු සහගත ක්‍රියාවක් ලෙස වැඩිහිටියන්ට දැනුනත් එය අතිශය මෝඩ බොලද ක්‍රියාවකි. එවැනි දේ සිදු කර තමන්ගේ ජීවිතය අකාලයේ විනාශ කර නොගෙන නුවණින් සිතා බලා කටයුතු කිරීම නුවණැත්තෙක් විසින් කලයුතු යහපත් ක්‍රියාවකි.

Leave a Comment