local news

මාළු දැලක අලි පැටවෙක්

මහ වනය අයිති සතුන්ටයි. ගස් වැල් වලින් පිරුණු මහ වනයේ සතා සිවුපාවා ගේ රජදහණයි.එවන් වූ වනයක ජීවත්වුන අලි පැටවෙකු මෙලෙස මොරවැව ප්‍රදේශයේ වැවක මාළු අල්ලමින් සිටි ධීවරයන් පිරිසකගේ දැලක පැටලී සිටියා. 21 වන දින ගොඩටවිත් ඇති අතර පැටවා දැලෙන් ගලවාගෙන මොරවැව වනජීවී කදවුරට භාර දී තිබුණා.

අඩි 2ක හමාරක් පමණ උස ඇති මාස 2ක් පමණ වයසැති අලි පැටවාගේ තුවාලවලට ප්‍රතිකාර පිණිස මින්නේරි ගිරිතලේ පශු වෛද්‍ය ඒකකය වෙත භාර දී ඇත. වන අලි 50ක පමණ රංචුවක් රාත්‍රී කාලයට කැලයෙන් එළියට පැමිණ පාන්දර යාමයේ යළි වනයට යන අතර මෙම පැටවා මග හැරී ඇති බව ගම්වාසී හූ පැවසූවා.

මොරවැව වනජීවී අඩවි සහකාර වික්‍රමසිංහ, වන සත්ව නියාමකයන් වන පසිදු, කුමාර ක්ෂේත්‍ර සහකාර මයුර යන නිලධාරීහු මෙහෙයුමට සහභාගි වූවෝ වෙති.

Leave a Comment