local news

පොලොන්නරුවේ වන අලි ගම් වලට වැද ආහාර සොයා නිවාස කඩා දමයි

දහවල් කාලයේ වැඩ නිමා කර රාත්‍රියට සැනසීමේ ඇහැ පියා ගන්නටවත් නිදහසක් නොමැති මිනිසුන් මේ භූමියෙහි සිටිනවා. ජීවිතවලට ස්වභාවිකව මෙන්ම සතුන්ගෙන් ද කරදර පීඩා ඇති වෙනවා.සමහරුන් ස්වභාවික විපත් වලින් පීඩා විදිනවා වගේම තවත් සමහරෙක් සතුන්ගෙන් පීඩා විදිනවා.
එවැනි වන අලියන්ගෙන් කරදර විදින මිනිසුන් බොහෝමයක් දැක ගන්නට හැකියි. අනුරාධපුර පොලොන්නරු ප්‍රදේශ වල මෙය බහුලව දක්නට ලැබේ. කැලෑවල සිටින වන අලින් ගම්වලට කඩා වදින්නේ කැලෑවල ප්‍රමාණවත් තරම් ආහාර නොමැති නිසයි.

එය මිනිසුන්ගේ ක්‍රියාවන් නිසාම සිදුවන්නක් බව අපට පැහැදිලි වෙනවා. හේතුව නම් මිනිසුන් කැලෑ එළි කරන විට එහි ආහාර හිඟ වන අතර කන්නට ආහාර නොමැති අලින් ගම්වලට කඩා වදින්නේ ආහාර සොයා ගෙනයි.

මේ විදියට පොළොන්නරුව ප්‍රදේශය ආශ්‍රිත ගම්මානවල වැසියන් නිතර පීඩා විදින හේතුවක් තමයි වන අලින් ගම්වැඳීම. ඒ හේතුවෙන් මෙම මිනිසුන්ට ඔවුන් දහඩිය මහන්සියෙන් හරි හම්බකරගත්ත දේ වන අලින් නිසා අහිමි වෙනවා. වනයෙහි ඇති ආහාර හිඟ වූ පසු ගම්වලට කඩා වදින අලින් ගම්වල සිටින මිනිසුන්ට පවා හිරිහැර කරනවා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් මිනිසුන් 50ක් පමණ සහ අලි 100 කට ආසන්න සංඛ්‍යාවක් වාර්ෂිකව මරණයට පත් වෙනවා. අලින් වී වැනි ධාන්‍ය ආහාර ගැනීමට රුචිකත්වයක් දක්වන අතර ඉව ඔස්සේ වී ඇති ස්ථාන සොයා යනවා.
මෙලෙස නිවෙස් වල වී ගබඩා කර ඇති ස්ථාන සොයා නිවාස වලට පහර දී ධාන්‍ය සොරා ගනියි. මෙම සිදුවීම් බොහෝ විට සිදු වන්නේ රාත්‍රි කාලයේ. ගම් වැසියන් වන අලීන් පන්නා දැමීමට විවිධ ක්‍රියාවන් කරයි.වෙඩි දැමීම ගිනිමැල, අලි වැට වැනි විවිධ ක්‍රම තුළින් අලි ගම් වැදීම වළක්වා ගත හැකියි.

තමන් රැස්කරගත් ධාන්‍ය අලින් විසින් සොරා ගැනීම ඒ මිනිසුන්ට කෙතරම් වේදනාවක් ද. අලි ඇතුන්ට ජී පී එස් කරපටි සවි කරන ලෙස ගම් වැසියන් ඉල්ලා සිටින අතර සතුන් සැරිසරන ස්ථාන නිවැරදිව හඳුනා ගැනීම මෙන් ම ගැට‍ළුව විසඳීමට ඉවහල් වන බව ගැමියන්ගේ අදහසයි.
අලි මිනිස් ගැටුමින් පීඩා විදින වැසියන්ට නිදහසේ ජීවත් වීමට කාලය උදා වීමයි අපේ එකම පැතුම.

Leave a Comment