local news

දුම්රියේ වැදුණු අලියාගේ දිවි එතැනම අවසන් වේ

වනය අයිති වන සතුන්ටයි. ඔවුන් කැලයේ කා බී එහිම ජීවත් වේ. මුවෝ, කොටියො, සිංහයෝ වැනි සතුන් වනයේ ජීවත් වෙති. ඒ වගේම වන අලි කැලයේ සිටින අනෙක් සත්ව කාණ්ඩයයි. වන අලින් ගම්වලට වැදීම නිසා මිනිසුන් දැඩි අපහසුතාවයට පත් වී තිබෙන්නේ. ඒ මොකද ඔවුන් ගමකට ඇතුලු වුවහොත් මුලු ගමම විනාශ කරන නිසාවෙන්.

ඉතින් මිනිසුන් විවිධ ක්‍රියාවන් සිදු කර වන අලින් පලවා හරිනවා. නමුත් අපි වන අලි සම්පත රැක ගත යුතුයි. විදෙස් රටවලින් පවා වන අලි නැරඹීමට විදේශිකයන් පැමිණෙනවා. නමුත් මේ කියන්න යන්නේ පසු ගිය දවසක වන අලි සම්පත විනාශ වුණු ආකාරයක්.
මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ඉන්ධන දුම්රියකට 16 වැනි දින රාත්‍රියේ දී වැලිකන්ද නාමල්ගම ප්‍රදේශයේ දී වන අලියෙකු ගැටී එම ස්ථානයේදීම අලියා මරුමුවට පත්ව ඇති බව වැලිකන්ද වනජීවි කාර්යාලය පවසනවා.


මාදුරුඔය රක්ෂිතයේ සිට වන අලි නිරන්තරයෙන්ම මෙම ස්ථානයෙන් එහා මෙහා මාරුවන අතර දුම්රියේ ගැටී මෙලෙස දිවි අහිමි වූ වන අලියා වයස අවුරුදු 25ක් පමණ උසින් අඩි නවයක් පමණ පිරිමි සතෙක් බවයි වාර්තා වන්නේ. වන අලි නිරන්තරයෙන් මෙම දුම්රිය මාර්ගය හරහා එහා මෙහා මාරුවන බවට සලකුණු කර ඇතත් දුම්රිය රියදුරන් ඒ ආසන්නයේ දී අධික වේගයෙන් ගමන් කිරීම හේතුවෙන් මෙසේ වන අලි විනාශ වී යන බව සඳහන් කරනවා. මීට පෙරද වන අලි අට දෙනෙකු මෙම ස්ථානයේ දීම මියගොස් ඇති බවත් වනජීවි නිලධාරීන් ප්‍රකාශ කර තිබුණා.

මෙම වන අලියා දුම්රියේ ගැටීම හේතුවෙන් දුම්රිය මාර්ගයට ද අලාභ හානි සිදුවී ඇති අතර සිල්පර තිහක් පමණ ගැලවී ගොස් ඇති බවද සඳහන් වේ. ඒ අනුව අලාභ හානි සිදුවී ඇති දුම්රිය මාර්ගය නැවත සකස් කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ කම්කරුවන් පිරිසක් දාහත් වැනිදා උදෑසන එම ස්ථානයට පැමිණි බවද සඳහන්.

මෙලෙස වන අලි සමපත විනාශ වුවහොත් එම සත්ව කාණ්ඩය වද වී යන්නට පුලුවන්. එම නිසා අපි වනයේ සිටින සත්වයන් රැකගනිමු. එවිට ලස්සන සොබාදහමක් අනාගතයට දායාද කරන්නට හැකි වේ.

Leave a Comment