local news

වැලිසර අනතුරින් තුවාල ලබා සිටි සිසුවාටත් දිවි අහිමි වේ

අවුරුදු දාසයක පාසල් සිසුවකුගේ රිය පැදවීමකින් පසුගිය 4 වැනිදා වැලිසර මහබාගේ සුසාන භූමිය අසල දී මහා රිය අනතුරක් සිදුවිය. රියදුරාට වාහනය පාලනය කර ගත නොහැකිය මෙම අනතුර සිදුවිය.
රියදුරු ගමන් බලපත්‍රයද නොමැති මෙම පාසල් සිසුවා රථය ධාවනය කිරීම මහා වරදකි. වයස අවුරුදු 18ට අඩු පුද්ගලයන්ට රියදුරු ගමන් බලපත්‍රයක් නො දෙන්නේ ඔවුන් පාරේ වාහන පැදවීමට නුසුදුසු නිසයි. ඉතින් මෙවැනි දරුවෙක් අතින් මෙවන් වූ මහා රිය අනතුරක් සිදුවීම ගැන මුළු සමාජයේ ම මිනිසුන්ගේ පිළිකුලට ලක් වෙනවා.

මෙම වැලිසර මහා රිය අනතුරින් එම මොහොතේ ම පනස් දෙ හැවිරිදි පුද්ගලයෙක් වන අමරසිරි මහතා ජීවිතයෙන් සමු ගත්තා. ගෑස් සිලින්ඩරයක් ගෙන ඒමට පාරට බැස්ස මේ අමරසිරි මහතා ජීවිතයෙන් සමු ගත්තේ තම බිරිඳට සේම දරුවන්ට ද නො පවසා.
මහබාගේ ස්වර්ණාභරණ වෙළඳසැලක හිමි කරුගේ පුතෙකු වන දාසය හැවිරිදි මෙම දරුවා සිදු කළ මහා විපතෙහි අනිසි ප්‍රතිඵලයක් ලෙස අමරසිරි මහතාගේ බිරිඳ ඇතුළු සිය පවුලේ සියලු දෙනාව මේ මිහිපිට තනිකර දමා යාම සියලු දෙනාගේ කම්පාවට පත් විය. එම අනතුරින් සිදු වූයේ තවත් කුරුලු කැදැල්ලක සතුට අහිමි වීමයි.

වඩු මඩුවට යාමට ප්‍රථම නිවසට අවශ්‍ය කරන ගෑස් සිලින්ඩරය රැගෙන ඒමට ගිය මෙම අමරසිරි මහතා දාහත් හැවිරිදි සිය ඥාති පුත්‍රයකු ගමනට සහභාගි කරවා ගනී. ඔහු දිනිඳු අකලංක යි. දිනිඳු දාහත් වෙනි වියේ පසු වන රත්නපුර ප්‍රදේශයේ පදිංචි වන සිසුවෙකි. ඔහු මෙවර උසස් පෙළ විභාගය හදාරමින් සිටි සිසුවෙක්.

මෙම රිය අනතුර නිසා අමරසිරි මහතාට එම ස්ථානයේ ම දිවි අහිමි වුවද දිනිඳු තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා. ඉන් පසු දිනිඳු හදිසියේ ම ජීවිත ගමනට තිත තැබුවා.
ජීවිතයක වටිනාකම කුණු කූඩයට දමා රිය පැදවූ දාසය හැවිරිදි පාසල් සිසුවා මෙම සුඛෝපභෝගී මෝටර් රථය ස්වර්ණාභරණහල් හිමියාගේ අනුදැනුමකින් තොරව රැගෙන ආ බව මෙම පාසල් සිසුවාගේ පියා විසින් පවසන ලදි.
අධික වේගයෙන් පැමිණි මෙම සුඛෝපභෝගී මෝටර් රථය පාලනය කර ගත නොහැකිය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක, ත්‍රිරෝද රථයක සහ යතුරුපැදි දෙක ගැටී මෙලෙස හානි සිදුකර තිබෙනවා.


මෙහි දී දිනිඳු සිටියේ අමරසිරි මහතාගේ පිටුපසින් ය. දිනිඳු අකලංක තම ජීවන ගමන ආරම්භක පියවර තැබුවා පමණයි. ඉගෙන ගෙන හොඳ රැකියාවක් කර දෙමව්පියන්ට සලකා සුන්දර ජීවිතයක් ගත කිරීමට බලාපොරොත්තු වූ දිනිඳු ට අවසානයේ ඔහු නො සිතූ අයුරින් ම දිවි ගමනින් මෙලෙස සමුගන්නට සිදු වුණා. ඒ ඔහු වැනිම තවත් තරුණයෙකුගේ අනිසි ක්‍රියාවක් නිසායි.
අද සමාජයේ රිය අනතුරු නම් බොහෝමයක් පාසා සිදු වන්නේ රියදුරන්ගේ ඇති නොඉවසිලිමත්කම නිසයි. තමා නිවැරදිව රථය ධාවනය කළද එක් නූගතෙකු විසින් සිදු කරන ක්‍රියාවකින් කුරුලු කැදැල්ලක සතුට අහිමි වෙනවා. එබැවින් සෑම රියදුරෙක් ම නිවැරදිව වාහන ධාවනය කළ හොත් තමා මෙන්ම අනෙකුත් සියලු දෙනාම ද අනතුරුවලින් වැළකෙනවා. එවිට අද සමාජයේ දකින්න ලැබෙන රිය අනතුරු බොහොමයක් වැළකෙනවා.

Leave a Comment