local news

මාළු මන්නයෙන් බිරිඳට හාදු දුන් අරුම පුදුම සැමියා

ඉක්මන් කෝපය කියන්නේ මිනිසෙක් විසින් පාලනය කරගතයුතුම දෙයක්. මිනිස්සු සමාජයේ ජීවත් වන විට විවිධාකාරයේ ප්‍රශ්න වල මුහුණ දෙන්නට සිදු වෙනවා. නමුත් එවැනි අවස්ථා වල කෝප නොගෙන නුවණින් සිතා බලා කටයුතු කිරීම තමයි කල යුතු සුදුසුම දේ. නමුත් අද සමාජයේ මෙකී පුද්ගලයින් 10 ට එකක්වත් නැති තරම්ය. ඉතින් මේ සමාජයේ පවුල් ආරවුල් වැනි විවිධ ගැටලු මතු වන්නේ ඒ හේතුව නිසයි. ගහමරා ගැනීම් සිදු වන්නේද ඒ නිසයි. උසස් මනසක් ඇති මිනිසුන් වශයෙන් අපි දැනගත යුතුයි එවන් ගැටලු වලට මුහුණ දෙන ආකාරය.

සැමියාගේ දැඩි කෝපය වගේම බිරිදගේද දැඩි කෝපය නිසා අද කාලයේ බොහෝ දරුවන් දුක් විදිනවා. ඒ දෙමාපියන්ගේ ප්‍රශ්න නිසා දෙමාපියන්ගෙන් ඈත්වී ජීවත් වීමට සිදු වන අහිංසක දරුවන්ට අත් වන අවාසනාවන්ත ඉරණමක්. එක අතකින් සැමියාගේ කෝපය තුලදී බිරිද නිහඩව සිටීම හෝ බිරිදගේ කෝපය තුලදී සැමියා නිහඩව සිටීමයි කල යුත්තේ.මේ කියන්න යන්නේද එවැනි සිදුවීමක්.

පසුගිය නොවැම්බර් තුන් වෙනි දින උදේ ගින්නලිය සිය සහෝදරයාගේ නිවසේ සිට ඌරුබොක්ක නගරයේ පිහිටි සේවා ස්ථානයට පයින් යමින් සිටි තිස් හැවිරිදි ආර් දිස්නා සුභාෂීණී නමැති එක්දරු මවට ඇය එන මාර්ගයේ රැක සිට මාළු කපන පිහියෙන් කපා බරපතළ තුවාල කර ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටි ස්වාමිපුරුෂයා ඉකුත් 19 වැනි දින නීතිඥයෙකු මගින් පොලිසියට පැමිණ භාරවී තිබුණා.
භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී බිරියට පහර දීමට යොදා ගත් මාළු පිහිය දම්පහල පාසල් මාවත පිහිටි සිය නිවසේ පිටුපස ලී ගොඩක සඟවා තිබියදී පොලිසිය සොයාගෙන ඇත. ස්වාමිපුරුෂයාගේ පහරකෑමට ලක්වූ භාර්යාව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් එම කාන්තාවගේ එක අතක් වෙන්වෙන තරමට කැපී තිබීම හේතුවෙන් එම අත නැවත සිරුරට සම්බන්ධ කර යථා තත්ත්වයට පත් කිරීම සඳහා වෛද්‍යවරු උත්සාහ ගනිමින් සිටින බව පොලිසිය සඳහන් කළා.

සැකකරු භාර්යාව සමග පවුල් ආරවුලක් ඇතිකරගෙන කලක සිට දෙදෙනා වෙන්ව ජීවත්ව ඇති බවත් භාර්යාව හා දරුවා මව සමග සහෝදරයාගේ නිවසේ පදිංචිව සිටින අතරතුර මෙම සිද්ධිය ඇති වූ බව මූලික විමර්ශනවල දී අනාවරණය වූ බව පොලිසිය පවසයි.
මෙවන් වූ ගැටලුවකට පිළිතුරු සෙවිය යුත්තේ ආවේගකාරී ලෙස නොවන අතර ප්‍රශ්න නැගුන විට දී මෙලෙස හැසිරීම ඉතා මෝඩ ක්‍රියාවක් බවත් දැනගත යුතුය. එහෙයින් අපි ඉගෙනගත යුත්තේ ප්‍රශ්න ගැටලු අභියෝග ඉදිරියේ නුවණින් සිතා බලා කටයුතු කිරීමයි.

Leave a Comment