local news

ප්‍රේම සම්බන්ධයට මව්පියන් විරුද්ධ වුණැයි පෙම්වතුන් වස බීලා

තරුණ ආදරෙ හරි බොළඳයි. ඔවුන් ආදරයෙන් අන්ධ වෙලා තියෙන්නෙ. වර්තමානයේ බොහෝ තරුණ තරුණියන් තම ජීවිත විනාශ කරගන්නවා. ඒ ඔවුන්ට ජීවිතයේ අත්දැකීම් අඩු නිසා. මෙය සමාජයේ සුලබව දකින්න ලැබෙන දෙයක්. මොකද සියදිවි හානි කරගැනීම කියන්නේ ඉතා අනුවණ ක්‍රියාවක්. ජීවිතය තමාගේ වුවත් එය විනාශ කරගන්න සුදුසු නෑ.

මේ කියන්න යන්නේ ආදරය නිසා තම ජීවිතයෙන් සමුගන්න වෙරදරපු පෙම්වතුන් දෙදෙනෙක් පිලිබදවයි. දිඹුල පොලිස් වසමට අයත් ස්ට්‍රොනික්ලිප් වතුයායෙ නිවාඩු නිකේතනයක මේ සිදු වීම සිදු වී ඇත. මේ අවාසනාවන්ත සිදු වීම සිදු වෙන්නේ පසු ගිය 16 වැනිදා.

දිඹුල පොලිස් වසමට අයත් යුනිෆිල්ඩ් වතු යායේ පදිංචි කාර්තිගා නැමති 17 හැවිරිදි තරුණිය තවත් පිරිමි පුද්ගලෙයෙකු සමගින් ආදර සම්බන්දතාවයක් පටන් ගෙන තිබුණා. එම ප්‍රේම සම්බන්දතාවයට දෙදෙනාගේම නිවෙස් වලින් විරුද්ධ විය. එම හේතුව නිසා තරුණයා හා තරුණිය 15 වැනි දින උදෑසන කාලයේ කාලයක් තිස්සේ තාවකාලිකව වසා දමා ඇති නිවාඩු නිකේතනයකට අනවසරයෙන් ඇතුලු විය.

ඇතුල් වී දෙදෙනාම එකවර වස පානය කර තිබෙනවා. පසුව පෙම්වතා විසින් ඔහුගේ මිතුරෙකුට සිද්ධිය සම්බන්ධයෙන් දුරකතනයෙන් දැනුම් දීමෙන් පසු දිඹුල පොලීසිය විසින් 16 වෙනිදා දින වෙනිදා රාත්‍රියේ එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී පෙම්වතියගේ දිවි අහිමි වී සිටි බවත් වස පානය කර අසාධ්‍ය තත්ත්වයේ සිටි පෙම්වතා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහුගේ තත්ත්වය බරපතළ නිසා එම තරුණයාව දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබුණු බව දිඹුල පතන පොලිසිය පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් පෙම්වතාගෙන් ලබා ලබාගත් ප්‍රකාශය අනුව ප්‍රේම සම්බන්ධතාවය ට දෙපාර්ශවයේම දෙමව්පියන් ඇතුළු ඥාතීන් විරුද්ධ වූ නිසා සියදිවි හානිකර ගැනීමේ චේතනාවෙන් දෙදෙනාම වස පානය කල කළ බවට ලබා දුන් බවද දිඹුල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද සිරි මහතා පැවසුවා.

මෙවැනි අනුවණ ක්‍රියාවන් සිදුකර අකාලයේ තම වටිනා ජීවිතය විනාශ කර නොගැනීම ඉතා යහපත්ය. ප්‍රශ්න අභියෝග මධ්‍යයේ ජීවිතයෙන් පලා නොගොස් ඒවාට මුහුණ දී සාර්ථක ජිවිතයක් ගත කිරීමට අපි හැමෝම අද සිට අදිටන් කරගනිමු.

Leave a Comment