local news

අවුරුදු 18 පසු වුනත් බදින්න බැහැ කියපු තරුණයාට පොලිසිය දුන් සප්‍රයිස් එක

අද කාලයේ අඩු වයසින් ආදර සම්බන්ධතා පටන් ගන්නා යුගයක් ඇරඹිලා තියෙන්නේ. පාසල් ගොස් අකුරු කරන දරුවන් පොත ඉවතට දමා පෙලගැසෙන්නේ ආදරය කිරීමටයි. ඉගෙනීමෙහි වටිනාකම නොදන්නා මෙම දරුවන් තරුණයෙකුගේ ආදරය පසුපස හබා යන්නටයි වෙර දරන්නේ. එලෙස පෙම්වතුන් වී සිටියත් විවාහ වීමට අවැසි වන්නේ නියමිත වයස් සීමාව පසු වූ විටයි.

ලාබාල තරුණියන් පෙම්වතුන් සමගින් ඉක්මනින් විවාහ වීමට සූදානම් කලත් නියමිත වයස් පැමිණෙන තුරු ඔවුන්ට මග බලා සිටින්නට වෙනවා. මේ කියන්න යන්නේ අරුම පුදුම සිදු වීමක්.

වරකාපොල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය ඇයට වයස අවුරුදු 17 දී තම නිවැසියන්ගෙන් වෙන්ව තමන් හාද වී සිටින තරුණයා සමග ඔහු පදිංචි වී සිටින නිට්ටඹුව ප්‍රදේශයේ නිවසට 2020 වර්ෂයේ දිනක පැමිණ ඇති බව සදහන් වුණා. ඉන්පසු මෙම යුවළ දෙල්ගොඩ සියඹලාපේවත්ත ප්‍රදේශයේ නේවාසිකාගාරයක පදිංචි වී බියගම නිදහස් වෙළද කලාපයේ කර්මාන්තශාලාවක සේවය කරමින් වසර එක හමාරක් පමණ ජීවත් වී ඇති බව පොලිසිය පවසයි. සමගියෙන් ජීවිතය ගෙනගිය මෙම යුවළ පසුව එම තරුණියට වයස අවුරුදු 18ක් පිරුණු පසු ඇය විසින් අවස්ථා කීපයකදීම තමන් නීත්‍යානුකූලව විවාහ කරගන්නා ලෙස තරුණයාගෙන් ඉල්ලා සිටියත් මුදල් නැතිකම පවසා තරුණයා විසින් විවාහ ගිවිස ගැනීම අතපසු කර ඇති බවත් මේ හේතුවෙන් දෙදෙනා අතර අසමගිය ගොඩනැගී තිබෙන බවක් පොලිසිය පවසයි.

ඉන්පසු බහින්බස්වීමක් වීමකින් පසුව සිය සැමියාට එරෙහිව පැමිණිල්ලක් කිරීමට මෙම තරුණිය මීගහවත්ත පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණ තිබෙන්නේ. එහි සිටි ස්ථානාධිපති සැරයන් ඉනෝකා මහත්මිය මුණගැසී තම දුක්ගැනවිල්ල ඉදිරිපත් කර ඇති බවත් සදහන්. පසුව ඇය මීගහවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත හේරත් මහතාට මේ බව දැනුම් දීමෙන් පසු ස්ථානාධිපතිවරයා විසින් එම තරුණයාද ඒ අවස්ථාවේ එම ස්ථානයට කැදවා නීත්‍යානුකූලව විවාහ වී සමගියෙන් ජීවත්වීමේ අගය පිලිබදව කරුණු වටහා දී තිබෙනවා. පසුව එදිනම දහවල් තරුණ යුවලගේ කැමැත්ත මත ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් මීගහවත්ත පොලිසිය ඉදිරිපිට ඇති විවාහ ලියාපදිංචි කිරීමේ කාර්යාලයට ගොස් නව යුවළ නීත්‍යානුකූලව විවාහ ලියාපදිංචිය කර තිබෙනවා.

මෙම විවාහයේ සාක්ෂිකරුවන් ලෙස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති සැරයන් ඉනෝකා හා පොලිස් කොස්තාපල් සරත් යන නිලධාරීන් අත්සන් තබා ඇති බවත් වැඩි දුරටත් පවසනවා. පසුව පොලිස් ස්ථානයට පැමිණි නව යුවල නිලධාරීන් විසින් සූදානම් කර තිබූ මංගල කේක් ගෙඩිය කපා ඊට සහභාගී වූ පොලිස් නිලධාරීන් සමග සංග්‍රහ භුක්ති විද පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට ගරු බුහුමන් දක්වා සතුටු සිතින් පොලිස් ස්ථානයෙන් නික්ම ගොස් තිබෙනවා.

Leave a Comment