local news

දෙපා අහිමි මවට උවටැන් කර අකුරු කරන්නට යන දියණිය

දෙදෙනෙක් විවාහ වන්නේ කුටුම්බයක් සාදා ගෙන සතුටින් ජීවත් වෙන්නයි. එහිදී බොහෝ කාන්තාවන්ගේ අපේක්ෂාව වන්නේ තම සැමියා සමගින් සතුටින් ජීවත්වීමට. සමහරෙක් පවසන ආකාරයට මුදල් නැතත් පවුලක සතුට තියෙනවා නම් ඒක තමයි වටිනාම සම්පත ලෙස. ඇතැමෙක් විශ්වාස කරන ආකාරයට මුදල් අගහිඟකම් තිබුණ විට තමයි පවුලේ සතුට වියැකී යන බව. ඒ කෙසේ වෙතත් පවුල් සංස්ථාවක තිබිය යුතු ආදරය, රැකවරණය, සතුට, සමගිය, ගෞරවය යන මේ සියල්ලම අඩංගු නම් එය තමයි අගනාම පවුල.

මේ කියන්න යන්නේ තවත් අහිංසක කාන්තාවකගේ එක් කඳුළු කතාවකි. ඇය හතළිස් දෙහැවිරිදි දීපිකා ශ්‍රියානි කුලරත්න ය. ඇය ජීවත් වූයේ මීරිගම කූරිකොටුව ප්‍රදේශයේ. පාසල් ගමන අවසන් කරනවාත් සමඟම දීපිකා ඇඟලුම් කම්හලක වැඩට ගියේ තම පවුල තුළ අගහිගකම් තිබුණ නිසයි. මේ ආකාරයෙන් වසර නමයක් ඇය මෙම ඇඟලුම් කම්හලේ සේවය කළා. ඒ සේවය කරන අතරතුරේ දී දීපිකාට මෙම ඇඟලුම් කම්හලේ ම වැඩ කරන කෙනෙක්ගෙන් ආදර යෝජනාවක් ලැබෙනවා. ඉන් පසු එයට එකඟ වූ දීපිකා ඔහු සමග සමඟ ආදර සම්බන්ධයක් පටන් ගන්නවා.

දෙදෙනෙකුගේ ආදර සම්බන්දයක අවසන් ප්‍රතිඵලය විවාහයයි. ඉතින් මොවුන් දෙදෙනා හද තමන්ට තමන් විශ්වාස වූ නිසා අතර සම්බන්ධය දිගටම පවත්වාගෙන ගිය නිසා අවසානයේදී විවාහ වනවා. ඇය විවාහ වූයේ කුලියාපිටිය ප්‍රදේශයේ අයෙක් සමඟයි. ඉතින් දීපිකාට ඔහුගේ සැබෑ තතු දැන දැනගැනීමට සිදුවූයේ තම ජීවිතය විනාශ වූ විටයි ආරංචි වුයේ. ඒ මොහු විවාහ වුණු කුලියාපිටිය ප්‍රදේශයේ පුද්ගලයා විවාහ වී සිටින අතර ඔහුට දරුවන් දෙදෙනෙකු සිටින බවයි. මෙය දැනගත් දීපිකාට කුමක්ද කරන්නෙ යැයි කියා සිතාගත නොහැකි විය. නමුත් ඇයගේ ජීවිතය දැන් විනාශ වීමට පටන් අරන් තිබේ.

ඉන්පසු දීපිකා නැවතත් තම දෙමවුපියන්ගේ නිවසට පැමිණියා. කිසිවක් කර කර ගත නොහැකි වූ ඇය නැවතත් ආර්ථික අපහසුතා මැද ඇඟලුම් කම්හලේ රැකියාවට ගියා. නමුත් ඇයට කියා කිසිවක් ඉතිරි කරගත් නොවූ හෙයින් ඉන්න හිටින්න තැනක් වත් නොතිබුණු නිසා ඇය විදේශගත වීමද තීරණය කර ගත්තා. බොහොමයක් කාන්තාවන් විදෙස් රැකියාවලට යන්නේ ආර්ථික අපහසුතා නිසයි. ඉතින් ඒ ආකාරයෙන් ආකාරයෙන්ම දීපිකා දීපිකා ද තමාට ඇති ආර්ථික අපහසුතා මධ්‍යයේ විදේශගත වීමට තීරණය ගත්තා. ඇය විදේශගත වීමට විදේශ ගත වීමට තීරණය කළේ තම දියණියන් දෙදෙනා නවත්වා තැබීමට මීට වඩා විශ්වාස කෙනෙක් මෙහෙ මිහිපිට නැති නිසයි.

ඇය තම ලොකු අම්මා ළඟ දරුවන් තියා විදේශ ගත වී කෙමෙන් කෙමෙන් මුදල් ඔවුන්ට එව්වද අවසානයේ ගණන් හදා බැලූ විට රුපියල් ලක්ෂ හයහමාර ක මුදලක් ලොකු අම්මාට එව්වද දීපිකා නැවත ලංකාවට එන විට සත පහක් වත් ඉතිරි නොවී ය. එම සල්ලි සියල්ල වියදම් කර තිබුණි. 2015 වසරේ මෙලෙස නැවත ලංකාවට පැමිණියේ වසර දෙකක් විදේශ ගත වී සිටයි. ඉන්පසු දීපිකා දරුවන් දෙදෙනා සමගින් තමන් තනි වී ඇති බව ඇයට හැඟිණි.

ඔවුන් සිටින නරා වලින් දියණියක් මුදවා හරින්නට අඩු වයසින් වුවත් වයස අවුරුදු 18 දහඅටෙන් ල අටෙන් ලොකු දියණිය විවාහ කර දුන්නේ ඇය වත් මෙම දුක් විදින්න ඕන නැති නිසයි. මවක් හැටියට ඇය උතුම් මවක්. ආර්ථික අපහසුතා තිබුණ ද දරු සෙනෙහසින් ඇය සුවිශේෂී වූ මවක්. දැන් තම කුඩා දියණිය සමඟින් තනිවී සිටින මෙම මව දියණියගේ වැඩකටයුතු කරගෙන පාසල් යවා සාමාන්‍ය ලෙස ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත් වුණි.
2015 වසරේ දී ලංකාවට පැමිණි දීපිකාගේ කකුල හිරි වැටීමකට ලක්ව තිබුණි. ඒ පිළිබඳව කරන ලද පරීක්ෂණවලදී තහවුරු වී තිබුණේ ඇයගේ පාදයේ වෙදගිල්ල එහි ඉදි කටුවක් ඇනී ඇති බවයි. නමුත් දීපිකාට මේ සිදුවී ඇත්තේ ඇඟලුම් කම්හලේ සේවය කරන කාලයේදී ද එසේත් නැතිනම් විදෙස්ගත වී සිටින කාලයේදී දැයි ස්ථීරව ම දැනීමක් නොතිබුණි. ඒ කෙසේ වෙතත් එය සැත්කමකින් ඉවත් කර ගැනීමට කරගැනීමට ඇයට සිදුවිය. ඒ සඳහා 2015 වසරේ දී වතුපිටිවල රජයේ රෝහලේ දී සැත්කමකින් ඉවත් කර තිබුණි. ටික කලෙකින් ඇයගේ ඇඟිල්ල කළු පැහැයට හැරී තිබුණි. එය මියගොස් ඇතැයි පර්යේෂණවලින් හෙළිදරව් කර ගත් පසු සැත්කමකින් මියගිය ඇඟිල්ල ඉවත් කර දමා තිබේ. ඉන්පසු ටික දිනක් යද්දී අනෙක් ඇඟිලි හතරත් එලෙසම කළු පැහැ ගැන්වී තිබුණේ එය මැරී ගිය නිසාය. ඉතින් ඇඟිලි පහම ඉවත් කළ පසුව ඇයගේ වළලූකර සිට සම්පූර්ණයෙන්ම පාදය කළුපැහැ වෙන්න පටන් ගත්තා. එලෙස මැරුණු පාදයක් තියා තියාගැනීම තියා ගැනීම නුසුදුසු හෙයින් දීපිකාගේ ද අවසරය මත ඇගේ පාදය සම්පූර්ණයෙන්ම කපා ඉවත් කිරීමට වෛද්‍යවරු තීරණය කලා.

එක් පාදයක් නොමැති ආදරණීය පවුල රැක බලා ගැනීමට තනි පාදයකින් වතුපිටි වල වැඩ කළා. ගෙදරදොර කටයුතු දරුවන්ගේ කටයුතු කිරීමට හැකි වුණා. එක් දානපතියෙක් ඇයට කිහිලිකරුවක් ලබා දුන් හෙයින් ඇයට තම එදිනෙදා කටයුතු සාර්ථකව කර ගැනීමට කර ගැනීමට මහත් රුකුලක් වුණා. ඒ අතර තුරේදී කෙනෙක් පාවිච්චි කර තරමක් දිරා ගිය දිරාගිය රෝද රෝදපුටුවක් දීපිකාට ලැබුණා. ඒ වගේම ඇයට කෘතිම පාදය කුත් ලැබුණා. එය කෘතිම පාදයත් තැනද ගෙන රෝද පුටුවේ සිට දරුවන්ගේ වතුපිටි වල නිවසේ සියලු වැඩකටයුතු දීපිකා විසින්ම සිදු කළා.

ඇය තම කෘතිම පාදය ගෙවෙනකම් වැඩ කළා. දිනක් ඇයට අවාසනාවන්ත ඉරණමක් සිදුවුණා. ඇය ඒ පාවිච්චි කළ රෝද පුටුව තුළ වාඩි වී වාඩි වී වැඩ කරන අතරතුරේ දී එය පෙරලී පෙරළී බිම ඇද වැටුණු දීපිකාගේ අනෙක් කකුල උඩට එනම් දකුණු කකුල උඩට වැටුණා. වම් කකුලේ වගේම දකුණු කකුලේ වෙදගිල්ල මිය ගියා. ඉන් පසුපසු වම් කකුලේ වගේම මුලින්ම ඇඟිල්ල කපලා අයින් කරලා දෙවෙනි පාරට ඇඟිලි ඔක්කොම ඉවත් කරලා ඊට පස්සේ කකුල සම්පූර්ණයෙන්ම ඉවත් කළේ දීපිකාට දෙපාම අහිමි කරමිනි.

ඉන්පසු කිසිවක් කරගත නොහැකි වූ දීපිකාට එක්තැන් වුනා. මෙතෙක් දුවගේ වැඩකටයුතු තනි කකුලෙන් සිදුකළ දීපිකාට එතැන් පටන් කිසිදු කටයුත්තක් සිදු කිරීමට නොහැකි වුනු අතර වුණු අතර එහිදී දුක්ඛිත ම අවස්ථාව වන්නේ තම දියණිය දීපිකාගේ සියලු වැඩකටයුතු වැඩකටයුතු සිදු කිරීමත් සමඟයි. බොහෝ ආදර්ශමත් චරිතයක් ලෙස දීපිකාගේ මෙම දාහතර හැවිරිදි දියණිය රටටම මහත් ආදර්ශයක්.

පාසලේ දොරටුව ලඟින් තම දරුවන් බස්සවා ඔවුන්ගේ අතින් අල්ලාගෙන ගොස් පාසලට ඇරලා වීමට සිදුව ඇති යුගයක මෙම දාහතර හැවිරිදි දැරියක් දෙපා ම අහිමි වූ තම මව පිරිසිදු කිරීමේ සිට කැවීම පෙවීම් ආදි සියලුම කටයුතු අවසන් කර පාසල් ගොස් අකුරු කරන්නට මෙම දියණියට සිදු විය. මෙම දීපිකාගේ කුඩා දියණිය අලුයම අවදි වී කෑම බීම බීම සකසා තම මවට කවා පොවා ශුද්ධ පවිත්‍ර කොට රෙදිපිළි සෝදා තබා පයින්ම පාසලට ගොස් නැවත පාසල හැරී ගෙදර විත් ඇය ගෘහණියක මෙන් තම මවගේ කටයුතු සේම නිවසේ සියලුම කටයුතු සිදු කරන්නේ මහත් ධෛර්යමත් කාන්තාවක් ලෙසිනි.

පවුලේ අගහිඟකම් පිරිම් ඇහෙන්නේ දීපිකාගේ නංගි සහ මල්ලිගේ උදව් උපකාර වලින්ය. එදා වේල පිරිමසා ගැනීමට 2016 සිට ලැබෙන සමෘද්ධි සහනාධාරය ඇයට මහත් අස්වැසිල්ලකි. කඩේ යාම ආහාර සැකසීම සමෘද්ධී ඇගියේ ගේමට යෑම මේ සියලුම කටයුතු සිදුවන්නේ දීපිකාගේ දාහතර හැවිරිදි දියණිය ගෙන්ය. හිතන් වී සිටින දීපිකාගේ එකම අපේක්ෂාව වන්නේ තම දියණියගේ අධ්‍යාපන කටයුතු බාධාවක් නොමැතිව සිදුකරගැනීමයි. ඇයගේ පාදයක් පාදයක් කැපුවිට දියණියට රෝහලේ මාස කිහිපයක් මව සමග නතර වී සි‍ටිනිසා පාසලෙන් ඉවත් කිරීමටද සිදු කර තිබුණා. කුරීකොටුව කනිෂ්ඨ විද්‍යාලයේ 9 වසරේ ඉගෙන ගන්න මෙම දැරිය කොහේ හෝ ගොස් නිවසට පැමිණෙන විට ගීතයක් ගීතයත් ගයන්නේ තම මව ද තමා එනවා පිළිබදව සංඥාවක් ලබා දීම සඳහායි.

ඔවුන්ට නිසි පරිදි වැසිකිලියක් නොමැති නිසා වත්තෙහි වලක් කපා එහි සනීපාරක්ෂක කටයුතු සිදුකරන නිසා දීපිකාට එය මහත් ගැටලුවක් විය.
තම දියණියගේ අනාරක්ෂිත බව ඇයට මහත් සේ සිතට පීඩාකාරී තත්වයක් විය.ඉතින් මෙම දිරිය දියණිය තත් දිරිය බිරිය කාන්තාවටත් උදව් උපකාර කිරීම පමණක් නොව ඔවුන් වැනි මේ රටේ අනාරක්ෂිතව ජීවත්වෙන දරුවන් කෙරෙහි සමස්ථ සමාජයේම අවධානය යොමු යොමුවිය යුතු බවයි අපගේ එකම හැඟීම.

Leave a Comment