local news

දින පනස් එකක් පල්වූ පොලිස් සැරයන්වරයාගේ දේහය ජල ටැංකියේ තිබී හමුවේ

පුඩළුඔය පදිංචි 52 හැවිරිදි එස්. ඉලංගෝවන් නමැති පුද්ගලයා කොත්මලේ පොලිසියේ සැරයන්වරයෙක් ලෙස සේවය කරන අයෙක්. ඔහු රෝගී තත්ත්වයකින් පසු වූ නිසා ගම්පොළ රෝහලට ඇතුළත් කල අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියා.

සැප්තැම්බර් මස 8 වන දින දහවල් සිට මොහු ප්‍රතිකාර ලබමින් සිටිය වාට්ටුවේ අතුරුදන් ව සිටි බැවින් රෝහල් කාර්ය මණ්ඩලය ගම්පොල පොලිසියට පැමිණිලි කර සිටියා.

ඒ පැමිණිලි මත පූඩළුඔය හා කොත්මලේ පොලිසිවලින් පරීක්ෂණ සිදු කරමින් සිටියා.
අතරතුරේ දී ගම්පොළ ශික්ෂණ රෝහලේ බීමට ගන්නා ජලයේ අධික දුර්ගන්ධයක් තිබෙන බව වාට්ටු වලින් පැමිණිලි ආවා.

එම පැමිණිලි මත රෝහල් කාර්ය මණ්ඩලය වාට්ටු වලට ජලය සපයන ජල ටැංකිය පරික්ෂා කිරීමට පියවර ගත්තා. එම පරීක්ෂා කිරිමේදී ගම්පොළ රෝහලේ වාට්ටුවෙන් අතුරුදන් වූ පොලිස් සැරයන්වරයාගේ මළ සිරුර රෝහල් ජල ටැංකියේ තිබී සොයා ගැනුණා.

මෙලෙස අඩි හතළිහකට අධික උසකින් යුත් මෙම ජල ටැංකිය තුල තිබූ සොයා ගැනුණු සිරුර නිරීක්ෂණයේ දී එය ඉතා ලෙස නරක් වී තිබුනා. එසේම එස්. ඉලංගෝවන් නමැති පොලිස් සැරයන්වරයාගේ පුත් එස්. අභිමන් පවසන ආකාරයට තම පියාට රාජකාරි කරන ස්ථානයේත් එසේම නිවසේත් කිසිම ප්‍රශ්නයක් නො තිබුණු නිසා මේ පිලිබදව ඉතාමත් සැක සහිතයි. එබැවින් මේ පිලිබදව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඔහුගේ ඉල්ලීමයි. එසේම කුමක් සිදු කලත් මේ වනවිට තම පියා ඔවුන් හැර ගොස් ය. එය කෙසේ පුතෙකුට දරා ගත හැකිද.

Leave a Comment