local news

මත් වී මිතුරන් සමග පිහිනා අතුරුදන් වූ තරුණයාගේ සිරුර කළපුවේ පාවෙමින් තිබිය දී හමුවේ

මත්ලෝලීන් අද සමාජයේ බෙහෙවින් දක්නට ලැබේ. බහුතරයක් දක්නට ලැබෙන්නේ තරුණ ප්‍රජාවයි. එහි අනිසි ප්‍රතිඵල විඳින්නේ ද මේ තරුණ ප්‍රජාවයි. එහි දී වඩාත් දකින්නට ලැබෙන්නේ තරුණයන් විඳිනා අනිසි විපාකයන්ය. සමාජය දියුණු වීමත් සමඟම තාක්ෂණය සමගින් අහිතකර ක්‍රියාවන්ද අතිශය ශීඝ්‍රයෙන් පැතිරේ. මෙයට වඩාත් හසු වන්නේ තරුණයින්.

දුර දිග සිතා බලා කටයුතු නො කරන මොවුන් අහිංසක දෙමව්පියන්ගේ ද දෙනෙත් කඳුලින් තෙමන්නේ මොවුන්ගේ අනුවණ ක්‍රියාවන් නිසයි. තරුණයන් විනෝද වන්නට අවශ්‍යයි. නමුත් ඔවුන් කරනා අයහපත් ක්‍රියාවන් නිසා එම විනෝදය තමන්ගේ ම ජීවිතය විනාශ කිරීමට පාර කපන්නාක් මෙනි.

අද මේ කියන්න යන්නේ මතට ලොල් වූ තරුණයකු තමාගේ ජීවිතයෙන් වන්දි ගෙවූ ආකාරය පිළිබඳවයි. හලාවත තලාඩිවැල්ල පදිංචිව සිටින මුතුවාඩිය ගේ ඇන්ටනී මධුෂාන් නම් වූ විසි දෙ හැවිරිදි තරුණයා මතට ලොල් වූ තරුණයෙකි.

ඔහු තම සමීපතම මිතුරන් කීප දෙනෙකු සමඟ 31 වෙනිදා සවස මත්පැන් පානය කර හලාවත කාවාටියා වත්ත ප්‍රදේශයේ ඇති දේවස්ථානයක මංගල්‍යයකට යාමට තීරණය කර තිබුණි. පසුව ඔවුන් කලපුව හරහා පිහිනා ගොස් ඇත. නමුත් අවාසනාවන්ත ලෙස ඉහතින් සදහන් කරන මධුෂාන් නමැති තරුණයා මේ අවස්ථාවේ දී අතුරුදන් වී තිබුණි.


පසුව ඔහු පිළිබඳව ප්‍රදේශයේ සියලු ම දෙනා සහ ධීවරයන් ද එක්ව මධුශාන්ව ව සොයා ගැනීමට වෙහෙස දැරූවද ඔවුන්ට එය සිදු කර ගත නො හැකි විය. පසුව දෙවැනි දා කළපුවේ පාවෙමින් තිබූ මධුශාන් ගේ සිරුර ධීවරයන්ට සොයා ගත හැකි විය. ඒ බව පොලිසියට දැනුම් දී තිබේ.

හෙට ලොව බාරගන්නට සිටිනා මෙවැනි තරුණයන් මෙලෙස මිලින වී යද්දී අනාගත ලෝකය භාර ගන්නේ කවුරුන්ද. කෙළිලොල් වියේ පසු වී විනෝද වූවාට නොඉවසිලිමත් වී තමන්ගේ ම ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වීම අද තරුණ පරපුර තුළ බෙහෙවින් දක්නට ලැබේ. එබැවින් යමක් කිරීමට පෙර දෙවරක් සිතා බලා කටයුතු නොකලොත් මෙම මදුශාන්ට සිදු වූ ඉරණම සිදු වන නිසා අපි මීට වඩා අපි ව පරිස්සම් කර ගත යුතුයි.

Leave a Comment