local news

චාමර රණවක හදිස්සියෙම සංවේදී වූ හැටි

තමන්ටම ආවේණික වූ කටහඬක් හිමි සුන්දර ආරයෙන් ගීත ගායනා කරන චාමර රණවක කියන්නේ බොහෝ ප්‍රේක්ෂකයන්ගේ හදවත දිනාගත් ගායකයෙක්. නවක පරපුරක් ගායනයට පිවිසියත් මොවුන්ගේ තැන නම් කිසි දාක අහිමි වෙන්නෙ නැහැ. ඒ කටහඩ කිසිදාක රසික හදවතින් ගිලිහෙන්නෙ නැහැ. සිදාදියෙ නුබ දුටුවට, සුරුවම අයිනේ පුංචි පැලේ, කම්බි තාප්පෙට, වෙරලු ගෙඩි පැහෙන කාලේ, හෙට උදේ දකිනවා, ඉරට හොරෙන් නුබ නැගිටින්නේ, ගමේ අයට නොතේරෙන්න, පිටකොටුවේ, මහවරුසාවේ බස් නැවතුම්පොල වැනි ගීත රාශියක හිමි කරුවා මොහුයි.

එකල එම ගීත ගුවන් විදුලිය තුලින් ඇසෙන විට රසිකයාව අමුතුම ලොවකට රැගෙන යනවා. එම හඩෙහි ඇති අපූර්ව වූ නාද රටා වෙන කිසිවෙකුට නොදෙවෙනි තැනක් ගන්නේ ඔහුට ඇති සුවිශාල වූ ගුණය නිසයි.

ප්‍රේක්ෂකයා ඇඳ බැඳ තබා ගන්නට හැකි ආකාරයේ හඬ ශක්තියක් ඔහු සතුව තිබුණා. එම නිසා තමයි චාමර රණවක කියන නාමය තවමත් අප හදවත් හි නොමැකෙන මතකයක් ලෙස ඉතිරිව තිබෙන්නේ.

මේ ආකාරයට සංගීත ක්ෂේත්‍රයේ මෙම හැකියාවන් ඔප් නංවන චාමර රණවක සතුටින් විනෝදයෙන් සිටි චරිතයක්. නමුත් හදිසියේම ඔහු සංවේදී වූ බව අපිට දකින්නට ලැබුණා. සමාජ මාධ්‍යයෙහි සංසරණය වන වීඩියෝ පටයක් පිළිබඳව තමයි ඒ පුවත. ඔහු ඔහුගේ පියාගේ අවමංගල්‍ය උත්සවයේදී මගේ ලෝකෙ රජ්ජුරුවෝ නුබයි තාත්තේ යනුවෙන් සංවේදී ආකාරයට ගීත ගායනා කර තිබුණා. ඉතින් මෙය දකින්නන්ගේ සිතට වේදනාවක් ගෙන දෙන ඒ වගේම නෙතට කදුලක් උනන කාරණයක් වුණා.

තම ජීවිතේ කොඳුනාරටිය නැතහොත් ලොකුම ශක්තිය මෙලොව හැර යන අවස්ථාවේ ඔහු මෙලෙස සංවේදී වීම යන්නට අමුතු කාරණයක් නොවෙයි. ඉතින් චාමර රණවකයන්ගේ පියාණන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

Leave a Comment