local news

බස් රථයේ දී නැතිවුණු මුදල් පාර්සලය හමු වූ තැන

අන් සතු දේ සොර සිතින් ලබා ගැනීම කියන්නේ පස් පව් වලින් එකකි. ඉතින් සමාජයේ බෙහෙවින් ම දක්නට ලැබෙනවා මේ පාපකාරී ක්‍රියාව. මිනිසුන් බොහොමයක් පෙලඹී ඇත්තේ පහසුවෙන් මුදල් ඉපයීමටයි. ඒ හේතුව නිසා ඔවුන් අනුන්ගේ දේ කඩා වඩා ගන්නට උත්සාහ දරනවා.

මිනිස්සු හරි පුදුමාකාරයි. ඇතැමෙක් දැහැමිව ජීවිතය ගතකරන අතර තවත් අයෙක් සොර සිතින් අනුන්ගේ දේ සොරාගෙන ජීවත්වන්නට පෙළඹෙනවා. එම පුද්ගලයාගේ ජීවිතය හැමදාම බයෙන් සැකෙන් තමයි තිබෙන්නේ. ඉතින් මේ කියන්න යන්නේ අසරණ පුද්ගලයකුට සිදු වුණ අකරතැබ්බයක්.

ශල්‍යකර්මයක් සිදුකර ගැනීම සඳහා පුද්ගලයෙකුගේ මිතුරන් පිරිසක් ඔහුට ලක්ෂ හතක ඩොලර් නෝට්ටු එතෙරින් එවා ඇත. ඒවා මාරු කර ගැනීම සඳහා හොරණ සිට කොළඹ බලා පැමිණෙන පුද්ගලයා මාර්ග අංක 120 බසයකින් පැමිණ පිටකොටුව බැස්ටියන් මාවතේ බැස මුදල් තිබේදැයි සොයා බැලීමේදී තමා සතුව තිබූ මුදල් කවර දෙකෙන් එකක්වත් ඔහු සතුව නොවෙන බව දැනගෙන මෙම පුද්ගලයා බස් රථය පසුපස හඹා යන්නට විය.
බස් රථය පසුපස හඹා ගොස් මොහු බස් රථයේ රියදුරු හා කොන්දොස්තර මහතාට දැනුම් දී ඇත්තේ එවන් මුදලක් ඔවුන්ගේ බස් රථය තුළ දී නැති වුණු බවයි. එහිදී බස් රථයේ රියදුරු හා කොන්දොස්තර මහතා එවන් මුදලක් බස් රථය තුළ තුල නොතිබුණු බව මෙම පුද්ගලයාට පැවසුවා. තමාට මුදල් නොමැති හෙයින් ශල්‍යකර්මය සිදුකර ගැනීම සඳහා විදෙස් ගතවී සිටින මිතුරන් එවූ මුදල නැති වුණු මෙම පුද්ගලයා දැඩිසේ කම්පාවට පත්ව එම සිද්ධිය පිළිබඳව හදිසි ඇමතුම් අංශය දැනුවත් කර ඇත.

ඉන්පසු එම සිද්ධියෙන් දැනුවත් වුණු පොලිසිය පැමිණ බස් රථය පරීක්ෂා කිරීමේදී එහි රියදුරා විසින් සඟවා ගෙන සිටි එම මුදල පොලිසිය බාරයට ගෙන තිබුණා. අසරණ මිනිසෙකුගේ නැතිවුනු මුදල් පාර්සලය සඟවා ගෙන තිබූ බස් රථයේ රියදුරු එය තම බස් රථයේ පැවසූයේ මුදල් පාර්සලය අයිති පුද්ගලයාට කෙතරම් වේදනාවක් දැනෙන්නට ඇත්ද. උණ පුරුකේ දැමුවත් බලු වලිගේ කෙලින් කෙලින් වෙන්නෑ වගේම තමයි ජන්මයෙන් එන නරක ගතිගුණ කුමක් සිදු කළත් නවත්වා ගන්නට නොහැකියි. ඉතින් අපි දැන ගත යුතුයි අනුන්ගේ දේ තමාට බලෙන් හිමිකරගන්නට දැගළුවත් එහි අයිතිය හිමිකරුවාටම තමයි.

Leave a Comment