local news

බස් රථයෙදි හිතවත් වූ පුද්ගලයකු නිසා තරුණයකුට ලැබුණු අමිහිරි අත්දැකීම

පොදු ස්ථානවල ගමන් කිරීමේ දී අපි ඉතාමත් සැලකිල්ලෙන් කටයුතු කල යුතුයි. ඒ මන්ද ඒ තුල අපි හඳුනන නොහදුනන සියලුම දෙනා ගැවසෙන නිසයි. අනුන් ගැන නො සිතන ආත්මාර්ථකාමී මිනිසුන් අද සමාජයේ බෙහෙවින් දක්නට ලැබෙන්නේ.
විශේෂයෙන් කාන්තාවන් බොහොම පරීක්ෂාකාරී පොදු ස්ථානවල ගැවසිය යුතුයි. අද සමාජයේ බොහෝ සල්ලාලයන් තමයි පාරවල් වල සෙනග ගැවසෙන තැන් වල සිටින්නේ.
ඉතින් මේ කියන්න යන්නේ තරුණයෙකුට බස් රථයක දී හමුවූ නන්නාදුනන මිතුරෙකු නිසා සිදු වූ අමිහිරි අත්දැකීමක්. අනුරාධපුර විජේපුර ලෙනින් මාවතේ පදිංචි 25 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවයෙහි නියුතු කළමනාකාරවරයෙකුට සිදු වූ අත්දැකීමක්.
මොහු නිවාඩුවක් ගත කිරීම සඳහා අනුරාධපුර විජේපුර පිහිටි සිය නිවස වෙත යාමට ඉකුත් 10 වනදා රාත්‍රියේ සිය නේවාසිකාගාරයේ සිට වත්තල හැඳල හන්දියෙ බස් නැවතුම වෙත පැමිණ ඇත. එහිදී දැන හදුනාගත් පුද්ගලයෙකු සමග ත්‍රීරෝද රථයකින් කොළඹ කොටුව බලා ගොස් එතැන් සිට ඔවුන් දෙදෙනා ලංගම බස් රථයෙන් අනුරාධපුරය බලා ගමන් කර තිබුණා.

මගීන්ට තේ පානය කිරීම සදහා බස් රථය ඕමාරගොල්ල ප්‍රදේශයේ දී ආපන ශාලාවක් අසල නතර කළ අවස්ථාවේ තේ පානය කර ඇති කළමනාකාරවරයා අවශ්‍ය වූ විටෙක පානය කිරීම සඳහා පානීය ජල බෝතලයක් ද රැගෙන නැවත එම බස් රථයෙන් ම අනුරාධපුර බලා ගමන් කර ඇත.

තම අසුනට යාබද අසුනේ ගමන් ගත් අලුත් හිතවත්කමක් ඇතිකරගත් පුද්ගලයා පානය කිරීම සඳහා තමා අත තිබූ ජල බෝතලය ඉල්ලාගෙන ඉන් මදක් පානය කිරීමෙන් පසු එය ඔහු අතම තබා ගෙන බස් රථයේ ගමන් කර තිබුණා.
ඉන් පසුව එසේ ගමන් කරන අතරතුර කළමනාකාරවරයාට නින්ද ගිය බවත් නැවත අවදි වී අලුත් මිතුරා අත තිබූ ජල බෝතලය ඉල්ලා ගෙන ඉන් මදක් පානය කළ අවස්ථාවේ එහි අඩංගු ජලය අධික කිවුල් රසයක් දැනුණු බවත් ඒ පිළිබඳව සැකසිතු තමාට තද නිදිමත ගතියක් හට ගැනීමත් සමග අවට තිබූ සියලු දෑ බොඳ වී දිස්වූ බවත් ඔහුට මතක තිබුණා.

පසුව බස් රථයේ කොන්දොස්තරවරයා අනුරාධපුර නගරය පසු කර ඇති බැවින් බස් රථයෙන් බසින්නේ නැති දැයි තමාව නින්දෙන් අවදි කොට විමසීමක් කළ තමා පැලඳ සිටි පවුම් දෙක හමාරක බරකින් යුත් රුපියල් තුන් ලක්ෂයක් පමණ වටිනා රත්තරන් අත් පළඳනාව නොමැති බව දැනීමෙන් පසු තම සන්තකයේ තිබූ අනිකුත් දෑ තිබේ දැයි වැඩිදුර පරීක්ෂා කිරීමේ දී රුපියල් තිස් පන්දහසක් වටිනා ස්මාර්ට් අත් ඔරලෝසුව, රුපියල් හතලිස් පන් දහසක් වටිනා රන් මුදුවක් ඇතුළු තවත් භාණ්ඩ කීපයක් අලුත හැදින්ගත් මිතුරා විසින් කොල්ලකෑ පළා ගොස් තිබුණු බව පසුව අණාවරණය වුණා.
මෙම සිදුවීම කළමනාකරු විසින් අනුරාධපුර සහ තිරප්පනේ පොලිසිය දැනුවත් කල පසු පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. අලුයම් කාලයේ දී සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයා බැලීමේ දී සැකකාර පුද්ගලයා අනුරාධපුර නව නගර බස් නැවතුම් පොලෙන් බැස එය ඉදිරිපිට පිහිටි ආපන ශාලාවකට ගොස් ගනුදෙනු කරන අයුරු ආරක්ෂක කැමරා පද්ධතියේ තිබී වීඩියෝවක් ද හමු වුණා.

එම නිසා පොදු ස්ථානවල ගමන්කිරීමේදී සැලකිල්ලෙන් විමසිලිමත් ව ගමන්කිරීමෙන් මෙවැනි දේ සිදු වන්නෙ නෑ. එම නිසා පොදු ස්ථානවල හැසිරීමේදී පරීක්ෂාකාරීව අවට පිළිබදව හොද අවබෝදයකින් යුතුව සිටිය යුතුයි. එවිට මෙම පුද්ගලයාට සිදු වූ විපත්තිය ඔබට සිදු නොවෙනු ඇත.

Leave a Comment