local news

බේරුවල බාල වයස්කාර දැරිය මහනුවරට ගෙන ගොස් සිදු කල දේට තරුණයාට හා මවට අවසානයේ අත් වූ ඉරණම

ගැහැණු දරුවන් සිටින දෙමාපියන්ට ලොකු වගකීමක් තමයි තම දරුවන්ව ආරක්ෂා කරගැනීම. ඒ මොකද අද සමාජයේ මනස විකෘති වූ තරුණ ප්‍රජාවක් සිටින නිසයි. කුඩා දරුවෙකු තියා වැඩිහිටි කෙනෙකුට පවා පාරක තොටක ඉන්නට බැහැ. ඒ තරමටම මේ සමාජය පිරිහිලා. මිනිස්සු විවිධ සිතුවිලි ඔස්සේ තමයි සමාජය දෙස බලන්නේ. තම පියාද විශ්වාස කල නොහැකි රටක් මේක.

අතීතයේ තිබුණු සමාජය නෙමෙයි දැන් ගොඩනැගිල තියෙන්නේ. මිනිසුන් පුරුදු වෙලා තියෙන්නේ අයහපතටමයි. ඒ නිසාම තමයි මේ සමාජයේ දරුණු පුවත් අසන්නට ලැබෙන්නේ. එය අතිශයින් ඛේදවාචකයකි. පෙම් පලහිලව්වක් නිසා තම සුන්දර ජීවිතය විනාශ වුණු බාල වයස්කාර දැරියක් ගැනයි මේ කියන්න යන්නේ.

අවුරුදු 14ක් වියැති මෙම දැරිය ජංගම දුරකතනයට ආ මග හැරුණු ජංගම දුරකතන අංකයක් මගින් 32 හැවිරිදි තරුණයෙක් සමග ආදර සම්බන්ධයක් පටන් ගෙන තිබෙනවා. දෙදෙනා මාස තුනක් වැනි කෙටිකාලයක් තුළ මිතුරු වී ඇති අතර එම කාලය තුළ දෙදෙනා මුණ ගැසී නැත. එම කාලය මුළුල්ලේ දුරකතනය මගින් පැවැත් වූ සම්බන්ධතාවයෙන් පසුව මෙම තරුණයා මහනුවර දවුලුගල සිට සිය මව සමග මග්ගොන ප්‍රදේශයට පැමිණ කාමර කුලියට දෙන ස්ථානයක රාත්‍රිය ගත කර පසු දින උදෑසන එම දැරිය ඇගේ දෙමාපියන්ට හොර රහසේ සිය නිවසේ ජනේලයෙන් පැන ගොස් තිබේ.

එම දැරිය ඉකුත් විසි පස් වන දින ගොස් තරුණයාගේ නිවසට ගෙන ගොස් දූෂණය කර ඇති බවත් දැරිය පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර සිදුකළ වෛද්‍ය පරීක්ෂණයෙන් ඒ බව සනාථ වී ඇති බවට බේරුවල පොලිසිය පවසයි.

දැරිය නිවසින් අතුරුදන් වී ඇතැයි මෙම දැරියගේ දෙමව්පියන් කළ පැමිණිල්ල ඔස්සේ විමර්ශන සිදුකර බේරුවල පොලිසිය සැකකාර තරුණයා හා ඔහුගේ මව දවුලගල ප්‍රදේශයේ නිවසේදී 28 වැනි දින අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා බේරුවල පොලිසියට රැගෙන විත් ඇත.

මේ වන විටත් එම දැරිය රෝහල් ගත කර ඇති අතර ඇය බාලවයස්කාර දැරියක් බව දැන දැනත් එම අපරාධය කළ තරුණයා හා ඊට අනුබල දුන් ඔහුගේ හැත්තෑ හැවිරිදි මව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

තම දරුවන් පිලිබදව මීට වඩා දෙමාපියන් සැලකිලිමත් විය යුතුයි. ඔවුන් කරන්නේ මොනවද ඇසුරු කරන්නේ කවුද යන වග. ඉතින් ජංගම දුරකතනය අතැතිව සිටින දරුවන් පිලිබදව මීට වඩා සැලකිලිමත් වුවහොත් තම දරුවා සමාජයේ ඇති සතුරන්ගෙන් ආරක්ෂා කරගැනීමට හැකි වනවා.

Leave a Comment