local news

දැරියන් දෙදෙනෙකු ගැන බණ්ඩාරවෙලින් ඇසෙන යළිත් නෑසිය යුතු කතාවක්

නුවන් අසංක බණ්ඩාරවෙල වැවතැන්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. වයස අවුරුදු 41 ක් වන අතර ඔහු විවාහකයෙකි. දරුවන් දෙදෙනකුගේ පියෙක් වන නුවන් නුවන් බණ්ඩාරවල ප්‍රාදේශීය සභාවේ විදුලි කාර්මික අංශයට අනුයුක්තව සේවය කරයි. රැකියාවට අමතරව පාසල් බස් රථ රියදුරකු ලෙස ද ඔහු කටයුතු කරයි. ඒ ඔහුට ම අයත් බස් රථයකි.

ප්‍රදේශය තුළ ජනප්‍රිය වුවත් මොහුගේ චරිතය නම් එතරම් හොඳ එකක් වුණේ නැහැ. ඒ කාන්තා ඇසුරට මොහු දැඩි කැමැත්තක් දක්වන නිසා ය. තම බිරිඳ සහ දරුවන් ගැනවත් නොසිතා මොහු සල්ලාල ජීවිතයක් ගත කිරීමට පුරුදු වී සිටියා. ප්‍රදේශයේ සමහරු මොහු නිවස තුළට ගැනීමට වත් කැමති වුණේ නම් නැහැ. ඒ ඔහුගේ තරම මිනිසුන් හොඳින්ම දන්නා නිසයි.

වසර දහයකට පමණ පෙර දවසක් මොහු තම මවගේ සහෝදරයා එනම් මාමාගේ නිවසට ගියා. එම නිවසේ සිටියේ වයස අවුරුදු හතරක සහ නමයක කුඩා ගැහැණු ළමුන් දෙදෙනෙක්. එම කුඩා ළමුන් දෙදෙනා දුටු මෙම තිරිසන් මිනිසාගේ කාමාශාව ඇවිස්සුනා. ඉන් පසුව ඔහු නිතරම එම නිවසට පැමිණීමට පටන් ගත්තේ එම දියණියන් දෙදෙනා ගැන පහත් ආශාවක් යටි සිතේ තබා ගෙනයි. නුවන් ගේ චරිතය ගැන එම නිවැසියන් ද වටින් ගොඩින් දැන සිටියා. එක කුස උපන් සහෝදරියගේ පුතා ගෙන් තමන්ගේ දරුවන්ට කරදරයක් වේවි යැයි ඔවුන් කිසි දිනකවත් නොසිතුවා. එනිසා ඔහු නිතර දෙවේලේ නිවසට පැමිණෙනවා ට ඔවුන්ගේ විරුද්ධත්වයක් ම තිබුණා.

දිනක් එම දැරියන්ගේ පියා ඔහුට මෙලෙස පැවසුවා.
“පුතේ නැන්දයි මමයි ගමනක් යනවා එන්න ටිකක් පරක්කු වෙනවා ඔයාට පුලුවන්ද නංගිලා දෙන්නා බලාගන්න”
අයියෝ ඕක මොකක්ද මාමලා යන ගමන ගිහින් එන්න එතකම් නංගිලා දෙන්නම මම හොඳින් බලා ගන්නම් යනුවෙන් ඔහු පැවසුවා. නොසිතූ මොහොතක එම කාමාතුරයාට ලැබුණේ අනගි අවස්ථාවක්. තවත් ප්‍රමාද වෙන්න හොඳ නැහැ මගේ හිතේ තියෙන ආශාවන් අද හොඳ හැටි ඉටු කරගන්න වුණා යනුවෙන් ඔහු සිතුවා.

එලෙස සිතූ මෙම තිරිසනා අවුරුදු හතරක් සහ නමයක් වයසැති එම කුඩා දැරියන් දෙදෙනාට තම ජංගම දුරකථනයේ තිබූ අසභ්‍ය වීඩියෝ පටයන් පෙන්නුවා. කුඩා දැරියට එම වීඩියෝ පටය පිළිබඳ කිසිදු අවබෝධයක් නො තිබුණා. වයස අවුරුදු නමයේ දැරිය කුතුහලයකින් යුතුව එම වීඩියෝ පට නැරඹුවා. මේ සිදු කරන්නේ කුමක් ද කියා ඔවුන්ට තේරුම් ගැනීමට නොහැකි වුණා. වීඩියෝ පටය පෙන්වන ගමන් එම තිරිසන් මිනිසා තම කාමාශාවන් කිසි දෙයක් නොදන්නා කුඩා දරුවන් දෙදෙනාගෙන් සංසිඳුවා ගත්තා.

එතැන් පටන් විටින් විට මෙම තිරිසන් මිනිසා අවස්ථා ගණනාවකදීම එම දැරියන් දෙදෙනාව එලෙස ලිංගික අපයෝජනයට ලක් කළා. කිසිත් නොදත් එම දැරියන් දෙදෙනා ඔහුගේ ලිංගික අඩත්තේට්ටම් ඉවසාගෙන සිටියා. පසුකාලීන වුවද කුඩා දැරියන් දෙදෙනාට තමන්ට සිදුවන ලිංගික අඩත්තේට්ටම් පිළිබඳව දෙමාපියන්ට පැවසුවේ නැහැ. ඒ ඔවුන් දෙදෙනාම මෙම තිරිසන් මිනිසා බිය කර තිබූ නිසා. කාලය එලෙස ගෙවී ගියා. එම දැරියන් ලොකු මහත් වී දැන් වැඩිමහල් දැරියට අවුරුදු 19ක් වන අතර අනෙක් දැරියට අවුරුදු දාහතරක්.

වසර ගණනාවකට පසුව යළිත් දිනෙක එම තිරිසන් මිනිසා මෙම දැරියන් දෙදෙනා ගැන මෙලෙස සිතුවා.
“දැන් කෙල්ලො දෙන්නා හොඳට උස් මහත් වෙලා ඉන්නේ ලස්සනත් එක්ක. ආසාවේ බෑ. තව පාරක් ගිහින් දෙන්නම බය කරන්න ඕනා. දැන් තමයි හොදම වයස.”

ඒ අනුව දිනක් වැඩිහිටියන් නොමැති අවස්ථාවක මෙම තිරිසන් මිනිසා එම නිවසට ගියේ දැරියන් දෙදෙනා ව නැවත බියගැන්වීම ටයි.
“දන්නවනේ පොඩි කාලේ මම කරපු දේවල් අමතක වෙන්න බැහැනේ. ඒවා මම වීඩියෝ කරලා තියාගෙන ඉන්නවා. ඒ නිසා කාටවත් මේ ගැන කියන්න එපා. එහෙම කියන්න හැදුවොත් මම මේ වීඩියෝ හැමෝටම පෙන්නනවා. දන්නවනේ මගේ හැටි. ඒක නිසා උඹලා දෙන්නා මට කැමති වෙන්න ඕනා ආයෙ උඹලා දෙන්නාවම මට ඕනා.”

ඒ ඇසූ දැරියන් දෙදෙනා අධික කේන්තියෙන් යුතුව ඔහුට බැණ වැදුනා. “ඔයාට පිස්සුද පොඩි කාලේ අපි දන්නැති කමට ඔයා අපෙන් ප්‍රයෝජනය ගත්තා. ආය ඉතින් කවදාවත් ඒ වගේ ජරා වැඩ කරන්න දෙන්නේ නැහැ. එහෙම ආවොත් කරන්න ඕන දේත් අපි දන්නවා. කරුණාකරලා දැන් අපේ ගෙදර එන්න එපා. යනවා එළියට නැත්තං අපි කෑගහනවා ගමටම ඇහෙන්න”

එයට උරණ වූ මෙම තිරිසන් මිනිසා හොඳ වැඩක් කරන්නම් යනුවෙන් බැන වැදී නිවසින් පිටව ගියා. එලෙස ඔහු ගිය පසු දැරියන් දෙදෙනා යළි මෙලෙස කතාබස් කර ගත්තා. ” නංගි මේ මිනිහා ගියේ කේන්තියෙන්” “ඒක තමයි අක්කේ මොනවා කරයිද දන්නේ නැහැ ඒක තමයි මමත් කල්පනා කළේ අපි බය වෙන්න නරකයි ඔව් අපි වරදක් කරලා නැහැනේ”

හැබැයි මේ මිනිහගෙන් අපට ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ. තව දවසක එයි අපට කරදර කරන්න. මං කල්පනා කළේ අම්මට කියන්න තවත් හංගං ඉන්න බැහැනේ. සහෝදරියන් දෙදෙනා ම එකඟතාවයකට ආවා. දෙමව්පියන් එදින නිවසට පැමිණි පසු ඥාති සහෝදරයා කුඩා කල සිට සිදු කළ ලිංගික අඩන්තේට්ටම් පිළිබඳව දැරියන් පැවසුවා. ඒ ඇසූ එම දෙමව්පියන් දෙදෙනාගේ ඉහමොළ රත් වුණා. තම දරුවන් දෙදෙනාට කුමක් සිදු කර ඇත්දැයි ඔවුන්ට සිතා ගැනීමට පවා නොහැකි වුණා.

තවත් ප්‍රමාද වෙලා බැහැ. පොලීසියට ගිහින් මේ පිළිබඳව අදම පැමිණිලි කරන්න ඕනා. ඔවුන් දෙදෙනා සිතුවේ එපමණකි. ඉන් පසුව ඔවුන් තම දරු දෙදෙනා සමඟ බණ්ඩාරවෙල පොලිසියට ගියේ වසර ගණනක සිට සිදුවූ සියල්ල පවසා පැමිණිල්ලක් දමන්නටයි.

පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ බණ්ඩාරවෙල පොලිසියේ නිලධාරීහු වහාම ගොස් අදාළ සැකකරු අත්අඩංගුවට ගත්තා. එලෙස අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු පොලිස් නිලධාරීන් මුලාවේ දැමීමට සැරසුණා. එහෙත් පොලිස් නිලධාරීන් ඔහුගේ බසට රැවටුනේ නැහැ. අවසානයේ එම පාපතරයා වසර දහයක සිට විටින් විට එම දැරියන් දෙදෙනාට සිදුකළ අඩම්තේට්ටම් පිළිබඳව අකුරක් නෑර පැවසුවා.

ඒ අනුව පොලිස් නිලධාරීන් වසර දහයක සිට කුඩා දැරියන් දෙදෙනෙකු වරින්වර වර අපයෝජනය කිරීමේ චෝදනාව යටතේ මෙම සැකකරුව බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුව 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

වර්තමානයේ අප සිටින්නේ වයස් භේදයකින් තොරව සීයා මිනිබිරිය ව තාත්තා දුවව, අයියා නංගිව දූෂණය කරන කාල පරිච්ඡේදය කයි. එම නිසා සමාජයන් පුද්ගලයන් ගැන කවර කතාද. මොන තරම් ඔබ කාර්යබහුල වුවත් දෙමව්පියන් වශයෙන් තමන්ගේ දරුවන් කෙරෙහි නිරන්තරයෙන් ම අවධානයෙන් සිටිය යුතුයි. මිතුරන්ගෙන් අසල්වැසියන්ගෙන් ඥාතීන්ගෙන් නැතහොත් වෙනත් කිසිදු පාර්ශවයන්ගේ හිංසනයන්ට තම දරුවන් ගොදුරු වන නිසාය. එම නිසා එවැනි කාමාතුරයන්ගෙන් ඔබේ දරුවාව ප්‍රවේසම් කර ගතහොත් ඔබට අනාගතය ගැන සතුටු විය හැක. එවැනි පරිසර වටපිටාවක් ද තිබෙන්නේ බැව් දෙමාපියන් වශයෙන් වරක් නොව දස දහස් වාරයක් සිතිය යුතුයි.

බණ්ඩාරවෙල කොට්ඨාසයේ වැඩබලන පොලිස් අධිකාරී බී. එම්. එම්. දසනායක මහතාගේ අධීක්ෂණය යටතේ බන්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාරසිරි මහතාගේ මෙහෙයවීම යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත ගුණතිලක, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරීක්ෂක රසිකා ප්‍රසන්ති ගුනවර්ධන, උප පොලිස් පරීක්ෂක ආර්.එම්පී.බී.ඩී. පොලිස් සැරයන් කුමාරසිංහ, පොලිස් සැරයන් ආනන්ද සිල්වා, කාන්තා පොලිස් සැරයන් දර්ශනී ප්‍රියංගිකා, කාන්තා පොලිස් කොස්තාපල් දිල්රුක්ෂි යන නිලධාරීන් හා නිලධාරිනියන් විසින් මෙම සිද්ධියේ පරීක්ෂණ සිදු කළා.

Leave a Comment